හොකී පිටියෙන් ක්‍රිකට් පිටියට ස්ලොග් ස්වීප් පහර ගෙන ආ ටේලර්

70

රොස් ටේලර් නවසීලන්තය වෙනුවෙන් වගකීම තම කරට ගත් ක්‍රීඩකයෙකු බව පසුගිය ඉන්දීය තරග කීපයේ දී බොහෝ දෙනා ප්‍රකාශ කර තිබුණි. නවසීලන්තය ජයග්‍රහණය කළ එක්දින තරග ද්විත්වයේම වැඩිම ලකුණු ලාභියා බවට ඔහු පත්වූයේ ශතකයක් හා අර්ධ ශතකයක් තම නම ඉදිරියේ සටහන් කර ගනිමිනි. 

රොස් ටේලර් හා ඔහුගේම ආවේණික ප්‍රබල ස්ලොග් ස්වීප් හයේ පහර ක්‍රීඩාලෝලීන්ගේ නොමඳ ආදරයට ලක්වූ පහරකි. නිවැරදිම පන්දු තෝරාගැනීම හා එම පහරේ ප්‍රබලත්වය රොස් ටේලර්ගේ ඉනිම වර්ණවත් කිරීමට සමත් විය. 

පසුගිය දා cricbuzz වෙබ් අඩවිය මේ ස්ලොග් ස්වීප් පහරේ සැබෑ අයිතිකරුවා සොයාගොස් තිබුණි. මේ එම වාර්තාවේ සිංහල අනුවාදයකි. 

ගිලීගේ ක්‍රීඩාශීලීත්වය පිටුපස තිබූ අඳුරු පැතිකඩ!

2003 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වුණේ දකුණු අප්‍රිකාවේ පෝර්ට් ..

ඩර්මොට් පේටන් යනු තරමක අමුතු ගතිගුණ ඇත්තෙකි.  ගොවියෙකු බවට පත් වූ ක්‍රිකට් පුහුණුකරුවෙකු වන ඔහු සමඟින් කටයුතු කළ බොහෝ දෙනා ඔහුව “දැඩි හා සම්මුති විරහිත” අයෙකු ලෙස විස්තර කර ඇත.  මාස්ටර්ටන් නගරයෙන් පිටත කිලෝමීටර කිහිපයක් දුරින් පිහිටි ඔහුගේ දර්ශනීය පින්තූර පොත් ගොවිපොළේ කැඳවීමක් සඳහා පැය භාගයක් ප්‍රමාද වූ විට ඔබ එය අත්විඳිනු ඇත.

ඔව්, අපි දැන් රොස් ටේලර්ගේ උපන් ගමේ සිටින්නෙමු. ඔහුගේ පළමු ක්‍රිකට් පුහුණුකරු මේ වන විටත් ඔහුගේ ට්‍රැක්ටරයේ ගමන් කර ඇති අතර ප්‍රධාන මාර්ගයට පිවිසෙන පටු දූවිලි සහිත ධාවන පථයේ ගමන් කරන ආකාරය දැකිය හැකි විය.

ඔහු සිය ආච්චිලා සීයලාගේ නිවස වූ ආලින්දයේ අසුනක් ලබා දීමට අවසානයේ දී එකඟ විය. ඔහුගේ පවුල සියවසකට වැඩි කාලයක් මෙම නිවසේ සිට ඇත. 75 හැවිරිදි වියේ පසුවන මේ අමුතු පුහුණුකරුවා සමඟින් සාකච්ඡා කළහොත් මේ දිනවල එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ බිඳවැටීමේ ස්වභාවය කෙතරම් දැයි දැන ගැනීමට ඔබට වැඩි කාලයක් ගත නොවේ.  විස්සයි 20 තරගවල දී ඔවුන්ගේ උපරිම දක්ෂතා නොදැක්වූ නවසීලන්ත පිතිකරුවන් කිහිප දෙනෙකුගේ ශිල්පීය ක්‍රම පිළිබඳව ද ඔහුට යම් විවේචනයක් ඇත.

නවසීලන්ත ටෙස්ට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වන රොස් ටේලර්ගේ ආවේණික ස්ලොග් ස්වීප් පහරෙහි නිර්මාතෘවරයා ඔහු බව හෙළි කරන විට පේටන්ගේ මුහුණේ යම් සිනාවක් දැකිය හැකි විය.

“ඒ ස්ලොග් ස්වීප් පහර මගේ. ඒක මගේ නීති පොතට පිටතින් තිබුණේ. මගේ හිතේ තියන ක්‍රිකට් ඒක නෙමෙයි. නමුත් ඒක විලංගු බිඳ දැමිය හැකි හොඳම ක්‍රමයක්.” යැයි පේටන් cricbuzz වෙත කියා සිටියේය. 

