පුරා වසර 7කට පසුව නිල් මහා සටනේ ජයග්‍රාහකයින් ලෙස කිරුළු පළඳින්නට අද (18) කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුනා. ඒ 144 වැනි නිල් මහා සටනෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 180කින් පරාජය කරමින්.
කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් නායක රොමේෂ් මෙන්ඩිස් මුලින් පන්දු යැවීම තෝරාගත් අතර තරගයේ දිවා ආහාරය තෙක් ගෞරවය ඔවුන් දිනා ගත්තේ රාජකීය විද්‍යාලයේ කඩුලු 3ක් ලකුණු 20ක් තුල දවා ගනිමින්.
නමුත් එතැන් පටන් තරගය නිමා වෙන තුරුම රාජකීය විද්‍යාලය සිය අණසක පතුරුවන්නට සමත් වුනා. එහි දී රාජකීය විද්‍යාලයේ නායක දසිස් මංචනායක සහ රමිරු පෙරේරා අතරේ ගොඩනැගුණු ද්විත්ව ශතක සබඳතාවය නිසා ඔවුන් තම මුල් ඉනිමට ලකුණු 326ක් ලබා ගැනීමෙන් පසු පන්දුවට පහර දීමේ අවස්ථාව තෝමසුවන්ට ලබා දුන්නා.
>>Photos – Royal College vs S .Thomas’ College | 144th Battle of the Blues – Day 03<<
දෙවැනි දිනය ආරම්භයේ සිට පිතිකරණයේ යෙදුණු සාන්ත තෝමස් විද්‍යාලයට තම මුල් ඉනිමට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 153ක් පමණයි. එහි දී බුලාන් වීරතුංග කඩුලු 3ක් බිඳ හෙලද්දී, රනුක මලවිආරච්චි, සන්දේශ් රාමනායක සහ සිනෙත් ජයවර්ධන කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.
ලකුණු 173ක ඉදිරියක් සමඟින් දෙවැනි ඉනිම ඇරඹූ රාජකීයන් එහි දී කඩුලු 4කට ලකුණු 168ක් රැස් කිරීමෙන් පසු ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඒ ජයග්‍රහණය වෙනුවෙන් අවසන් දිනය තුල දී ලකුණු 341ක දුෂ්කර ඉලක්කයක් සාන්ත තෝමස් විද්‍යාලයට ලබා දෙමින්. එහි දී මුල් ඉනිමේ ශතකලාභී දසිස් මංචනායක දෙවැනි ඉනිමේ වේගවත් ලකුණු 57ක් රැස් කළා.
සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් තරගයේ එකම කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූ වේගපන්දු යවන ක්‍රීඩක ආකාශ් ප්‍රනාන්දු තරගය පුරාවට රාජකීය විද්‍යාලයේ කඩුලු 8ක් තමන් සතුකර ගන්නට සමත් වුනා. ඒ මුල් ඉනිමේ කඩුලු 4ක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 4ක් ලෙසයි.
- දසිස්ගේ සුපිරි පිතිකරණයෙන් රාජකීයන් පූර්ණ තරග ජයක් අභියස!
- දසිස් – රමිරු ශතක මැද ආකාශ්ගෙන් කැපී පෙනෙන පන්දු යැවීමක්
- සාන්ත තෝමස් පන්දුවේ අභියෝගයට රාජකීය පිතිකරුවන් සූදානම්
- දෙවසරකට පසු රාජකීය-සාන්ත තෝමස් ක්‍රිකට් සටන ප්‍රේක්ෂකයන්ට විවර වෙයි
- සුලෝහිත සංග්‍රාමයේ වැඩි ගෞරවය නාලන්දාවට
අද උදෑසන තම පිතිකරණය ඇරඹූ සාන්ත තෝමස් විද්‍යාලයේ තිශේන් ඇහැලියගොඩ ලකුණු ලබා ගැනීමට පෙරම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට රනුක මලවිආරච්චි සමත් වුනා. දෙවැනි කඩුල්ල ලෙස නායක රොමේෂ් මෙන්ඩිස් දැවී යන විට සාන්ත තෝමස් ලකුණු පුවරුවට එකතු වී තිබුණේ ලකුණු 18ක් පමණයි.
සාන්ත තෝමස් ආරම්භක පිතිකරු දිනෙත් ගුණවර්ධන දවා ගැනීම වෙනුවෙන් උවිඳු වීරසේකර විශිෂ්ට උඩපන්දුවක් රැකගත් අතර එම කඩුල්ල සන්දේශ් රාමනායකට හිමි වුනා. පසුව රාජකීය විද්‍යාලයේ දඟපන්දු යවන්නන් තරගයට අවතීර්ණ වීමත් සමඟ දිවා ආහාරය වන විට සාන්ත තෝමස් විද්‍යාලයේ කඩුලු 6ක් ලකුණු 76ක් තුල බිඳ වැටී අවසන්ව තිබුණා.
