පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කල් දැමුණු, 27 වෙනි වරට පැවැත්වීමට නියමිතව තිබුණු වෙළඳසේවා පැසිපන්දු ලීග් තරගාවලිය ජුනි මස දෙවන සතියේ දී පැවැත්වීමට තීරණය කර ඇත. වෙළඳසේවා ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වන්නන් කාර්යාල තුළින් ඈත්වී එකිනෙකා සමඟ කරට කර තරග වැදීමට නියමිත මෙම තරගාවලියට සහභාගී වන කණ්ඩායම්වල තතු විත්ති සොයා බලමු.

තෙවන වරටත් ශූරතාවය දිනා ගන්න කොමර්ෂල් ක්‍රෙඩිට් සූදානමින්

පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කල් දැමුණු 27 වෙනි වරට පැවැත්වීමට නියමිතව තිබූ..

තරගාවලියේ ‘A’ කාණ්ඩයෙන් පිරිමි කණ්ඩායම් 6ක් සහ කාන්තා කණ්ඩායම් 3ක් තරග වැදීමට නියමිතයි. ඒ අනුව එම කණ්ඩායම් 9 අතරින් සෙලාන් බැංකු කාන්තා කණ්ඩායම දෙස අපි හැරී බලමු.

සෙලාන් බැංකු කණ්ඩායම පසුගිය වසරේ පැවති තරගාවලියේ දී අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය. එහි දී අවසන් මහා තරගයේ දී ඔවුන් ප්‍රබල හැටන් නැෂනල් බැංකු කණ්ඩායම හමුවේ පැවති තරගයෙන් පරාජයට පත්විය. මෙම වසරේ දී ද  තරගාවලිය සඳහා ඔවුන් හොඳ සූදානමකින් පසුවන අතර පසුගිය වසරේ සිදු වූ වැරදි නිවැරදි කර ගනිමින් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වේ.

Peoples Team of the MSBA League 2017 – Vote

The 27th Edition of the Mercantile Basketball League will commence during the third week of June.

තරගාවලිය සඳහා නම් කර ඇති සෙලාන් බැංකු කණ්ඩායම තුළ ප්‍රතිවාදී කණ්ඩායම්වලට හොඳ අභියෝගයක් ලබා දීම සඳහා අවශ්‍ය අත්දැකීම් සහිත ක්‍රීඩිකාවන් ඇතුළත් ය. ශ්‍රී ලංකා කණ්ඩායම ශූරතාවය දිනා ගත් 2016 වසරේ පැවති SABA ශූරතා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායමට නායකත්වය ලබා දුන් ජයලිය කුමාරි සහ අත්දැකීම් බහුල ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවක් වන බෙනිකා තලගල යන ක්‍රීඩිකාවන් දෙදෙනා සෙලාන් බැංකු කණ්ඩායම තුළ ක්‍රීඩා කිරීම කණ්ඩායමට ශක්තියක් වනු නොඅනුමානයි. ඔවුන් දෙපළගේ සුසංයෝගය ප්‍රබල කණ්ඩායම් හමුවේ සෙලාන් බැංකු කණ්ඩායමට අතිශය වැදගත් වනු ඇත.

කෙසේ වුවත් තර්ජිනී සිවලිංගම් මෙවර සෙලාන් බැංකු කණ්ඩායම සඳහා ක්‍රීඩා නොකිරීම ඔවුන්ට විශාල පාඩුවක් වනු ඇත. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ද ක්‍රීඩිකාවක් වන තර්ජිනී මෙම වසරේ දී වික්ටෝරියා දැල්පන්දු තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියාය. ඇයගේ උස ආධාරයෙන් ඇය තම කණ්ඩායම වෙනුවෙන් ‘rebound’ අවස්ථාවන් මෙන්ම ප්‍රතිවාදී කණ්ඩායමේ ලකුණු ලබා ගැනීම ද අවහිර කළ අතර එමනිසා ඇය මෙම වසරේ දී ක්‍රීඩා නොකිරීම ඔවුන්ට තදින්ම බලපානු ඇත.

මේ වන විට කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉහළ නංවා ගැනීම සඳහා ය. ඊට අමතරව සෙලාන් බැංකු ක්‍රීඩිකාවන් තම කණ්ඩායමේ පසුපෙළ ශක්තිමත් කර ගැනීම කෙරෙහි ද අවධානය යොමු කරනු ඇත.

Mercantile Basketball 2017සෙලාන් බැංකු කාන්තා කණ්ඩායමේ නායිකා අමායා කල්පනා ThePapare.com සමඟ අදහස් දක්වමින් පැවසුවේ,

“අපේ කණ්ඩායම අත්දැකීම් බහුල කණ්ඩායමක්. අපේ කණ්ඩායමේ තිබෙන එකම දුර්වලකම තමයි ක්‍රීඩිකාවන්ගේ වයස නිසා ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය තරමක් පහළ මට්ටමක තිබීම. නමුත් මෙම වසරේ දී පසුගිය වසරේ තරගාවලියේ දී ලබා ගත් ප්‍රතිඵලයට වඩා හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න අපිට හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා.”

Mercantile Basketball 2017සෙලාන් බැංකු කාන්තා කණ්ඩායමේ පුහුණුකරු චතුර රොද්‍රිගු මහතා ThePapare.com සමඟ අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“පසුගිය වසරේ අපිට ශූරතාවය දිනා ගන්න ආසන්නයටම එන්න හැකි වුනා. නමුත් අපිට ඒ තරගාවලියට එතරම් සූදානමක් තිබුණේ නැහැ. ඒ වගේම අපේ කණ්ඩායමේ සිටි හොඳම ලකුණු ලබා ගන්නා ක්‍රීඩිකාවක් ක්‍රීඩා නොකිරීම ද අපිට විශාල පාඩුවක් වුනා. නමුත් මෙම වසරේ දී අපි තරගාවලිය සඳහා හොඳ සූදානමකින් පසු වෙනවා. හැටන් නැෂනල් බැංකු කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගය තරමක් අපහසු තරගයක් වුවත් අපි සිදු කරන ‘foul’ සංඛ්‍යාව අඩු මට්ටමක තබා ගන්න අපිට හැකි වුනොත් මම විශ්වාස කරනවා ඒ තරගයත් අපිට ජයග්‍රහණය කරන්න හැකි වෙයි කියලා.”

කෙසේ වුවත් සෙලාන් බැංකු කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ උස තරමක් අඩු මට්ටමක පැවතීම ඔවුන්ට අවාසියක් වනු ඇත. එමෙන්ම තර්ජිනීගේ අඩුව ද ඔවුන්ට තදින්ම බලපානු ඇත. නමුත් ඔවුන්ගේ අත්දැකීම්, වේගය සහ තරගයේ එක් එක් අවස්ථාවන්ට හැඩ ගැසීමට ඔවුන්ට ඇති හැකියාව මෙම තරගාවලියේ ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට ඔවුන්ට බෙහෙවින් ඉවහල් වනු ඇත.

සෙලාන් බැංකු කාන්තා පැසිපන්දු කණ්ඩායම: අමායා කල්පනා (නායිකාව), නෙත්මි හේරත්, ක්‍රිෂානි කුංචනා, ජයලිය කුමාරි, බෙනිකා තලගල, ගයා ජයවීර, ගිෂාරා නයනතරා, මන්දිරා චාරුණී, මල්ෂා සත්සාරි

Mercantile Basketball 2017Mercantile Basketball 2017Mercantile Basketball 2017

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට