ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයන්ගෙන් වඩාත් පරිණත ක්‍රීඩකයාගේ ආවේශය කිසිදු බලවේගයකට නතර කිරීමට නොහැකි බැව් නැවත වතාවක් සනාථ කරමින් අද (02) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී අවසන් වූ අවසාන මහා තරගයේ දී උපුල් තරංගගේ දැවැන්ත ඉනිම හේතුවෙන් දඹුලු ක්‍රීඩකයෝ පරාජය කරමින් කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරීමට කොළඹ ක්‍රීඩකයෝ සමත් වුනා.
සම්මුගේ පෙරළිය නැවතූ උදාන ඇතුළු දඔුල්ලට ජය
ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හදුන්වා දුන් “SLC T20” ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ඊයේ (30) මහනුවර…
33 හැවිරිදි උපුල් තරංග තරගාවලියේ අවසාන මහා තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියේ පන්දු 55කට මුහුණ දී නොදැවී ලකුණු 104ක් ලබා ගනිමින්. ඔහුගේ මේ දැවැන්ත ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 9ක් ඇතුලත් වුනා. ඔහු අද රැස් කළේ මෙම තරගාවලියේ ඔහු විසින් වාර්තා කළ දෙවැනි ශතකයයි.
උපුල් තරංගගේ මෙම ඉනිම නතර කිරීමට ප්‍රතිවාදී නායකයා පන්දු යවන්නෝ 8 දෙනෙක් උපයෝගී කර ගත්ත ද, එම ඉනිම නතර කිරීමට කිසිවෙකුත් සමත් වූයේ නැහැ. තරගය අවසාන වූයේ කොළඹ ක්‍රීඩකයන්ගේ ඉනිමේ තවත් පන්දු 10ක් ඉතිරිව තිබිය දී.
තරංග සමඟින් සිව්වැනි කඩුල්ලට එක් වූ ෂෙහාන් ජයසූරිය තම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අනගි සහයෝගයක් දැක්වූවා. ඔහු තරගය ජයග්‍රහණයෙන් නතර වන විට පන්දු 22කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 35ක් ලබා සිටියා. ඔහු සහ තරංග අතර සිව්වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු සබඳතාව ලකුණු 90ක්.
හඹා යන ඉලක්ක ගත ඉනිමේ ආරම්භය ද එතරම්ම සාර්ථක වූයේ නැත. ඉනිමේ දෙවැනි පන්දු වාරයේ දී 20 හැවිරිදි යොවුන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 2කට දැවී ගියා. ඔහු මුහුණ දුන්නේ පන්දු 7කට පමණයි.
දෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක උපුල් තරංග සහ ලහිරු මධුශංක එක්ව ලකුණු 38ක සබඳතාවක් එක් කළා. ලහිරු ඩිල්රුවන්ගේ පන්දුවකට දැවී යන විට කොළඹ ලකුණු පුවරුව 41 නැවතී තිබුණා. ඒ වෙද්දී පන්දු 12කට මුහුණ දී හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ලබා සිටියා.
දසුන් සහ චරිත් මහනුවර ක්‍රීඩකයන් සලිත කරයි
අනෙකුත් ක්‍රීඩකයන් අඩු ලකුණු සංඛ්‍යාවකට තම කඩුලු පුද දෙමින් පිටියෙන් ඉවත් වෙද්දී තම නායකයා සමඟ එකතු වෙමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමට දසුන් ශානක….
එම කඩුල්ල අහිමි වීමත් සමඟින් පිටියට පිවිසි ප්‍රියමාල් පෙරේරාට ද කොළඹ කණ්ඩායම වෙනුවෙන් විශාල මෙහෙයක් කිරීමට නොහැකි වුනා. ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 12ක්. පන්දු 14ක දී වාර්තා වූ එම ඉනිමට කිසිදු සීමා ලකුණක් වාර්තා වූයේ නැහැ. ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3කට ලකුණු 77ක් ලෙසින්.
කොළඹ ඉනිමේ දැවී ගිය කඩුලු 3 අමිල අපෝන්සු, ඩිල්රුවන් පෙරේරා සහ ඉසුරු උදාන අතර බෙදී ගියා.
නිත්‍ය නායකයන් අමතක කර දමමින් අද තරගයේ දී කොළඹ කණ්ඩායම උපුල් තරංග විසින් ද දඹුල්ල කණ්ඩායම ඉසුරු උදාන විසින් ද මෙහෙයවූවා.
ඒ අනුව ආරම්භ වූ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 163ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් කොළඹ ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 167ක් ලබා ගත්තා. ඒ පන්දු වාර 18.2ක් අවසානයේ දී.