එහි දී සාන්ත තෝමස් මුල් ඉනිම අතරේ පන්දු යැවීමට අවස්ථාව නොලද නෙත්වින් ධර්මරත්න අද මැදපෙළ කඩුලු 2ක් දවා ගනිමින් අමතර වාසියක් ගෙන දුන්නා. පිත්ත සේම පන්දුවත් එක ලෙස හුරු දසිස් මංචනායක මහිත් පෙරේරාව පිටියෙන් ඉවත් කිරීමට කටයුතු කළා.
දිවා විවේකයෙන් අනතුරුව සාන්ත තෝමස් විද්‍යාලයේ පරාජය වැළැක්වීමේ අදිටනින් කඩුලු රකින පිතිකරු සෙනේශ් හෙට්ටිආරච්චි සහ චාරුක පීරිස් හොඳ සටනක් ලබා දුන්නා. ඒ 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 153ක දී ලකුණු 66ක් එකතු කරමින්.
රාජකීය විද්‍යාලයේ ජයග්‍රහණයට එරෙහිව ගොඩ නැගුණු මෙම බැම්ම තේ පානයට මොහොතකට පෙර බිඳ හෙළන්නේ රමිරු පෙරේරා විසිනුයි. ඔහු ගුවනේ පා කර යැවූ පන්දුවට ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට ගිය චාරුක පීරිස්ට පන්දුව මග හැරී යද්දී, එය ඔහුගේ පිට ඉන්නේ දැවටුනා. ඒ වන විට චාරුක ලකුණු 22ක් ලබා සිටියා.
එතකින් නොනැවතුනු රමිරු පෙරේරා මීලඟ පන්දුවේ දී ආකාශ් ප්‍රනාන්දු පිටියෙන් ඉවත් කළේ සිය ගණනින් රාජකීය විද්‍යාල ධජ ගුවනේ ලෙලදවමින්. තේ විවේකයෙන් වැඩි වේලාවක් යන්නට පෙර තරගය අවසන් කරන්නට රාජකීය විද්‍යාලය හැකි වුනු අතර ලකුණු 46ක් ලබා සිටි සෙනේශ් හෙට්ටිආරච්චි ලබා දුන් උඩපන්දුව රැකගත් රාජකීය නායක දසිස් මංචනායක ඉතාමත් සංවේදී ලෙස තම විද්‍යාලයේ ජය සැමරුවා.
Result
Batsmen
R
B
4s
6s
SR
Rehan Peris
c Senesh Hettiarachchi b Akash Fernando
4
4
1
0
100.00
Sineth Jayawardena
b Nathan Caldera
1
3
0
0
33.33
Ovina Ambanpola
b Akash Fernando
30
71
1
0
42.25
Uvindu Weerasekara
c Nathan Caldera b Kavindu Dias
3
13
0
0
23.08
Dasis Manchanayake
b Kavindu Dais
137
150
17
0
91.33
Ramiru Perera
c Romesh Mendis b Kavindu Dais
128
186
15
2
68.82
Sandesh Ramanayaka
lbw b Akash Fernando
0
4
0
0
0.00
Sanvidu Senartharachchi
not out
8
8
0
0
100.00
Bulan Weerathunga
b Akash Fernando
2
3
0
0
66.67
Nethwin Dharmarathne
not out
0
5
0
0
0.00
Extras
13 (b 8 , lb 0 , nb 3, w 2, pen 0)
Total
326/8 (74 Overs, RR: 4.41)
Bowling
O
M
R
W
Econ
Akash Fernando
13
1
55
4
4.23
Nathan Caldera
16
2
64
1
4.00
Kavindu Dias
13
2
58
3
4.46
Dinura Gunawardena
7
0
35
0
5.00
Charuka Peiris
13
0
55
0
4.23
Abheeth J Paranawidana
10
0
39
0
3.90
Senadhi Bulankulama
1
0
3
0
3.00
Mahith Perera
1
0
9
0
9.00
Batsmen
R
B
4s
6s
SR
Senadhi Bulankulama
c Sanvidu Senartharachchi b Ranuka Malaviarachchi
40
104
5
0
38.46
Thishen Ehaliyagoda
c Sandesh Ramanayaka b Bulan Weerathunga
5
7
1
0
71.43
Dineth Gunawardena
lbw b Sandesh Ramanayaka
10
26
2
0
38.46
Romesh Mendis
c Sandesh Ramanayaka b
4
9
1
0
44.44
Nathan Caldera
c Dasis Manchanayake b Ramiru Perera
20
25
3
0
80.00
Charuka Peiris
c Sineth Jayawardena b Sandesh Ramanayaka
17
66
2
0
25.76
Mahith Perera
c Sanvidu Senartharachchi b Bulan Weerathunga
30
43
5
0
69.77
Senesh Hettiarachchi
c b Sineth Jayawardena
9
33
1
0
27.27
Akash Fernando
not out
1
9
0
0
11.11
Kavindu Dais
st Sanvidu Senartharachchi b Sineth Jayawardena
0
6
0
0
0.00