ටේලර් සහ ඔහු පුහුණුවන කාලය තුල දී සතියකට වරක් මාස්ටර්ටන්හි ගෘහස්ථ දැල්වල මුණගැසී තිබුණි. ඒ නවසීලන්තයේ හිටපු ටෙස්ට් නායකයා ඔහුගේ යෞවන වියේ පසුවන අවධියේ දීය. රොස් ටේලර් ඒ වන විටත් මධ්‍යම දිස්ත්‍රික්කය විසින් අනාගත තරුවක් ලෙස තෝරාගෙන තිබුණි.  

පේටන් පන්දු යැවීමේ යන්ත්‍රයකට බෝල යොමු කිරීම සඳහා පැය ගණනක් වැය කලේය. ඒ අතර ටේලර් තමා දෙසට පන්දුව යොමු නොකරන ලෙස යාච්ඤා කීරීමට ද පුරුදුව සිටියේය. 

“ඒ කාලේ අපිට ආරක්ෂිත දැල් හෝ හෙල්මට් තිබුණේ නැහැ. මම හිතන්නේ ඔහු කෙලින්ම පහර දුන්නොත්, එයත් ඔහු එල්ල කරන වේගයෙන්, මම මැරේවි කියලා. මම ඇත්තටම ඉක්මන් වුනේ නැහැ. ඔහුට ඒ වෙද්දී වයස අවුරුදු 13ක් වුනත් ඔහු තදින් පහර දුන්නා. මම ඔහුට ගොඩක්ම පුහුණු කළේ cover drive පහර හා on drive පහර. මොකද බෝලේ මගේ පැත්තට එන්නේ නැති හින්දා.”

අභියෝගවලට අභියෝග කළ ඉන්දියාවේ අලුත් වීරයා – යශස්වි ජයීස්වාල්

“මම ඔහුව පොරොන්දු කරගත්තා. ඔහු පොරොන්දු වුනා මේ ලෝක කුසලානයේ වැඩිම ලකුණු ගන්න. මම ඔහුට කිව්වා ඔහු ඒක කළොත් මම ඔහුට කාරයක් …

පේන් කියා සිටින ආකාරයට ඔහු ටේලර්ට ඕෆ් ස්ටම්ප් කලාපයට පිටතින් පතිත වන ෆුල් ටොස් පන්දුවක් ලබාගෙන mid wicket කලාපයෙන් හයේ පහරක් එල්ල කිරීමට පුරුදු කර ඇත. ඒ පහර එල්ල කිරීමේ දී ඔහු ටේලර්ට උපදෙස් දෙකක් දී ඇත. ඒ පන්දුව තෝරාගැනීමේ දී ඔහුට පන්දුව මඟ හැරුණ ද එය කඩුල්ලේ නොවදින පන්දුවක් තෝරාගැනීමටත් එල්ල කරන පහර හතරේ පහරක් නොව හයේ පහරක් දක්වාම එල්ල කරන ලෙසයි.

වසර ගණනාවක් තිස්සේ අප දැක ඇති පරිදි සහ විශේෂයෙන් පසුගිය බදාදා (පෙබරවාරි 5) සෙඩ්ඩන් උද්‍යානයේ දී ටේලර් තම ප්‍රබලතම අවිය වන slog sweep පහර සඳහා නිවැරදිම පන්දු තෝරාගැනීමට හේතුව මේ උපදෙස් බවට සැක නැත. 

“මම හැමවෙලේම පන්දු ‍යවන්නන් අනුමාන කළා. පසුව පන්දු යවන්නා ඔබට ඕෆ් ස්ටම්ප් කලාපයට පිටතින් මදක් ඉපිලෙන පන්දුවක් ලබා දුන්නොත් හා ඔවුන් සියලු පන්දු රකින්නන් එහි රඳවා සිටියොත් ඒ පහර කෙළින්ම හයේ පහරක් කරන්න මම ඔහුව පුහුණු කළා. ඒ වගේම ප්‍රතිවාදීන් ලොකු පීඩනයක් එල්ල කරන වෙලාවක, මම ඔහුට කිව්වා එකම පන්දුවාරයේ දී මේ පහරෙන් හයේ පහර දෙකක් එල්ල කරන්න කියලා. ලකුණු 12ක් ආවම ඒක පහසුවක් වේවි තරගයට කියලත් මම කිව්වා. එහෙම වුනාම ප්‍රතිවාදීට සිදු වෙනවා එක් පන්දු ‍යවන්නෙක් එතනට දාන්න. එතකොට ඔහුට තවත් තැනක් ලැබේවි ලකුණු රැස් කරන්න.”

