සෙරන්ඩිබ් FC කණ්ඩායමට දඬුවම්

235

සෙරන්ඩිබ් FC කණ්ඩායම සහ රෙඩ් ස්ටාර් කණ්ඩායම අතර නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ දී පැවති තරගය අවසානයේ කලහකාරී තත්වයක් ඇතිකිරීමට පෙළඹවීම හේතුවෙන් සෙරන්ඩිබ් FC කණ්ඩායමට දැඩි දඬුවම් පමුණුවා ඇත.

මෙම සිදුවීම සිදුවූයේ 2017 ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු කාණ්ඩයේ සුපිරි 6 දෙනාගේ වටයේ සිය පළමු තරගය ලෙස පැවති රෙඩ් ස්ටාර් කණ්ඩායම සමඟ පැවති තරගය අවසානයේ ය.

තිහාරිය යූත්, කොම්රේඩ්ස්, රෙඩ් සන්, රත්නම්, රෙඩ් ස්ටාර්, සෙරන්ඩිබ් මීළඟ වටයට

2017 පළමු පෙළ ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටය සඳහා…

එම තරගය ගෝල 1-0ක් වශයෙන් ජයග්‍රහණය කිරීමට රෙඩ් ස්ටාර් කණ්ඩායම සමත් වූ අතර තරගය අවසන් කිරීමේ සීනුව නාද කිරීමෙන් අනතුරුව රෙඩ් ස්ටාර් කණ්ඩායමේ මොහොමඩ් නුස්කි සෙරන්ඩිබ් කණ්ඩායමේ පීඨය ඉදිරිපිටට ගොස් සිය කමිසය ඉවත් කරමින් සිය ජයග්‍රහණය සමරනු ලැබීය. ඔහුගේ මෙම ක්‍රියා කලාපය සෙරන්ඩිබ් කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙන්ම ඔවුන්ගේ ක්‍රීඩාලෝලීන්ගේ දැඩි කෝපයට ඉවහල් විය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට (FFSL) අනුව මෙම අවස්ථාවේ දී සෙරන්ඩිබ් කණ්ඩායමේ නායක, රාජ් ෂෙරෝන් සහ අකීල් අක්රම්, නුස්කි වෙත ගොස් ඇති අතර අනතුරුව ක්‍රීඩාලෝලීන් ද ඒ වෙත පැමිණ පසුව මෙය කලහකාරී තත්වයක් දක්වා වර්ධනය වී ඇත.

පාපන්දු සටනේ අවසන් දිනය වෙනස් වෙයි

රිනවුන් ක්‍රීඩා සමාජය හා කොළඹ පාපන්දු සමාජය අතර පැවැත්වෙන 2017 ඩයලොග්…

සුපිරි 6 දෙනාගේ තරග වටය ආරම්භ වීමට පෙර සිය ක්‍රීඩාංගණවල පැවැත්වෙන තරගවල දී පැවතිය යුතු ආරක්‍ෂක තත්වය මෙන්ම විනය තත්වය පිළිබඳව ද අදාළ ක්‍රීඩා සමාජ දැනුවත් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු කළ අතර ඒවා එම නියමිත තත්වයෙන් නොපැවතෙන්නේ නම් අදාළ ක්‍රීඩා සමාජය වෙත දඬුවම් පැමිණෙන බව ද තවදුරටත් දැනුවත් කෙරෙන ලදි.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සහ තරගාවලි කමිටුව පවත්වන ලද පරීක්ෂණයෙන් තීරණය කෙරුණේ සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජයට රු. 25,000/=ක දඩයක් නියම කිරීමට සහ ඉදිරියේ දී දැනුම්දෙන තුරු සිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තරග නොපැවැත්වීමට යි. එමෙන්ම මෙම සිදුවීමට මුල් වූ රෙඩ් ස්ටාර් කණ්ඩායමේ මොහොමඩ් නුස්කි හට ද තරග 2ක තරග තහනමක් පනවා ඇති අතර තවදුරටත් සෙරන්ඩිබ් කණ්ඩායමේ රාජ් ෂෙරෝන්ට රු. 10,000/=ක දඩයක් හා තරග 2ක තරග තහනමකුත්, අකීල් අක්රම් හට තරග 2ක තරග තහනමකුත් පනවා ඇත.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<