එළඹෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් නවීකරණය වන කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වත්මන් තත්වය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් මාධ්‍යවේදීන්ට ක්‍රීඩාංගණය දැක බලා ගැනීමේ අවස්ථාවක් ඊයේ (02) හිමි වුනා.
ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කළ මෙම අවස්ථාව මගින් මෙවර ලෝක කුසලානය සඳහා ක්‍රීඩාංගණය අලුත්වැඩියා කළ අන්දම සහ ඒ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට මෙන්ම, දැක බලා ගැනීමේ අවස්ථාව ද උදා වී තිබුණා.
මෙහි දී SSC පිටියේ සිදු වන සුවිශේෂිතම කටයුත්ත ලෙස නව Floodlight පද්ධතිය හඳුන්වා දිය හැකි.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නව LED තාක්ෂණය සමඟ සමගාමී වෙමින් ඉදි කෙරන මෙම Floodlight පද්ධතිය මගින් ලබා දෙන ආලෝකය ක්‍රීඩකයින්ට මෙන්ම, ක්‍රීඩා පිටියෙන් පිටත නරඹන්නන් ලෙස සිටින ඕනෑම අයකුට ද ඉතා පැහැදිලි දසුන් නැරඹීමට හේතුවක් වනු ඇති.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
LED Floodlights 630ක් මෙහි දී ක්‍රීඩාංගණය වටා කුලුණු 6ක් තුළ සවි වන අතර, මෙමගින් මුළු ක්‍රීඩාංගණය පුරාවට ඒකාකාරී ආලෝක විහිදුමක් ලබා දෙමින්, අනවශ්‍ය දීප්තිය සහ සෙවණැලි අවම කිරීම සිදු කරනු ඇති.
මීට අමතරව සිදු වන අනෙකුත් නවීකරණය කිරීම්;
1.ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල ලෙස ක්‍රීඩාගාරය (Dressing Rooms) නවීකරණය කිරීම.
- 2. තරග විනිසුරු, තරග තීරක ඇතුළු නිලධාරි මඩුල්ල වෙනුවෙන් නව කාර්යාල පද්ධතියක් නිර්මාණය කිරීම.
- 3. තරග විස්තර විචාරක කුටීර සහ විකාශන පාලන කාමරය (Broadcast Control Rooms) නවීකරණය කිරීම.
- 4. VIP ප්‍රේක්ෂක කුටි අලුතින් ඉදි කිරීම.
මේ අයුරින් නවීකරණය වන SSC ක්‍රීඩාංගණය විසින් මෙවර ලෝක කුසලානයේ තරග 5කට සත්කාරකත්වය ලබ දීමට සූදානමින් සිටිනවා. එමෙන්ම ඉන් පළමු තරගය එළඹෙන පෙබරවාරි 07 වැනි දා පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර පැවැත්වීමට නියමිතයි.
විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















