11 වන දිනයේ තරග අවසන් වන විට ඇමරිකාව තම රන් පදක්කම් ආධිපත්‍ය තවත් වැඩි කර ගනිද්දී මහා බ්‍රිතාන්‍ය පදක්කම් සටහනේ චීනය අභිබවා දෙවන ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීම කැපී පෙනුනි.

පදක්කමක් සහ තවත් ජයක්

11111පිරිමි තුන් පිම්ම ඉසව්වේ රන් සහ රිදී පදක්කම් දෙකම දිනා ගැනීමට ඇමරිකානුවන් සමත් විය. මීටර් 17.86ක දස්කමක් සමගින් රන් පදක්කම දිනා ගත්තේ ක්‍රිස්ටියන් ටේලර් ක්‍රීඩකයායි. විලියම් ක්ලේ රිදී පදක්කම දිනාගත් අතර ලෝකඩ පදක්කම හිමිවුණේ චීනයේ බින් ඩොන්ග් හටයි.

මේ අතර ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමෙන් පසු විලියම් හට තවත් ජයග්‍රහණයක් හිමිවුණේ ඔහු ක්‍රීඩාංගණයේදීම තම පෙම්වතියට කළ විවාහ යෝජනාව  ඇය පිළිගැනීම හේතුවෙනුයි.2222

මෙය රියෝ කෙළිබිමේ ඉදිරිපත් වූ පළමු විවාහ යෝජනාව නොවේ. මීට පෙර චීන දිය පිණුම් ක්‍රීඩකයෙක් තම කණ්ඩායමේ ක්‍රීඩිකාවකට පදක්කම් ප්‍රදානෝත්සවයක් අවසානයේ ඉදිරිපත් කල විවාහ යෝජනාවක්ද එම ක්‍රීඩිකාව පිළිගෙන තිබිණි.

 1500 ජය කෙන්යාවට

333ඊයේ දිනය තුල රියෝ මලල ක්‍රීඩා පිටියේ ප්‍රධාන ඉසව්වක් වූ කාන්තා මීටර් 1500 ඉසව්ව ජයගන්නට කෙන්යාවේ ෆේත් කිප්යේගන් සමත් විය. ඉතියෝපියාවේ ගෙන්සේබේ ඩිබාබා හට හිමිවුණේ රිදී පදක්කමයි. කිප්යේගන් ඉසව්ව අවසන් කරන්නට ගත කල කාලය මිනිත්තු 4යි තත්ත්පර 8.92ක්

ජැමෙයිකාවට තවත් රන් ජයක්

4444දිනයේ අවසන් ඉසව්ව ලෙස පැවති පිරිමි මීටර් 110 කඩුලු ඉසව්වේදී ඇමරිකානු ක්‍රීඩකයන්ගේ පරාජය කැපී පෙනුණා. එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් ජැමෙයිකාවේ ඔමාර් මැක්ලොයිඩ් වාර්තා කළ කාළය තත්ත්පර 13.05ක්. ස්පාඥ්ඥයේ ඔර්ලන්ඩෝ ඔර්ටේගා රිදී පදක්කමටත්, ප්‍රංශයේ දිමිත්‍රි බස්කෝ ලෝකඩ පදක්කමටත් හිමකම් කියද්දී ඇමරිකානු ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක අයෙක් තරග නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් තරගයෙන් ඉවත් කෙරුණු අතර අනෙක් ක්‍රීඩකයාට හිමිවුණේ 5 වන ස්ථානයයි.

බර ඉසිලීමෙන් තවත් තවත් ලෝක වාර්තාවක්

5555රියෝ බර ඉසිලීමේ ක්‍රීඩාංගනයේ අවසන් ඉසව්වේදී නව ලෝක වාර්තා 3ක් පිහිටුවන්නට ජෝර්ජියාවේ ලාෂා තලහාඩ්ස් සමත් විය. ඔහු මෙම වාර්තා පිහිටවූයේ පිරිමි කිලෝග්‍රෑම් 105ට වැඩි බර පන්තියේ දී කිලෝ ග්‍රෑම් 473ක් ඔසවමිනුයි. මෙම සම්පූර්ණ බර ප්‍රමාණය මෙන්ම එම දස්කම සඳහා ස්නැච් ක්‍රමයට එසවූ කිලෝග්‍රෑම් 215ත්, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට එසවූ කිලෝග්‍රෑම් 258ක බරත් ලෝක වාර්තා ලෙස ඉතිහාසයට එක්විය.

අහසින් පොලවට

6666රියෝ ඔලිම්පික් ක්‍රීඩාංගනයේ පැසිපන්දු ක්‍රීඩාංගනය ආසන්නයේ රූපවාහිනී කැමරාවක් කඩා වැටීමෙන් කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කිරීමට සිදුවිය. මෙසේ කඩා වැටුනේ යකඩ රැහැන් ආධාරයෙන් ගුවනේ රඳවා තිබූ SPIDER CAM කැමරාවකුයි.

හෙටත් රියෝ උණුසුම ලිපියක් සමගින් හමුවෙමු. ඔබට ක්‍රීඩාශීලී දවසක්!

— අද දිනය නිමාවන විට පදක්කම් සටහන —

medly

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට