පල්ලෙකැලේට සුපිරි පුහුණු මධ්‍යස්ථානයක්

464
பயிற்சி நிலைய அங்குரார்ப்பண நிகழ்வில் மெதிவ்ஸ்

උසස් මට්ටමේ නව යෝග්‍යතා මධ්‍යස්ථානයක් නව යෝග්‍යතා පුහුණු ගොඩනැගිල්ල ඊයේ (9) මහනුවර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දී විවෘත කරන ලදි.

නව මධ්‍යස්ථානය තුල දැල් වලින් ආවරණය කරන ලද, පුහුණු තණ තීරු 6ක් අන්තර්ගත කර ඇති අතර, සඳහා වෙන වෙනම ම ආවරණය වන ලෙස සුවිශේෂී වූ ආලෝක පද්ධතියක් ද අන්තර්ගත කර ඇත. එසේම ගෘහස්ථ ක්‍රීඩාගාරයක ඇති පහසුකම් වලින් ද සපිරි මෙම ස්ථානය ශූරයින්ගේ කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු උදෙසා භාවිතයට ගත හැකි ලෙස කඩිනමින් සංවර්ධනය කර ඇත.

මහේල ජයවර්ධන ලැන්කෂයර් ප්‍රාන්තය සමඟ ගිවිසුම්ගත වෙයි

එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත “NatWest T20 බ්ලාස්ට්” විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික සුපිරි පිතිකරු මහේල ජයවර්ධනගේ සේවය…

18451442_1526311814109045_2014588723951070763_oශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙවැනි මධ්‍යස්ථාන හතරක් පළාත් මට්ටමින්, දිවයින පුරාම ආවරණය වන පරිදි නිර්මාණය කිරීමට අවශ්‍ය ව ඇති අතර, සඳහා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය, කොළඹ ආර්.ප්‍රේමදාස පිටිය, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය හා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තෝරා ගෙන ඇත. එහි මුල් අඩිතාලම ලෙස පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේ දී විවෘත වූ මෙම යෝග්‍යතා මධ්‍යස්ථානය සැලකිය හැකියි.

මෙම යෝග්‍යතා මධ්‍යස්ථානයේ පළමු අදියරේ වැඩ කටයුතු මේ වන විට සම්පූර්ණ කර ඇති අතර, මෙය සඳහා නවීන තාක්ෂණය හැකි උපරිමයෙන් භාවිතා කරමින් සැලසුම් නිමවා ඇත. ප්‍රතිසංවිධාන හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක්, පිහිනුම් තටාකයක් හා නවාතැන් පහසුකම් හා ඉදිරියේ දී මෙයට අන්තර්ගත වනු ඇත.

උත්සව අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් ද එක්ව සිටියේය.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ගොස්, එහි දී ආගමික වතාවත් වලට , සම්බන්ධ වී ආශීර්වාද ලබා ගැනීමට සිදු කළේය.

මෙවැනි වූ නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ  සුපිරි පහසුකම් හැකි උපරිමයෙන් ලබා දෙමින් හා ක්‍රීඩකයින්ගේ කායික, ආධ්‍යාත්මික හා මානසික සුවය වැඩි දියුණු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගන්නා වෙහෙස මහන්සියේ ප්‍රතිඵල ඉක්මනින් ම සුවහසක් ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන්ට දැක බලා ගන්නට හැකි වේවායි ThePapare.com අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට