ඉන්දියාවේ බැංගලෝරයේ දී ඊයේ (05) පැවැත්වුණු Neeraj Chopra Classic හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දී විශිෂ්ට දක්ෂතාවක් සමඟ තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුනා.
ලෝක ශූර සහ ඔලිම්පික් ශූර ඉන්දීය මලල ක්‍රීඩක Neeraj Chopra නමින් ක්‍රියාත්මක වන මෙම ඉසව්වේ ආරම්භය ද මෙවර සටහන් වූ අතර, එම ආරම්භක තරගය වෙනුවෙන් Neeraj Chopra මෙන්ම කෙන්යාවේ Julius Yego සහ තවත් හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම සහභාගී වුනා.
එමෙන්ම මෙම වසර තුළ ලෝක මට්ටමෙන් කැපී පෙනෙන දස්කම් දක්වමින් සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග ද මෙම තරගයට සහභාගී වුනා.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
ඉසව්වේ සිය දෙවැනි උත්සාහයෙන් ම රුමේෂ් විසින් මීටර් 81.9ක් සටහන් කිරීමට සමත් වූ අතර, සිය තෙවැනි උත්සාහයේ දී ඔහු එම දක්ෂතාව මීටර් 84.34ක් දක්වා ඉහළ දැමීමට ද සමත් වුනා. කෙසේ වෙතත් තෙවැනි වටයේ දී Neeraj Chopra විසින් මීටර් 86.18ක දුරක් හෙල්ල විසි කරමින් ඉසව්වේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුනා.
එමෙන්ම කෙන්යානු ක්‍රීඩක Julius Yego විසින් මීටර් 84.51ක දුරක් සටහන් කරමින් ඉසව්වේ දෙවැනි ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වූ අතර, මේ හේතුවෙන් රුමේෂ්ගේ දක්ෂතාව තෙවැනි ස්ථානයට පත් වුනා.
දිනෙන් දින උණුසුම් වන දෙස්, විදෙස් මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<