සිම්බාබ්වේට එරෙහි ටෙස්ට් තරගයේදී ගුණතිලකට ටෙස්ට් වරම් ?

1024

ජූලි 14 වැනිදා ඇරඹෙන සිම්බාබ්වේ – ශ්‍රී ලංකා ටෙස්ට් තරගය සඳහා 14 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකාව විසින් නම් කොට ඇත. මෙය තනි ටෙස්ට් තරගයක් ඇතුළත් තරගාවලියකි.

බංගලාදේශය සමඟ නැගිටිමු!

ශ්‍රී ලාංකික ජනයාට තිබුණේ ක්‍රිකට් පිස්සුවෙන් යුත් 90 දශකයකි. තරග ඇති දිනවල රාජකාරියේ යෙදෙන අතරතුර…

ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වීමෙන් පසු ඒ තනතුරට පත්වන්නේ දිනේෂ් චන්දිමාල් ය. මෙය චන්දිමාල් ශ්‍රී ලංකාව වෙනුවෙන් නායකත්වය දරන පළමු ටෙස්ට් තරගයයි.

පිතිකරුවන් 6ක්, පන්දු යවන්නන් 5ක් සහ තුන් ඉරියව් ක්‍රීඩකයන් 3දෙනෙකුගෙන් සංචිතය සමන්විතයි. ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස් මෙවර ක්‍රීඩා කරනු ඇත්තේ පූර්ණකාලීන පිතිකරුවෙකු ලෙසයි. බංගලාදේශය සමඟ වූ ටෙස්ට් තරගාවලියට සහභාගී වූ ටෙස්ට් සංචිතයෙන් ධනංජය සිල්වා, නුවන් ප්‍රදීප්, විකුම් සංජය සහ මලින්ද පුෂ්පකුමාර යන ක්‍රීඩකයන් ඉවත්වන අතර ඒ ස්ථාන හිමිකරගන්නේ ඇන්ජලෝ මැතිව්ස්, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු සහ ධනුෂ්ක ගුණතිලක යි.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලියේ තරග 5ක දී ලකුණු 323ක් ලබාගනිමින් දක්ෂතා දැක්වූ ධනුෂ්ක ගුණතිලක නිත්‍ය ක්‍රීඩකයන් 11 දෙනා අතරට පත්වනු ඇතැයි නිගමනය කළ හැක. ඔහුගේ පළමු පෙළ ඉනිමක ලකුණු සාමාන්‍යය 31.27 වන අතර ඔහු අර්ධ කාලීන පිට දඟපන්දු යවන්නෙකුද වේ.

චමීර සහ ප්‍රනාන්දු කණ්ඩායමට එක්වන්නේ ආබාධයකට ලක්වී සිටින නුවන් ප්‍රදීප් සහ තවමත් ටෙස්ට් වරම් දිනා නැති විකුම් සංජය වෙනුවටයි. චමීර මේ වන විට ටෙස්ට් තරග 6කට සහභාගී වී ඇති අතර ඔහු සහභාගී වූ අවසන් ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 206කින් පරාජය වූයේ චමීර කඩුලු 1ක් පමණක් ලබා තිබියදී යි.

විශ්ව ප්‍රනාන්දු අවසන් වරට ටෙස්ට් තරගයකට සහභාගී වූයේ 2016 වසරේ ඕස්ට්‍රේලියාවට එරෙහිවයි. එහිදී ඔහු කඩුලු 2ක් දවාගත්තේය. ආබාධයක් නිසා මැතිව්ස් ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත්ව සිටි අතර ඔහු මෙම තරගාවලියේදී නැවතත් කණ්ඩායමකට එක්වෙයි.

සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, රංගන හේරත්, ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, අසේල ගුණරත්න, ලහිරු කුමාර, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර, ධනුෂ්ක ගුණතිලක, විශ්ව ප්‍රනාන්දු.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට