බංග්ලාදේශය, ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ඊයේ (15) ආරම්භ වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය හෙට (17) ඩකා හිදී පැවැත්වෙනු ඇත. මේ එම තරගාවලියට පෙර විමසුමයි.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා සිම්බාබ්වේ කණ්ඩායම් තුන අතර පැවැත්වෙන මෙම එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 7කින් සමන්විත ය. මෙම තරගාවලිය ජනවාරි 27 වැනිදා දක්වා ඩකා පිටියේ දී පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකා සංචිතයේ සුක්කානම නැවතත් මැතිව්ස්ට
ලබන සතියේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා සංචිතය අද (09) නිල වශයෙන් ප්‍රකාශ කළ අතර එම…
මුහුණට මුහුණ
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය මේ දක්වා අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 41ක දී එකිනෙකා මුණගැසී ඇති අතර, එයින් තරග 5ක ජය බංග්ලාදේශ කණ්ඩායම සතු වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 34ක් ජයග්‍රහණය කර ඇත. තවද එයින් තරග 2ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. බංග්ලාදේශය තුළ එක්දින තරග 14ක් ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාව ඒ අතුරෙන් තරග 11ක් ජයග්‍රහණය කර ඇත්තේ තරග 3ක් පරාජය වෙමිනි.
එසේම ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ පිල එක්දින තරග 55ක් ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩා කර ඇත. ඒ අතුරෙන් තරග 43ක ජය ශ්‍රී ලංකාව සතුවෙද්දී සිම්බාබ්වේ කණ්ඩායම තරග 10ක් ජයග්‍රහණය කර ඇත.
ප්‍රහාරාත්මක තරු
උපුල් තරංග

තරංගගේ ඉනිම මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාවට වැදගත්ම වන ඉනිමකි. ඔහු ශතක 15ක් අර්ධ ශතක 36ක් ලබාගෙන ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත. එසේම ඉන්දීය කණ්ඩායමට එදිරිව 29.33ක සාමාන්‍යයක් රඳවා ගෙන ලකුණු ලබාගෙන ඇත. ඔහු සිම්බාබ්වේ කණ්ඩායමට හා බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව එක්දින තරග 37කට ක්‍රීඩා කර ඇති අතර එහි දී 54.72ක් වැනි ඉහළ මට්ටමේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගැනීමට සමත්වී ඇත.
තමීම් ඉක්බාල්

තමීම් එම ලකුණු අතරට ශතක 9ක් හා අර්ධ ශතක 39ක් ලබාගෙන ඇත. එසේම ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වී වේගවත් පිතිකරණ විලාසයකට ඉක්මනින්ම මාරු වීමට හැකි සුවිශේෂී ක්‍රීඩකයෙක් ලෙස මොහුව හැදින්වීමට හැකිය.
බ්‍රෙන්ඩන් ටේලර්

ශ්‍රී ලංකාවේ පරාජයන්ට දුවද්දී දැවී යෑම් බලපෑවේ…?
මතකයේ ඇති පරිදි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබදව අතිශයින්ම කලකිරුණු කාල සීමාවක් වූයේ නම් ඒ ගෙවී ගිය 2017 වසරය යන්න විවාදයක් නැත. ඒ් තරමටම අප …
ප්‍රබල පන්දු යවන්නන්
සුරංග ලක්මාල්

