විනිසුරුට පහරදුන් ජාවාලේන් ක්‍රීඩකයන්ට එරෙහිව විනිසිරුවන් වැඩ වර්ජනයක

128

ජාවාලේන් ක්‍රීඩකයන් විනිශ්‍ය මොහොමඩ් ඉර්ශාන් හා තවත් නිලධාරීන් කීප දෙනෙකුට පහර දෙනු ලැබූයේ විනිසුරු කරු විසින් ලබා දුන් දඩුවම් පහරක් හේතු කොට ගෙන ය.

ජාවාලේන් කණ්ඩායම හා නන්දිමිත්‍ර ක්‍රීඩා සමාජය අතර කොළඹ සිටි පාපන්දු පිටියේ පැවති ඩයලොග් චැම්පියන්ස් ලීග පාපන්දු තරගයේදී මෙම ගැටුම හට ගැනුනි. තරගයේ 72වැනි මිනිත්තුවෙදි ජාවාලේන් හි ගෝල රකින්නා දම්මික සෙනරත් විසින් එල්ල කල පහරකින් නන්දිමිත්‍ර ක්‍රීඩකයෙකුගේ පාදයට බරපතල තුවාල සිදු විය. මෙම සිදුවීම වන විට නන්දිමිත්‍ර කණ්ඩායම තරගයේ 52වන මිනිත්තුවේදී ලබා ගත් ගෝලය නිසාවෙන් ලකුණු 1-0ක් ලෙස ඉදිරියෙන් සිටියේය.

විනිශ්‍යකරු දඩුවම් පහර නියම කරනවාත් සමගම අනතුරු ඇගවීම දක්වන්නට කලියෙන් ජාවාලේන් ක්‍රීඩකයන් ක්‍රියාත්මක විය.

“ජාවාලේන් ක්‍රීඩකයන් වන මාධව රුවන්සිරි (අංක:18), මැක්සි ලෙටර්න් (අංක:12) සහ අංක:17 මාව තල්ලු කරමින් අසභ්‍ය වචන වලින් මට බනින්නට හා තර්ජනය කරන්නට පටන් ගත්තා. මැක්සී එදා ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් නෙමේයි. ඒගොල්ලෝ මාව භාගයක් දුර තල්ලු කර ගෙන ගිහින් ඔලුවට හයියෙන් ගැහුවා” විනිශ්‍ය ඉර්ශාන් පපරේ කණ්ඩායමට ප්‍රකාශ කර සිටියේය.

“තත්වය භයානක වෙන බව තේරුනේ ප්‍රෙක්ශකයන් වැටෙන් පැනගෙන පිට්ටනියට පැනපු වේලාවෙදිය. මමත් තවත් නිලධාරීන් කීප දෙනෙකුත් ක්‍රීඩාගාරය ඇතුලට දුවගෙන ගියේ ප්‍රෙක්ශකයන්ගේ හා ක්‍රීඩකයන්ගේ ගල් මුල් ප්‍රහාර මධ්‍යයේය”. ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටියේය. 

“අපි ඇතුලට ගිහින් පොලීසියට කෝල් කරන වේලාව වෙනකන් තරගයට කිසිම ආරක්ශක නිලධාරියෙක් හිටියේ නැහැ. පොලීසියට එන්නත් පැයක් විතර ගියා, කළබලය අඩු වෙන්නටත් තව පැය දෙකක් විතර ගත වුනා. මේවගේ සිදුවීම් දැන් ගොඩක් බහුලයි. කමිටුව නිසි ලෙස නීති ක්‍රියාත්මක කරන්නේ නැහැ. තිහාරියේදී සිදු වුනෙත් මෙවැනිම දෙයක්”. ඉර්ශාන් වැඩ් දුරටත් ප්‍රකාශ කර සිටියේය.

මෙම සිදුවීම නිසාවෙන් සියළු විනිශ්‍යකරුවන් තීරණය කර සිටියේ මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියා මාර්ගයක් ගන්නා තුරු සියළු විනිශ්‍ය කටයුතු වලින් ඈත්ව සිටින බවය. මෙම තීරණය හේතු කොට ගෙන ඉරිදාට යෙදී තිබුනු චැම්පියන්ස් ලීග තරගාවලියද දින නියමයක් තොරව කල් යවන්නට සිදු විය. 

විනිශ්‍යකරුවන්ගේ සභාපති තුමන් වන මහසෙන් යාපා මහතාද ප්‍රකාශ කර සිටියේ මෙවැනි සිදුවීම් සිදුවීම වැලැක්වීමට පාපන්දු සම්මේලනය කිසිදු පියවරක් රැගෙන නොමැති බවය.

“අපි අද (සදුදා) රැස් වෙන්නේ මෙම කාරණය සාකච්චා කිරීමටමයි. ක්‍රීඩකයන්ගේ වගකීම වෙන්නේ මනා සංයමයකින් හැසිරීමයි. ජාවාලේන් ක්‍රීඩකයන් ඔවුන්ගේ ප්‍රෙක්ශකයන් උසි ගැන්වීම නිසාවෙන් සිද්ධිය බොහෝ සෙයින් දුර දිග ගියා. මෙය ඉතාමත් බරපතල කාරණයක්, මොකද මෙයට සම්බන්ධ එක් ක්‍රීඩයෙක් අතින් ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයෙකුගේ කකුලේ අස්තියක් බිදී බරපතල තුවාල සිදුවූ නිසා.” යාපා තව දුරටත් ප්‍රකාශ කර සිටියේය.

ද පපරේ හට අදහස් දැක්වූ මොහොමඩ් ජස්වාර් පැවසූයේ, 

“මම මෙම සිද්ධිය ගැන දැනගෙන හිටියේ නැහැ, මේ සිදුවීම සිදුවෙන අවස්ථාවෙදී මම කොළඹ සිටියේත් නැහැ. මම අද දින පාපන්දු සම්මේලනයේ නිළධාරීන් හමුවී මෙම ප්‍රශ්නය පිළිබදව සාකච්චා කිරීමෙන් පසු කඩිනම් විසදුමක් ලබා දීමට බලාපොරොත්තු වනවා.”