ස්ප්‍රිංබොක්ස් Six Nations යාමේ සූදානමක්

දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායම යුරෝපා Six Nations රග්බි තරගාවලිය සඳහා එක්වීමේ සූදානමකින් පසුවන බව ලොව පුරා මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මෙම තීරණය ලෝක රග්බි ක්‍රීඩාවේ රැඩිකල් තීරණයක් ලෙස ද ඔවුන් වාර්තා කර තිබේ. 

CR ක්‍රීඩකයන් අර්ධ ශතකයකින් ගුවන් හමුදාව පිළිගනියි

දෙවන අර්ධයේ සුපිරි ප්‍රහාරයෙන් ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 53 – 15 ක් ලෙස පරාජය කළ CR&FC කණ්ඩායම, 2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග්…

DailyMail පුවත්පත වාර්තා කරන ආකාරයට දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙම තරගාවලිය සඳහා සහභාගි වීමට දීර්ඝ කාලයක සිට සාකච්ඡා කරමින් සිට ඇත. ඒ අනුව මේ වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම 2024 වසරේ දී යුරෝපා රග්බි සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන Six Nations රග්බි තරගාවලිය සඳහා සහභාගි වීමේ වැඩි අවස්ථාවක් උදාවී ඇත. 

එම පුවත්පත මේ බව වාර්තා කරමින් පවසා සිටියේ “සියල්ල අවශ්‍ය ලෙස සිදු කෙරෙමින් පවතින” බවයි. මෙම ප්‍රවෘත්තිය ලොව පුරා මාධ්‍ය වල දැඩි අවධානයට ලක්ව තිබිණි. 

දකුණු අප්‍රිකාවේ මෙම තීරණයත් සමඟින් ඉතාලි කණ්ඩායමට එම Six Nations තරගාවලියෙන් ඉවත් වීමට සිදු වේ දැයි බොහෝ දෙනා ප්‍රශ්න කර තිබූ අතර Dailymail පුවත්පත වාර්තා කර තිබුණේ ඉතාලි කණ්ඩායම ඉවත් කිරීමෙන් තොරව එම තරගාවලිය රටවල් 7ක සහභාගිත්වයෙන් සිදු කිරීමට මේ වන විට තීරණය කර ඇති බවයි. 

කණ්ඩායම් 7ක සහභාගිත්වය ජාත්‍යන්තර රග්බි කාලසටහනට විශාල බලපෑමක් සිදු කරන අතර එම තරගාවලිය පැවැත්වෙන ආකාරය තවමත් නිශ්චිතව තීරණය කර නොමැත. 

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී පැවති ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් තරගයේ දී එංගලන්තය ලකුණු 32-12ක් ලෙස පරාජය කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. 

ලෝක ශූර දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙම තරගාවලිය සඳහා ඇතුළත් කරගැනීම යුරෝපා කණ්ඩායම්වලට ප්‍රබල අභියෝගයක් වනු ඇත. කෙසේ වෙතත් මෙම ඇතුළත් කරගැනීම තවමත් නිල වශයෙන් තහවුරු කර නැත. ආරංචි මාර්ග පවසන ආකාරයට දකුණු අප්‍රිකානු කණ්ඩායම 2024 වසරේ දී මෙම තරගාවලිය සඳහා එක්වීමට නියමිතය. 

නව පණක් ලැබූ නාවිකයෝ පොලිසිය හඬවයි

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අද (2) පැවති තරගයකින් පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 44-24ක් ලෙස පරාජය කරන්නට..

දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වන විට දකුණු අර්ධගෝලීය කණ්ඩායම් වන නවසීලන්තය, ඕස්ට්‍රේලියාව හා ආර්ජන්ටිනාව සමඟින් Rugby Championship තරගාවලිය සඳහා ක්‍රීඩා කරයි. 

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සමුගැනීම එම තරගාවලියට විශාල බලපෑමක් එල්ල කරයි. දකුණු අප්‍රිකානු කණ්ඩායම නිල වශයෙන් මෙම තරගාවලියෙන් ඉවත්වුවහොත් Rugby Championship තරගාවලිය සඳහා ජපාන කණ්ඩායම ඇතුළත් කරගැනීමේ විශාල ඉඩක් පවතී. 

ජපානය සත්කාරකත්වය දැරූ පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දී ඔවුන් ජාත්‍යන්තර තරගාවලි සඳහා සුදුසුකම් ලබා ඇති බවට විදහා දැක්වීමට සමත් වූ අතර ඔවුන් ප්‍රබල අයර්ලන්තය හා ස්කොට්ලන්තය හමුවේ ජයග්‍රහණ ලබාගනිමින් මූලික වටය අපරාජිතව නිමා කිරීමට සමත් විය. 

පසුගිය මාස කීපය තුල දී ජපානය හා ෆීජි කණ්ඩායම් Six Nations තරගාවලිය සඳහා එක්කරගන්නා බවට ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණ ද, Dailymail පුවත්පත වාර්තා කර තිබුණේ එම වාර්තා තවමත් තහවුරු වී නොමැති බවයි. 

මහනුවර ක්‍රීඩකයෝ CH සිහින කුඩුපට්ටම් කරති

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ නවවැනි සතියේ තවත් තරගයක් මහනුවර ක්‍රීඩා සමාජය සහ CH&FC කණ්ඩායම අතර …

දකුණු අප්‍රිකාව මෙම තරගාවලිය සඳහා සහභාගි වුවහොත් එය යුරෝපයේ සහ ඔවුන්ගේ මව්බිමෙහි රූපවාහිනී අයිතිවාසිකම්වල වටිනාකම වැඩි කරනු ඇත. රග්බි, සැටලයිට් රූපවාහිනිය වෙත ගෙන යාමට රූපවාහිනී ආයතන උනන්දුවක් දක්වන අතර, ස්ප්‍රිංබොක්ස් ඔවුන්ගේ වෙළඳපොළට ආකර්ෂණීය නව නිෂ්පාදනයක් ලබා දෙනු ඇත.

ලෝක රග්බි තරගාවලි අර්ධ ගෝලීය කණ්ඩායම් ලෙස වර්ගීකරණය වී පැවති අතර දකුණු අප්‍රිකාවේ මෙම තීරණය එම වර්ගීකරණයට බලපෑමක් එල්ල කරනු ඇත. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්‍රීඩකයන් ද කීපවරක් මෙම Six Nations තරගාවලියට සහභාගි වීමේ බලාපොරොත්තු පිළිබඳව අදහස් දක්වා තිබුණි. එයට හේතුව වන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක් යුරෝපයේ ක්‍රීඩා සමාජ සමඟින් ක්‍රීඩා කිරීමයි. 

දකුණු අප්‍රිකාව යුරෝපයේ ලීග් තරගාවලිය වන Pro14 තරගාවලිය සඳහා කණ්ඩායම් දෙකක් මේ වන විටත් ඇතුළත් කර ඇත. එයට අයර්ලන්තය, වේල්සය, ස්කොට්ලන්තය හා ඉතාලිය නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගි වේ. 

කෙසේ වෙතත් Dailymail පුවත්පත වාර්තා කළ මෙම ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් Six Nations සංවිධායකයන් හෝ දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ දක්වා නිල ප්‍රකාශයක් සිදුකර නොමැත. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<