ටේලර් හැමිල්ටන් හිදී පේටන්ගේ මෙම උපක්‍රමය භාවිතයෙන් ඉන්දියානුවන් හැසිර වූ ආකාරය හරියටම දැකගත හැකි විය.  ජස්ප්‍රිත් බුම්රා සහ ෂර්දුල් තාකූර්ගේ පන්දුවකට මෙන්ම දඟපන්දු යවන්නන්ට ද මේ පහර උපයෝගී කරගැනීමට ටේලර් සමත් විය. විරාත්ට සෑම විටම එහි ක්‍රීඩකයෙකු රැඳවීමට සිදු වූ අතර ටේලර් එවිට වෙනත් පැත්තකින් ලකුණු ලබා ගත්තේය. ටේලර් මෙම උපක්‍රමය බොහෝ විට භාවිතා කරන අතර විශේෂයෙන් පසුගිය කාලය තුල ඔහුගේ එක්දින ලකුණු සාමාන්‍යය ලකුණු 48.48ක් දක්වා ඉහල දැමීමට ද එය මහත් ලෙස උපකාරි විය. 

නමුත් ටේලර්ට ස්වාභාවික දක්ෂතාවයක් ඇති හෙයින්, මේ පහර මුළුමනින්ම ප්‍රගුණ කිරීමට ඔහුට යම් කාලයක් ගත වූ බව පේටන්ට හැඟේ. ඔහු හැමිල්ටන් හි ලකුණු සම වූ තරගයේ දී ටේලර්, මොහොමඩ් ෂාමිගෙන් පන්දුවකට slog sweep පහර එල්ල කිරීමට ගොස් දැවී ගියේය. 

මේ පුහුණුකරු තම හිටපු සිසුවාට තම ප්‍රියතම  පහර එල්ල කිරීම සඳහා පුහුණු කිරීමට වසර ගණනාවක් ගත කර ඇත. පේටන් එකල භාරව සිටි වැන්ගනුයි කොලෙජියෙට් පාසල, ටේලර් සමඟ පාමර්ස්ටන් නෝර්ත් බෝයිස්  උසස් පාසලේ කණ්ඩායම මේ පුහුණුවීම් සඳහා භාවිතා කර ඇත. 

“පන්දු යවන්නන් ඉතා දැඩි එල්ලයකින් පන්දු යවා පන්දු රකින්නන් ඔවුන්ගේ සාමාන්‍ය පන්දු රැකීමේ ස්ථාන වලින් මීටර් 5-6ක් දුරින් තබා ගැනීමට මම වගබලා ගත්තා. මම දැනගෙන හිටියා ඔහු ‘පන්දුව අතහැර දමා යන’ පිතිකරුවෙකු බව. නමුත් පන්දු රකින්නන් ඉතා ආසන්නයෙන් සිටීම නිසා ඔහුට රිසිසේ පහර එල්ල කරන්න බැරි වුනා. ඒ වන විට ඔහු ක්‍රීඩාවේ මුල් අවදියේ හිටියේ. ඒ වගේම ඔහු ඔවුන්ගේ හොඳම ක්‍රීඩකයා වෙලා හිටියේ. අපේ කණ්ඩායම ඔහුව සිර කර, දවාගන්න උත්සාහ කළා.” පේටන් පවසන්නේ ආඩම්බරයෙනි. 

බයිලා නොගැසූ එම්. එස්

එම්.එස් යන නාමය ප්‍රසිද්ධ බයිලා වලටය. නමුත් මේ ලිපියෙන් විමසා බැලෙන්නේ බයිලා නොගැසූ එම්. එස් කෙනෙකු පිළිබඳවයි. ඔහු පිත්තත් රැගෙන පිටියට …

ටේලර් මනාවටු කණ්ඩායමට එරෙහිව වයිරාරාපා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ කාලයක් ද ඔහු සිහිපත් කරයි. එහි දී වේගපන්දු යවන්නන්ට එරෙහිව 55ක් ලබා ගත් ටේලර් දඟපන්දු යවන්නා විසින් පන්දු යැවූ පළමු පන්දුවෙන්ම ස්ලොග් පහරක් එල්ල කළේය. ටේලර් ඉන් දැවී ගියේය. 

