පාසල් රග්බි ලීගය අරඹන්න සූදානම්?

492

පසුගිය පාස්කු ඉරිදා සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් අනතුරුව දින නියමයක් නොමැතිව කල් ගිය “2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය”, ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයෙන් තරග සඳහා අවශ්‍ය කරන ආරක්ෂාව ලබා දිය හැකි නම් නැවත ආරම්භ කිරීමට සූදානමක් පවතින බව වාර්තා වේ.

ක්‍රීඩාවත් සමඟ සහජීවනයෙන් නැඟිටිමු – ක්‍රීඩා ඇමති

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් අද (02) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් පැවති…

තරගාවලියේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (07) පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතාව ThePapare.com විසින් සම්බන්ධ කර ගත් අවස්ථාවේ දී ඔහු මෙසේ පවසා සිටියේය,

“අද මම ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සමඟ සාකච්ඡා කළා, ඔහු පවසා සිටියා ඔහුගේ සම්පූර්ණ සහය අපට ලබා දීමට සූදානම් බව, ඉතින් අපි දැන් ඉදිරි තීරණ ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයෙන් අනුමැතිය ලැබෙන තුරු බලා සිටිනවා, ඔවුන් අපට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්නට සූදානම් නම් තරගාවලිය නැවත ආරම්භ කරන්නට අපි සූදානම්.”

තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ, “අප තරග කාල සටහන ආරක්ෂක අමාත්‍යංශයට ලබා දුන්නා, අපි විශේෂයෙන් සියලුම තරගවලට ඔවුන්ගෙන් ආරක්ෂාව ඉල්ලා සිටිනවා, එසේම සියලු දෙනාගේ ආරක්ෂාව උදෙසා මම සියලුම පාසල් වලින් තරගවල ආරක්ෂාව ගැන විශේෂ අවධානයක් යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා, මං විශ්වාස කරනවා අපිට තරගාවලිය නැවත ආරම්භ කිරීමට අවස්ථාවක් ලැබෙයි කියලා.”

“ඉසිපතනය” නම් රග්බි බලකොටුවේ ඇත්තම කතාව

1960 වසරේදී කොළඹ ග්‍රීන්ලන්ඩ්ස් විදුහලේ ඉගෙන ගන්නා පොඩි ළමයෙක් හැමදාම උදේ පාසලට එද්දී…

මේ පිළිබඳව අවසන් තීරණයක් මේ සති අන්තය වන විට ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලැබෙනු ඇති බවත්, එ්ත් සමඟින් අදාළ පාසල්වලට අදාල ලියකියවිලි ලැබීමට සලස්වන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<