ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩකයන් ජාත්‍යන්තර තරගාවලි දෙකකට එකවර පිටත්වෙයි

340
Sri Lanka Boxing team

1930 දශකයෙන් පසු ජාත්‍යන්තර තලය මත නැවතත් නමක් දිනා ගනිමින් සිටින ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් තවත් ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වීමේ සූදානමින් පසුවෙයි. ඒ “ඌලාන්බටෝර් බොක්සිං කුසලාන” තරගාවලියයි.

ජුනි 19 වැනිදා සිට 25 වැනිදා දක්වා මොන්ගෝලියාවේ ඌලාන්බටෝර් නුවර දී පැවැත්වෙන තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් තිදෙනෙකුත්, ක්‍රීඩිකාවන් තිදෙනෙකුත් සහභාගී කෙරේ. එළඹෙන අගෝස්තු මාසයේ ඉන්දුනීසියාවේ දී පැවැත්වෙන ආසියානු බොක්සිං ශූරතාවය සඳහා වන පුහුණු තරගාවලියක් ලෙස මෙය හැඳින්විය හැකි බවයි පැවසෙන්නේ.

නවක බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් නවකභාවය නිමා කරයි

අද (02) සමස්ත ලංකා ආධුනික බොක්සිං තරගාවලියේ ජයග්‍රාහී අවසන් දිනයයි..

පිරිමි අංශයෙන් දිනිඳු සපරමාදු (64kg), ඉෂාන් බණ්ඩාර (52kg) සහ තිවංක රණසිංහ (49kg) සහභාගී කෙරෙන අතර කාන්තා අංශයෙන්, අනූෂා කොඩිතුවක්කු (51kg), කේෂානි හංසිකා (57kg) සහ ක්‍රිෂ්මි ධර්මතිලක (60kg) ඌලාන්බටෝර් බලා පිටත්ව තිබේ.

පිරිමි ක්‍රීඩකයන්ගෙන් දෙදෙනෙකුම පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලීය බොක්සිං තරගාවලියේ ලෝකඩ පදක්කම්ලාභීන් වන අතර කාන්තා අංශයෙන් අනූෂා කොඩිතුවක්කු හට පොදුරාජ්‍ය මණ්ඩලීය ලෝකඩ පදක්කමක් හිමිවිය.

ඌලාන්බටෝර් බොක්සිං කුසලාන තරගාවලිය සඳහා ආසියානු රාජ්‍යයන් වන කසකස්තානය, ද. කොරියාව, තායිලන්තය, චීනය, සත්කාරක මොන්ගෝලියාව සහ ඉරානය සහභාගී වනු ඇත. පිරිමි අංශයේ තරග 49kg, 52kg, 56kg, 60kg, 64kg, 69kg, 75kg යන බරපන්තිවලින්ද, කාන්තා අංශයේ තරග 48kg, 51kg, 57kg, 60kg සහ 69kg යන බරපන්තිවලින් පැවැත්වේ.

ඒත් සමඟින්ම ජුනි 29 සිට ජූලි 07 වැනිදා දක්වා තායිලන්තයේ බැංකොක් නුවර දී පැවැත්වෙන තායිලන්ත විවෘත බොක්සිං තරගාවලියට සහභාගී වීමට පිරිමි බොක්සිං ක්‍රීඩකයන් තිදෙනා පිටත් වන අතර කාන්තා කණ්ඩායම ඉන්දුනීසියානු ජාත්‍යන්තර බොක්සිං තරගාවලිය සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වනු ඇත. ඌලාන්බටෝර්, බැංකොක් සහ මන්දා සිටි යන නගර තුනටම එකවර පිටත්වන ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ සහිතව මෙරටට පැමිණීම මෙන්ම ආසියානු තරගාවලියට හොඳ සූදානමකින් පැමිණීම ද එකවර බලාපොරොත්තු විය හැකිය.

පිරිමි කණ්ඩායමේ පුහුණුකරුවන් වශයෙන් අමිල අරවින්ද සහ මංජු වන්නිආරච්චි ද, කාන්තා කණ්ඩායමේ පුහුණුකරුවන් වශයෙන් චමිල අබේරත්න සහ රවීන්ද්‍ර වෑකඩපොල සහභාගී වේ. සාර්ථක සංචාරයන් දෙකක් නිමවන්නට අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වේවායි ThePapare.com ඔබ සමඟින් පතයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<