මේ වන විට ඉන්දියාවේ දී පැවැත්වෙන World Athletic Continental Tour Bronze මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වන රුමේෂ් තරංග විසින් පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව වෙනුවෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා.
මෙම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රුමේෂ් තරංග සහ සුමේධ රණසිංහ දෙදෙනා ම සහභාගී වූ අතර, තරග ඉසව්ව නිමා වන විට ඔවුන් දෙදෙනා ම පළමු ස්ථාන තුන අතරට ඇතුළු වීමට සමත් වුනා.
ඉසව්වේ සිය පළමු උත්සාහයෙන් ම අති විශිෂ්ට දක්ෂතාවක් දැක්වීමට සමත් වු රුමේෂ් විසින් මීටර් 86.50ක දුරක් හෙල්ල විසි කිරීමට සමත් වූ අතර, මෙය නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සටහන් වුනා.
මීට පෙර මෙම වාර්තාව ඔහුගේ තරග සගයා වූ සුමේධ සතු වූ අතර, ඔහු විසින් මෙම වසර මුල දී මීටර් 85.78ක දක්ෂතාවක් සමඟ ජාතික වාර්තාව පිහිටුවීමට සමත් වුනා. එමෙන්ම එම දක්ෂතාව සමඟ ඔහු මෙම වසරේ පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට ද සුදුසුකම් ලැබීමට සමත් වුනා.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
ඒ අනුව සුමේධගේ වාර්තාව බිඳ හෙළීමට සමත් වූ රුමේෂ් නව ජාතික වාර්තාවට අමතරව මෙවර ලෝක මලල ක්‍රීඩා ශූරතාවට ද සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
මෙම ඉසව්වේ දී රුමේෂ් විසින් දියත් කළ ඉතිරි හෙල්ල විසි කිරීමේ අවස්ථාවේ දී මීටර් 79.74ක දක්ෂතාවක් දැක්වීමට ඔහු සමත් වුනා.
මේත් සමඟම රුමේෂ් සමඟ තරගයට පිවිසුණු සුමේධ විසින් මෙහි දී සිය හොඳම දක්ෂතාව ලෙස මීටර් 80.62ක දුරක් සලකුණු කිරීමට සමත් වූ අතර, එය මෙම තරගයේ තෙවැනි හොඳම දක්ෂතාව ලෙස සටහන් වූ අතර, ඔහුට ඉසව්වේ තෙවැනි ස්ථානය හිමි වුනා.
මේ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ලෝක ශූරතාවලියට හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා ක්‍රීඩකයින් දෙදෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර, ඔවුන් දෙදෙනා ම පරිසාදන මට්ටම අබිබවා යමින් මෙම සුදුසුකම් ලබා ගැනීම විශේෂත්වයක් ලෙස සැලකිය හැකි.
මීට අමතරව චමෝද් යෝධසිංහ සහ නදීශා ලේකම්ගේ ද අද දිනයේ දී ඉන්දියාවේ දී ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වුනා. එම තරග තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.