කාසියේ වාසිය දිනූ දඹුලු නායකයාගේ තීරණය වූයේ පළමුවෙන් පන්දුවට පහර දීමයි. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ රමිත් රඹුක්වැල්ලයි. ඔහු පන්දු 40ක දී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තා.
සුපුරුදු ලෙසින්ම දඹුලු කණ්ඩායම වෙනුවෙන් ආරම්භක කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසියේ ධනුෂ්ක ගුණතිලක සහ රමිත රඹුක්වැල්ලයි. පෙර තරගවල දී ලකුණු අතර සිටිය ද අද තරගයේ දී ධනුෂ්කට එතරම් සේවයක් තම කණ්ඩායම වෙනුවෙන් ලබා දීමට හැකි වූයේ නැහැ. ඔහු තරගයේ තෙවැනි පන්දු වාරයේ දී ලකුණු 2ක් ලබා සිටිය දී දැවී ගියා. ඒ වෙද්දීත් දඹුලු ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 2ක් ලෙසින්.
එම පන්දු වාරයේ දී ම අවසන් පන්දුවේ දී ඩිල්රුවන් පෙරේරාගේ ඉනිම ද අවසන් කිරීමට ප්‍රතිවාදීන් සමත් වුනා. ඩිල්රුවන් පන්දු 2කට මුහුණ දී හයේ පහරක් සමඟින් ලකුණු 6ක් ලබා සිටියා. රමිත් සහ සධීර සමරවික්‍රම අතර තෙවැනි කඩුල්ලට එක්වූ ලකුණු සංඛ්‍යාව 27ක්. තෙවැනි කඩුල්ල ලකුණු 40 දී දඹුලු ක්‍රීඩකයන්ගෙන් අහිමි වෙද්දී සධීර ලකුණු 10කට දැවී ගියා.
තරගාවලියේ ශතකලාභී අශාන් ප්‍රියංජන් අද තරගයේ දී මන්දගාමී ඉනිමක නිරත වුනා. ඔහු රමිත් සමඟ එකතු වෙමින් සිව්වැනි කඩුල්ලට ලකුණු 44ක සබඳතාවක් එක් කළා. ප්‍රියංජන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 09ක්. ඊට පන්දු 13ක් වැය කර තිබූ අතර හතරේ පහරක් ද ඇතුලත් වුනා. තිසර පෙරේරාට ද අද කණ්ඩායමක් වෙනුවෙන් වැඩි බරක් කර තැබීමට නොහැකි වූනා. ඔහුගේ ඉනිම ලකුණු 4කට සීමා වුනා.
දඹුලු ඉනිම කඩුලු 6කට ලකුණු 100ක් වෙමින් අසරණ තත්ත්වයේ තිබිය දී තරගකාරී ලකුණු ප්‍රමාණයක් ලකුණු පුවරුවේ රැඳවූයේ හසිත බෝයගොඩ සහ වනිඳු හසරංග යි. ඔවුන් දෙදෙනා එක්ව ලකුණු 59ක සබඳතාවක් එක් කළා. 19 හැවිරිදි දකුණත් පිතිකරු හසිත බෝයගොඩ පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තා.
දීර්ඝ විරාමයකට පසු ලසිත් මාලිංග නැවතත් කැඳවයි
වසරක විරාමයකට පසු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවන්නට ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුව තීරණය කර තිබේ.
වනිඳු ලබාගත් ලකුණු ප්‍රමාණය 22ක්. ඔහුගේ ඉනිම පන්දු 18කින් සමන්විත වූ අතර හතරේ පහර 2ක් ඊට ඇතුලත් වුනා. ඉනිම නිමා වන විට ඉසුරු උදාන (00) සහ ෂෙහාන් මධුශංක (04) නොදැවී පිටියේ රැඳී සිටියා.
පන්දු යැවීමේ දී අකිල දනංජය සහ ජීවන් මෙන්ඩිස් කඩුලු 2 බැගින් දවා ගත් අතර සම්මු අශාන් සහ කමිඳු මෙන්ඩිස් කඩුල්ල බැගින් දවා ගත්තා.
දඹුල්ල; කඩුලු 8ක් දැවී 163 (20.0): රමිත රඹුක්වැල්ල 57, හසිත බෝයගොඩ 40, වනිඳු හසරංග ද සිල්වා 22, අකිල දනංජය 2/37, ජීවන් මෙන්ඩිස් 2/27
කොළඹ; කඩුලු 3ක් දැවී 167 (18.2): උපුල් තරංග නොදැවී 104, ෂෙහාන් ජයසූරිය නොදැවී 35
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















