ස්කොට්ලන්තයෙන් ඕස්ට්‍රේලියාවට කණගාටුදායක ආරංචියක්

226

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමඟ මේ මස 27 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය, පවතින කොරෝනා වයිරස තත්වය නිසාවෙන් අවලංගු කිරීමට තීරණය කළ බව ස්කොට්ලන්ත ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කරන ලදි.

දඬුවම් ලැබූ පකිස්තානු ක්‍රීඩකයාගෙන් ආයාචනයක්

මෙම තරගාවලිය පූර්ණ වශයෙන් අවලංගු කිරීමට තීරණය කර ඇති බව ස්කොට්ලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී ගුස් මැකෙයි විසින් නිවේදනය කළේ, පිරිවැය සහ අනෙකුත් සියලුම කරුණු පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව බව සඳහන් කරමිනි.

මීට අමතරව ස්කොට්ලන්ත ක්‍රිකට් ආයතනය විසින් Twitter පණිවිඩයක් ද නිකුත් කරමින් මෙම අවලංගු කිරීම පිළිබඳව දැනුම් දී තිබූ අතර තරගය සඳහා ප්‍රවේශපත් වෙන්කරගත් ප්‍රේක්ෂකයන් හට තමන්ගේ මුදල් ආපසු ලබා ගත හැකි බව ද එහි සඳහන්ව තිබුණි.

ලොව පුරා පැතිර ගිය කොරෝනා වයිරස තත්වය නිසාවෙන් බොහෝ ක්‍රීඩා තරගාවලි කල් දැමීමට හෝ අවලංගු කිරීමට සිදු වූ නමුත් මේ වන විට නැවතත් යම් මට්ටමකින් ක්‍රීඩා කටයුතු ආරම්භ කර ඇති මොහොතක, ලබන මාසයේ දී එංගලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව්වන් අතර ටෙස්ට් තරගාවලියක් ආරම්භ කිරීමට ද සියලු කටයුතු සූදානම් කරමින් පවතී.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<