සත්කාරකයින්ගෙන් රුසියාවට දරුණු සත්කාරයක්!

70

ලෝක වාසී සියලු රග්බිලෝලීන්ගේ වසන්තය ආරම්භ කරමින් 2019 රග්බි ලෝක කුසලානය අද (20) ජපානයේ දී අතිඋත්කර්ෂවත් අන්දමින් ආරම්භ වුනා. තරගාවලියේ පළමු තරගය පැවැත්වූයේ සත්කාරක ජපානය සහ රුසියාව අතරයි. එම තරගයෙන් ලකුණු 30-10ක් වශයෙන් විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ජපානයට හැකි වුනා. තරගය පැවැත්වුණේ ජපානයේ ටෝකියෝ නුවර දී.

රග්බි ලෝක කුසලාන කාලසටහන ශ්‍රී ලංකා වේලාවෙන්!

2019 රග්බි ලෝක කුසලානය ආරම්භ වීමට තව ඇත්තේ සති දෙකක පමණ සුළු කාලයක් පමණි. නමුත් මේ දිනවල දී…

තරගය ආරම්භ වූ මොහොතේ පටන් රුසියාව තරගයේ සම්පූර්ණ ග්‍රහණය තමන් සතුකර ගනිමින් ක්‍රීඩා කළ අතර ජපානයට එයින් මිදීමට විශාල වෙහෙසක් දැරීමට සිදු විය.

ඒ අතරතුර තරගයේ හතර වැනි විනාඩියේ දී රුසියාව 2019 රග්බි ලෝක කුසලානයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර ජපානය ද ඊට පිළිතුරු ලෙස රුසියාව පීඩනයට නතු කරගෙන ක්‍රීඩා කරන්නට විය. 

පළමු අර්ධය අවසන් වන විට ජපානය 12-07ක් වශයෙන් ඉදිරියෙන් සිටියත්, තරගයේ සුක්කානම රුසියාව අත තිබුණි.

පළමු අර්ධය: ජපානය 12-07 රුසියාව

දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව රුසියාව තම සුපුරුදු රිද්මයට පැමිණීමට උත්සාහ කළත් ජපානය තම ඉදිරිපෙළ භාවිතා කරමින් පීඩනය රුසියාව දෙසට එල්ල කරන්නට විය. 

Video – ලෝකය දිනන්න යන All Blacks කණ්ඩායම නම් කෙරේ

2019 රග්බි ලෝක කුසලානය සදහා ජපානයට යන නවසීලන්ත කණ්ඩායම නම් කෙරේ.

එසේම තරගය මුළුල්ලේම ජපානය හැකි තරම් පන්දුව තමන් අත තබාගෙන ක්‍රීඩා කරන ආකාරයක් දක්නට ලැබුණි. රුසියාවට කිසිදු ඉඩ හසරක් ලබා නොදුන් ජපානයේ Wing ක්‍රීඩක කොටාරෝ මට්සුශිමා උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කරමින් 2019 රග්බි ලෝක කුසලානයේ පළමු තරගයේ ජය ජපානයට ගෙන ආවේ රුසියාව අසරණ කරමින්.

අවසන් ලකුණු තත්වය: ජපානය (4T, 2C, 1P) 30 – 10 (1T, 1C, 1P) රුසියාව

ලකුණු රැස් කල ක්‍රීඩකයින්

  • ජපානය – Kotaro Matsushima (3T), Pieter Labuschagne (1T), Tamura (1C, 2P), Rikiya Matsuda (1C)
  • රුසියාව – Kirill Golosnitskiy (1T),Yury Kushnarev (1C,1P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<