තුශාල් මදුසංක සුපිරි පන්දු යැවීම

438

පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම්කාරී බව නොඅඩුව විඳගන්නට ලැබෙන මෙම මාසය තුල එය තවදුරටත් උණුසුම් කරමින් ක්‍රියාත්මක වන සිංගර් කුසලාන පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයන් හි පළමු දිනය අද (16) පැවැත්විය. එහි දී තුශාල් මදුසංක කැපීපෙනෙන දස්කම් දැක්වීමට සමත් විය.

ආරම්භක දිනයේදීම කුසල් පෙරේරාගෙන් ප්‍රවේගකාරී ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන දිස්ත්‍රික්ක 24ක් නියෝජනය වන අන්තර් – දිස්ත්‍රික් එක්දින තරගාවලිය ඊයේ (15) දිවයින පුරා විසිරුණු ක්‍රීඩාංගණ 8කදී ආරම්භ විය…

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය

කදිරාන තණතීරුව මත දී කාසියේ වාසිය ජයග්‍රහණය කල ධර්මාශෝක විද්‍යාලය, පළමුව පන්දුවට පහර දීමට තීරණය කල මෙම තරගයේ, ධර්මාශෝක විදුහල් පළමු ඉනිම ලකුණු 186කට සීමා කිරීමට තුශාල් මදුසංක ඇතුළු තර්ස්ටන් විද්‍යාලයේ පන්දු යවන්නන් සමත් විය. එහි දී තුශාල් මදුසංක ලකුණු 58ක් තුල කඩුලු 6ක් දවාලමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වන විට, අවබෝධාත්මක පිතිකරණයක නිරත වෙමින් තම විද්‍යාලයේ ලකුණු පුවරුව ඔසවා තැබූ කසුන් මදුරංග හුදෙකලා සටනක නිරත වෙමින් ලකුණු 78ක් රැස්කර ගැනීමට සමත් විය.

දිනය අවසන් වන විට තර්ස්ටන් විද්‍යාලය කිසිවකු නොදැවී ලකුණු 21ක් ලබාගෙන සිටින අතර, අයහපත් ආලෝක තත්ත්වය නිසා තරගයේ පළමු දිනය අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි.

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 186 (පන්දුවාර 76.2): කසුන් මදුරංග 78, දිනුක ඩිල්ශාන් 28, උමේෂ් ඉමන්ත 22, තුශාල් මදුසංක 6/58, සඳරු ඩයස් 3/42

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – කිසිවෙකු නොදැවී ලකුණු 21 (පන්දුවාර 4.4):


කොළඹ ආනන්ද විද්‍යාලය හා මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

කාගේත් අවධානය දිනා ගත් තරගයක් වූ මෙම තරගයේ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට අවශ්‍යව තිබූ කාසියේ වාසිය ජයග්‍රහණය කල ඔවුන් දෙවරක් නොසිතා පන්දු යැවීමට තීරණය කරන ලදි.

සරේ ගම්මාන පිටියේ දී මුලින්ම ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට පිටියට පැමිණි ආනන්ද විද්‍යාලයේ පිතිකරුවන් මාරිස් ස්ටෙල්ලා පන්දු යවන්නන් හමුවේ සාර්ථක ලෙස පිත්ත හසුරුවා ලකුණු 236ක් තම මුල් ඉනිමට රැස්කර ගන්නා ලදි. එහි දී කමේෂ් නිර්මාල් හා සම්මු අශාන් ආනන්ද විද්‍යාලයට සෑහීමකට පත්විය හැකි මට්ටමේ ලකුණක් වෙත ලඟා කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන ලදි. ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 60ක් හා ලකුණු 58ක් රැස්කර ගෙන තම අර්ධ ශතක ලබා ගන්නා විට, ලසිත් කෘෘස්පුල්ලේ, පසිදු කොළඹගේ, පසිදු උශෙට්ටි හා තිමිදු ප්‍රීතිම කඩුලු 2ක බැගින් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.

පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට දිනය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 131ක් ලබා ගැනීමට හැකි වූ අතර, එම ඉනිමට රොශේන් ප්‍රනාන්දු ලකුණු 40ක් රැස්කර ගත්තේය. නොදැවී කඩුල්ලේ රැඳී සිටින කෙවින් පෙරේරා ලකුණු 40*යි.

ආනන්ද විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 236 (පන්දුවාර 60.2): කමේෂ් නිර්මාල් 60, සම්මු අශාන් 58, කවිදු ගිම්හාන් 45, ලහිරු හිරන්‍ය 28, ලසිත් කෘෘස්පුල්ලේ 2/30, පසිදු කොළඹගේ 2/33, පසිදු උශෙට්ටි 2/34, තිමිදු ප්‍රීතිම 2/48

මාරිස්ටෙලා විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 3ක් දැවී ලකුණු 131 (පන්දුවාර 34): කෙවින් පෙරේරා 40*, රොශේන් ප්‍රනාන්දු 40, ලසිත් කෘෘස්පුල්ලේ 38

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට