සනත් වසර කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයට

80
Sanath Jayasuriya

වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර තිබෙනවා.

මීට පෙර සනත් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, එම කාලය තුළ ඔහුගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ඓතිහාසික එක්දින තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීමට මෙන්ම, එංගලන්තයේ දී එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරග ජයග්‍රහණයක් ද ලබා ගැනීමට සමත් වුනා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට නවසීලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ද පූර්ණ ජයග්‍රහණයක් පෙනෙනා මානයට පැමිණීමට සමත් වී තිබෙනවා.

නවසීලන්තය සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව වසරක කාලයක් සඳහා ඔහුගේ මෙම නව ධුරය බලපැවැත්වෙනු ඇති.

දෙස්, විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<