“මම එදා ඔහු සමඟ ඉතා තරහෙන් හිටියේ. එක් වැරදි පහරකින් ඔබ ඔවුන්ව දක්ෂයින් බවට පත් කළ බව මම ඔහුට කිව්වා. එය ඔහුට සැබවින්ම බලපෑවා. දැන් පවා ඔබට දකින්න පුළුවන් ඔහු දඟපන්දු යවන්නෙකුට එරෙහිව ඒ පහර එල්ල කරන්න කලින් පන්දු කීපයකට පහර දීලා බලනවා.” පේටන් පවසා සිටියේය. 

ඔහුගේ හිටපු පුහුණුකරු පවසන ආකාරයට ටේලර්ට ස්වාභාවික පිතිකරණ රටාවක් හා දෑස් හා අත් අතර හොඳ සම්බන්ධීකරණයක් තිබීම නිසා සෑම විටම “පැයට සැතපුම් 100ක්” වේගයෙන් පන්දුවට පහර දීම. හැකි බවයි. මෙය හොකී පිටියේ දී ටේලර් ලබා ගත් දක්ශතාවයක් බව ද පේටන් පවසයි. පේටන්ට අනුව, රොස් ටේලර් නවසීලන්ත හොකී කණ්ඩායම හෝ බ්ලැක් ස්ටික්ස් වෙනුවෙන් ඉහළම මට්ටමින් ක්‍රීඩා කිරීමට තරම් හොඳ ක්‍රීඩකයෙකි. ටේලර් පවා මේ ස්ලොග් සිවීප් පහරේ ප්‍රබලත්වයට හේතුව හොකී පිත්ත හැසිරවීම බව විස්වාස කරයි. 

ටේලර්ගේ පාසල් ක්‍රීඩාව වූ හොකී පමණක් වූයේ නැත. ඔහුගේ දෙවන වසරේ දී හිම ක්‍රීඩාවේ දී ගෝල 33ක් ලබා ගැනීමට තරම් ඔහු දක්ෂ විය. මේ නිසා ටේලර් දඩයක්කාරයෙකු ලෙස කීර්තියක් ලබා ගත්තේය.

පාමර්ස්ටන් නෝර්ත් බෝයිස් හයි හි ක්‍රීඩකයන් හෙළි කරන ආකාරයට, ඔවුන්ට ඇත්ත වශයෙන්ම ගෝල රකින්නන් සඳහා ශක්තිමත් ආරක්ෂක ආම්පන්න ලබා ගත යුතුව තිබුණි. 

ඒ ටේලර් විසින් පහර දුන් හොකී බෝලයක් සමඟ ගනුදෙනු කිරීමේ දී ඔවුන්ට ආරක්ෂිත බවක් දැනීමටයි. මේ දක්ෂතා ඇති යෞවනයා ක්‍ෂේත්‍රයේ වේගවත්ම ක්‍රීඩකයා පමණක් නොව පන්දුව තමා වෙත පැමිණෙන තෙක් බලා සිටින ක්‍රීඩකයෙකු ලෙස ද ප්‍රචලිත විය. ටේලර් ක්‍රීඩා සෑම කණ්ඩායමකම ක්‍රීඩකයන් පන්දුව ‘රොස්කෝ’ වෙත ලබා ගැනීමට උනන්දු වූ අතර එය නිරන්තරයෙන්ම කණ්ඩායමට ගෝලයක් වනු ඇතැයි ඔවුන් විශ්වාස කලහ. 

රොස් ටේලර් සහ ස්ලොග් ස්වීප් පහර අතර වසර ගණනාවක් තිස්සේ තරමක් පිරික්සුණු සම්බන්ධතාවයක් ඇති අතර, ඔහු එම පහර අතහැර දැමූ හෝ ඉඳහිට පමණක් භාවිතා කළ කාල පරිච්ඡේදයක් ද තිබුණි.  එම කාලය ඔහු තම උපදේශකයා සහ අභාවප්‍රාප්ත මිතුරා වූ මාටින් ක්‍රෝ සමඟ බොහෝ වැඩ කිරීමට පටන් ගත් කාලය ද විය.

මෑත වසරවල දී ටේලර් එම පහර සඳහා වැඩි වශයෙන් යොමු වූ අතර ටේලර් මීට වසර ගණනාවකට පෙර පේටන්ගෙන් උගත් උපක්‍රමය යොදා ගනිමින් තෝරා බේරාගෙන පන්දු යවන්නන් අනුමාන කරමින් ඉනිමක දී මෙම පහර දෙවරක් පමණක් එල්ල කිරීමට වගබලා ගත්තේය. 

රොස් ටේලර් හා ස්ලොග් ස්වීප් පහර අතර ඇති සම්බන්ධය ක්‍රීඩාලෝලීන්ට නම් කිසිදා අමතක නොවනු ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<