සර් ක්ලයිව් වුඩ්වෝර්ඩ්ගෙන් ෆීජි හා සැමෝවාට දොස්

75

ලෝක කුසලානය දිනූ පුහුණුකරුවෙකු වන සර් ක්ලයිව් වුඩ්වෝර්ඩ්, සර් Bill Beaumontට ලෝක රග්බි මුල්පුටුව පත් වීමට සහය දුන් නිසා ෆීජි හා සැමෝවා රාජ්‍යයන්ට දොස් පවරා තිබෙනවා. 

රග්බි ලෝකයේ ඉතා ප්‍රබල චරිතයක් වන සර් ක්ලයිව් ඩේලි මේල් වෙත ලිපියක් ලියමින් සික්ස් නේෂන්ස් තරගාවලියට සහභාගී වන රටවල් හයට ද දොස් පවරා තිබුණේ රග්බි ක්‍රීඩාවේ ඉදිරිය ගැන නොසිතමින් ඔවුන් Beaumont හට සහය දුන්නා යැයි පවසමිනුයි.  

රග්බි ගොඩනගන සැලසුම් ගැන Agustin Pichot කතා කරයි

වසර 4කට වරක් පැවැත්වෙන ලෝක රග්බි සම්මේලනයේ මුල් පුටුව සඳහා වන ඡන්ද …………….

එංගලන්තය 2003 වසරේ රග්බි ලෝක ශූරයින් කරන්නට සර් ක්ලයිව් පුහුණුකරුවෙකු ලෙස විශාල සේවයක් ඉටු කළා. ඔහු පෙන්වා දුන්නේ Beaumont ඡන්ද 23/28ක් ලෙස ජයග්‍රහණය කළත්, ඔහු ඇත්ත වශයෙන්ම ජයග්‍රහණය කරන්නට ඉඩ තිබුණේ එක් ඡන්දයකින් බවයි.

පළමු මට්ටමේ සාමාජිකයින් වන සික්ස් නේෂන්ස් රටවල්වලට ඡන්ද තුනක බලය හිමි වන අතර සර් ක්ලයිව් පවසා තිබුණේ “මෑත කාලයේ එතරම් දක්ෂතා නොදැක්වූ ඉතාලිය අනෙක් පැත්තට ඡන්දය නොදුන්නා නම් Agustín Pichot ජයග්‍රහණය කරන්නට තිබුණා” කියායි.

“එමනිසා ඔවුන්ට පළමු මට්ටමේ කණ්ඩායම් සමඟ තරග ලැබෙනවා අඩුයි කියලා ඔවුන් පැමිණිලි කළොත් අපි ඔවුන්ට දක්වන අනුකම්පාවත් අඩු වේවි. පැසිෆික් දූපත් කණ්ඩායම්වල හොඳම ක්‍රීඩකයින් වෙනත් රටවල් උදුරා ගත්තත් එහෙමයි. අපි ඔවුන්ට දක්වන අනුකම්පාව අඩු වෙයි.” සර් ක්ලයිව් ෆීජි පිළිබඳ සටහන් තබා තිබුණා.

“ට්විකන්හැම් ක්‍රීඩා පිටියේ ප්‍රේක්ෂකයින් 80,000ක් ඉදිරියේ එංගලන්තය සමඟ ක්‍රීඩා කරන කොට, රග්බි පාපන්දු සංගමයට යූරෝ මිලියන 14ක් හම්බෙනකොට, ඒ රටවල ක්‍රීඩකයින්ට තමන්ගේ රටවල සංගම්වලින් අහන්න පුළුවන් ඇයි අපට සතයක්වත් නොලැබෙන්නේ කියලා.”

වුඩ්වෝර්ඩ් තවදුරටත් පවසා සිටියේ සික්ස් නේෂන්ස් රටවල්වලින් Pichot හමුවී ඔහුගේ සැලසුම් හා යෝජනා සාකච්ඡා කළේ වේල්සය පමණක් වීම ඉතා කණගාටුදායක බවයි.

“අනෙක් සික්ස් නේෂන්ස් රටවල් ක්‍රීඩාවේ ඉදිරිය ගැන නොසිතමින් ක්‍රීඩාව පහළ දැමුවා. ඔවුන් ප්‍රසිද්ධව විවාදයක් දියත් කළේ නැහැ. ඔවුන් ඔවුන්ගේ ආර්ථික බලාපොරොත්තු ගැන පමණයි සිතුවේ.”