ශකීබ් අල් හසන්

ටෙන්ඩායි චටාරා

මනෝ වෛද්‍ය ජෝන්සි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මනසට ඇතුළු වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනයෙන් මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රීඩා මනෝ වෛද්‍ය විශේෂඥ ෆිල් ජෝන්සි, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ …
ඩකා තණතීරුව පිටිය හා කාලගුණය
ප්‍රේක්ෂකයින් 25,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස මෙම ක්‍රීඩා පිටිය සැලසුම් කර ඇත.
2016 වර්ෂයේ ඔක්තෝබර් මාසයට පසුව මෙම පිටියේ එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. යම් හෙයකින් මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත් පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වෙයි.
තරගයේ දී ප්‍රබල සාධකයක් විය හැකි කාලගුණය පිරික්සා බැලූ විට, මෙම තරගාවලිය පුරාවටම පැහැදිලි අහසක් දිස්වනු ඇත. පැයට කිලෝමීටර් 9 සිට 16 දක්වා සුළඟේ වේගයේ විචලනය විය හැකි අතර, 17°C – 27°C වැනි පරාසයක උෂ්ණත්වයක් තිබේ.
වර්තමාන තත්ත්වය
බංග්ලාදේශ කණ්ඩායම, දැනට ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර, බංග්ලාදේශය දැනට (ජනවාරි 16) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානයේ පසුවන වේ. තවද ඔවුන් ලකුණු 3114ක් ලබාගෙන සිටින්නේ, ප්‍රසාද ලකුණු 92ක් ලබා ගෙනයි. ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීමේ 8 වන ස්ථානයේ පසුවන්නේ ලකුණු 5630ක් හා ප්‍රසාද ලකුණු 84ක් ලබා ගෙනයි. සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 2129ක් හා ප්‍රසාද ලකුණු 5ක් ලබාගෙන එම ශ්‍රේණිගත කිරීමේ 10 වන ස්ථානයේ සිටියි.
අවසන් නිගමනය
තරග ඉතිහාසය පිරික්සා බලන කළ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියේ ශූරතාවය ලබා ගැනීමට වැඩි ඉඩකඩක් තිබුනත් තරගාවලිය තුළ අඩුපාඩු හා දුර්වලතා අවම ලෙස පවත්වාගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය. බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට වැඩි ඉඩකඩක් ඇත.
සංචිතයන්
ශ්‍රී ලංකා එක්දින සංචිතය – ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් ,කුසල් ජනිත්, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, තිසර පෙරේරා, අසේල ගුණරත්න, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, දුශ්මන්ත චමීර, ශෙහාන් මදුසංක, අකිල ධනංජය.
බංග්ලාදේශ එක්දින සංචිතය – මශ්රෆ් මොර්ටාසා (නායක), ශකීබ් අල් හසන්, මුශ්ෆිකර් රහීම්, තමීම් ඉක්බාල්, ඉම්රුල් කයිස්, එනමල් හක්, නසීර් හුසේන්, සාබීර් රහමාන්, මස්ටෆයිසුර් රහමාන්, රුබෙල් හුසේන්, අබුල් හසන්, මෙහෙදි හසන්, මොහොමඩ් සයිෆුඩීන්, මොහොමඩ් මිතුන්, සුන්සාමුල් ඉස්ලාම්.
සිම්බාබ්වේ එක්දින සංචිතය – ග්‍රැහැම් ක්‍රීමර් (නායක), හැමිල්ටන් මසකඩ්සා, සොලමන් මීරේ, ක්‍රෙයිග් අර්වින්, බ්‍රෙන්ඩන් ටේලර්, සිකන්දර් රාසා, පීටර් මුවර්, මැල්කලම් වෝලර්, රයන් මූරේ, ටෙන්ඩායි චිසෝරෝ, බ්‍රෙන්ඩන් මවුටා, බෙලෙසින්ග් මුසර්බානි, ක්‍රිස් මොප්ෆු, ටෙන්ඩායි චටාරා, කයිල් ජාර්විස්.
සම්පුර්ණ තරග කාලසටහන
එක්දින තුන්කොන් ක්‍රිකට් තරගාවලිය
- ජනවාරි 15 වැනිදා බංගලාදේශය හා සිම්බාබ්වේ
- ජනවාරි 17 වැනිදා ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ
- ජනවාරි 19 වැනිදා බංගලාදේශය හා ශ්‍රී ලංකාව
- ජනවාරි 21 වැනිදා ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ
- ජනවාරි 23 වැනිදා බංගලාදේශය හා සිම්බාබ්වේ
- ජනවාරි 25 වැනිදා බංගලාදේශය හා ශ්‍රී ලංකාව
- ජනවාරි 27 වැනිදා අවසන් මහා තරගය
(ඉහත තරග සියල්ලම ඩකා පිටියේ දී පැවැත්වේ)
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















