බේස්ලයින් පාරේ පිහිටි විද්‍යාලයක කුඩා රැස්වීමක් තිබුණි. එහි දී යම් මහත්වරුන් කිහිප දෙනකු සමඟ පාසල් ළමුන් කිහිප දෙනෙකු සිටියේ යම් ආකාරයක පිළිගැනීමේ උත්සවයකට විය යුතුය.
අළු මතින් නැඟිටීමට වෙර දරන කන්නංගරයට පිහිටක් වන්න
කොළඹ සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලයේ රග්බි ක්‍රීඩාවේ පුහුණු සහ ක්‍රීඩා උපකරණ…
එහි සිටියේ කොළඹ සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලයේ සිසුන් පිරිසකි. මීට මාසයකට පමණ ඉහත දී ඔවුන්ගේ පුහුණු සහ ක්‍රීඩා උපකරණ කුටිය ගින්නකින් විනාශ වී යාම නිසා එහි තිබූ ක්‍රීඩා උපකරණ සියල්ලම පාහේ අළු බවට තිබුණි.

කොළඹ සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලයීය රග්බි කණ්ඩායම පසුගිය වසර කිහිපය තුළ ඉහළ වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත් වූ අතර අවම පහසුකම් යටතේ වුවද ඉතිහාසයේ පළමු වරට ඔවුන් 2015 වසරේ දී තරගාවලියේ ‘A’ කාණ්ඩය දක්වා උසස් වීමක් ලබා ගැනීමට සමත් විය. එතැන් පටන් තරගාවලියේ ඉහළම කාණ්ඩයේ කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කරන්නට ඔවුන් සමත් වී ඇත.
B කාණ්ඩයේ තරග කාලසටහන නිකුත් වේ
ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන පාසල් රග්බි…
එම ක්‍රීඩකයින්ගේ ඉරණම ගැන සැලකිලිමත් වූ විවිධ පාර්ශ්වයන් කිහිප දෙනෙක් එක්ව ඔවුන්ට සවියක් විය. පාසලේ ළමුන් රැස්ව සිටියේ ඔවුන්ට හැකි ලෙස ඔවුන්ට සහය දැක්වූ පිරිස පිළිගැනීමටයි.

එම බඩු බාහිරාදිය පසුගිය 12 වැනිදා එම විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු පාසල් රග්බි ක්‍රීඩකයින් වෙත ලබා දෙන ලදි. එම සිදුවීම ක්‍රීඩාවේ අනාගතයට ඉතාමත් සුභදායී ලකුණකි. එසේම අන් අය හටත් විශාල ආදර්ශයකි.
“මේ අයගේ කැපවීම අපගේ ඉලක්කයන් වෙත යාමට විශාල සවියක් වේවි.” යැයි සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලයේ විදුහල්පති එස්. එස්. වනිගසේකර මහතා ප්‍රකාශ කළේය.
තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට






