“ඔවුන්ට අවශ්‍ය නැහැ ක්‍රීඩාව පුළුල්ව ව්‍යාප්ත වෙනවා දකින්න. ඔවුන්ට අවශ්‍ය නැහැ සික්ස් නේෂන්ස් තත්වයෙන් පහළට වැටෙන්න. ඔවුන්ට අවශ්‍ය නැහැ එහි ප්‍රජාතන්ත්‍රවාදයක් ආරක්ෂා කරන්න.”

“ඔවුන්ට අවශ්‍ය නැහැ ඔවුන්ට හිමි පළමු ස්ථානයට තර්ජනයක් එල්ල වෙනවා දකින්න, මේ මොනෝපොලි ක්‍රීඩාවට තිතක් තබන තුරු රග්බි ක්‍රීඩාවට කිසිදු දියුණුවක් නැහැ.”

රග්බි ක්‍රීඩාවේ ආර්ථික මට්ටම COVID-19 ව්‍යාප්තිය නිසා පහළ වැටෙන මෙවන් අවස්ථාවක රග්බි ක්‍රීඩාවේ ප්‍රධාන රටවල් උතුර හා දකුණ ලෙස බෙදී සිටීම පිළිබඳව වුඩ්වෝර්ඩ් සිය අප්‍රසාදය පළ කළා. 

“මේ බෙදීම ඇඟට හොඳ නැහැ. රග්බි ක්‍රීඩාවේ ප්‍රධාන රටවල් එකමුතු ලෙස සිතන්නේ නැහැ. අනෙක් අයට ඇතුළත් වෙන්න ඉඩ දෙන්න හෝ ක්‍රීඩාව දියුණු කරන්නට ඔවුන්ගේ බලාපොරොත්තුවක් නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ රග්බි ක්‍රීඩාව එන්න එන්න කුඩා වෙනවා. තරගකාරී ලෙස ක්‍රීඩා කරන රටවල් ගණන එන්න එන්න අඩුවෙනවා.”

ලෝක රග්බි මුල් පුටු ගැටුම ඉතාමත් උණුසුම් වෙයි!

පසුගිය සිව් වසර තුළ, ලෝක රග්බි ක්‍රීඩාවේ ප්‍රධානියා වූයේ හිටපු එංගලන්ත 2nd Row …………

ලෝකයේ රග්බි ක්‍රීඩාවේ පැවැත්මට දැඩි අර්බුදයක් ඇති වී තිබෙන බව ද ඔහු පවසා සිටිනවා. “COVID-19 වයිරසය නිසා ඇති වන බලපෑම ඉතා විශාලයි. රග්බි ක්‍රීඩාවේ ආර්ථික වශයෙන් ඉතා අස්ථාවර වෙන්නට ඉඩ තිබෙනවා.”

“එංගලන්තය හා ප්‍රශ්න පමණක් වෙන්න පුළුවන් ආර්ථික අර්බුදයෙන් ගැලවෙන්නේ. මට පෙනෙනවා ඒ රටවල් දෙක දිනෙන් දින ශක්තිමත් වෙද්දී අනෙක් රටවල් දරුණු ලෙස පහළට වැටෙනවා.”

ප්‍රධාන රටවලට පමණක් මහත් බලයක් හිමි වන ක්‍රමවේදය වුඩ්වෝර්ඩ් ප්‍රශ්න කර සිටියා. ඉතාලියට ඡන්ද තුනක් හිමි වන අතර ෆීජි හා සැමෝවා හට එක් ඡන්දයක් ද ටොංගා හට කිසිදු ඡන්දයක් ද හිමි නොවීම ඔහුගේ අප්‍රසාදයට හේතු වී තිබෙනවා.

“මට විශ්වාස නැහැ ලෝක රග්බි කියලා අනුකරණය කරන සංගමයක් ද මේ ඉන්නේ කියලා. වසර 100කට ආසන්න කාලයක් මෙහෙම්මයි මේ පද්ධතිය ක්‍රියාත්මක වුනේ.”

“මට අවශ්‍ය වුනා නැවුම් රග්බි ක්‍රීඩාවක බලාපොරොත්තු සමඟ උදෑසන අවදි වෙන්න. නිර්භීත නව ලෝකයක්. නමුත් දැන් තියෙන්නේ පරණ රග්බි ලෝකයමයි. හොඳ අවස්ථාවක් අපට මඟ හැරුණා.”

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<