Abheeth J Paranawidana
b Bulan Weerathunga
0
4
0
0
0.00
Extras
17 (b 6 , lb 0 , nb 2, w 9, pen 0)
Total
153/10 (55 Overs, RR: 2.78)
Bowling
O
M
R
W
Econ
Ranuka Malaviarachchi
12
1
39
2
3.25
Bulan Weerathunga
14
6
26
3
1.86
Sandesh Ramanayaka
10
0
36
2
3.60
Dasis Manchanayake
2
0
11
0
5.50
Sineth Jayawardena
7
3
9
2
1.29
Ramiru Perera
10
1
29
1
2.90
Batsmen
R
B
4s
6s
SR
Sineth Jayawardena
lbw b Akash Fernando
4
5
1
0
80.00
Ovina Ambanpola
c Romesh Mendis b Akash Fernando
5
11
0
0
45.45
Uvindu Weerasekara
b Akash Fernando
28
43
2
1
65.12
Dasis Manchanayake
b Akash Fernando
57
49
6
0
116.33
Ramiru Perera
not out
46
34
3
2
135.29
Sanvidu Senartharachchi
not out
11
16
0
0
68.75
Extras
17 (b 11 , lb 0 , nb 2, w 4, pen 0)
Total
168/4 (26 Overs, RR: 6.46)
Bowling
O
M
R
W
Econ
Nathan Caldera
7
0
28
0
4.00
Akash Fernando
9
0
59
4
6.56
Kavindu Dias
6
0
39
0
6.50
Dinura Gunawardena
3
0
16
0
5.33
Charuka Peiris
1
0
15
0
15.00
Batsmen
R
B
4s
6s
SR
Thishen Ehaliyagoda
lbw b Ranuka Malaviarachchi
0
3
0
0
0.00
Dineth Gunawardena
c Uvindu Weerasekara b Sandesh Ramanayaka
15
44
1
0
34.09
Romesh Mendis
lbw b Bulan Weerathunga
12
20
2
0
60.00
Senadhi Bulankulama
c b Nethwin Dharmarathne
13
39
2
0
33.33
Nathan Caldera
b Nethwin Dharmarathne
18
40
1
0
45.00
Mahith Perera
lbw b Dasis Manchanayake
7
8
1
0
87.50
Senesh Hettiarachchi
c Dasis Manchanayake b Sineth Jayawardena
46
87
7
0
52.87
Charuka Peiris
b Ramiru Perera
22
86
3
0
25.58
Akash Fernando
c Uvindu Weerasekara b Ramiru Perera
0
1
0
0
0.00
Kavindu Dais
lbw b Sineth Jayawardena
14
19
3
0
73.68
Abheeth J Paranawidana
not out
0
8
0
0
0.00
Extras
14 (b 8 , lb 4 , nb 2, w 0, pen 0)
Total
161/10 (58.5 Overs, RR: 2.74)
Bowling
O
M
R
W
Econ
Ranuka Malaviarachchi
10
2
34
1
3.40
Bulan Weerathunga
9
4
18
1
2.00
Sandesh Ramanayaka
7
1
24
1
3.43
Sineth Jayawardena
9.5
3
14
2
1.47
Dasis Manchanayake
4
0
9
1
2.25
Nethwin Dharmarathne
10
2
27
2
2.70
Ramiru Perera
9
2
25
2
2.78
තරගය නැරඹීමට පැමිණ සිටි රාජකීය විද්‍යාලයේ සිසුන් දසිස් මංචනායක සහ රමිරු පෙරේරා තම කර මතින් පිටිය වටා රැගෙන ගියේ ප්‍රබල සාන්ත තෝමස් විද්‍යාලය පරාජය කිරීමට ඔවුන් දෙදෙනා පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද ප්‍රකට කළ විශිෂ්ට දස්කම්වලට කෘතගුණ සැලකීමක් වශයෙනුයි.
මේ අනුව 2019 වර්ෂයේ දී සාන්ත තෝමස් විද්‍යාලය හමුවේ ලද පරාජයෙන් පසු නැවතත් ඩී.එස්. සේනානායක සමරු ඵලකය තමන් වෙත නතුකර ගන්නට රාජකීය විද්‍යාලය අද සමත් වන්නේ මෙවර නිල් මහා සටන ආරම්භයට පෙර බොහෝ දෙනා පලකළ අනාවැකි පුස්සක් බවට පත් කරමිනුයි.
තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ සම්මාන බෙදී ගියේ පහත ආකාරයටයි.
- තරගයේ වීරයා – දසිස් මංචනායක
- හොඳම පිතිකරු – රමිරු පෙරේරා
- හොඳම පන්දු යවන්නා – ආකාශ් ප්‍රනාන්දු
- හොඳම පන්දු රකින්නා – උවිඳු වීරසේකර
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















