ඉන්දීය ක්‍රීඩකයෙකුගේ දඟපන්දුව තහනමට ලක් කෙරේ

759

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිර්දේශවලට අනුව අද(28) දිනයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දීය ක්‍රීඩක අම්බති රයිදු හට මින් ඉදිරියේ දී පැවැත්වෙන කිසිදු ජාත්‍යන්තර තරගයක දී පන්දු යැවීමට නොහැකි වන ලෙසින් තහනමක් පැනවීමට තීරණයකට එළඹ තිබේ.

රෝහිත් – කුල්දීප් සුසංයෝගය නවසීලන්තය නැවතත් හඬවයි!

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නොනවතින ජය රැල්ලකට හසුව ඉදිරියට ඇදී යන….

ඕස්ට්‍රේලියාව සමඟ සිඩ්නි හිදී පැවති පළමු එක්දින තරගය අතරතුර දී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව විනිසුරුවන් සහ තරග තීරකවරයා නිශ්චය කිරීමත් සමඟම ඒ බව වහාම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත වාර්තා කිරීමට ඔවුන් පියවර ගෙන තිබුණි.

ඒ අනුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කරමින් එහි නිරවද්‍යතාව තහවුරු කරගැනීම සඳහා දින 14ක කාල සීමාවකින් අනතුරුව පරීක්ෂණයක් පැවැත්වීමට ICC කටයුතු යොදා තිබුනත් ඔහු එම පරීක්ෂණය සඳහා සහභාගී නොවීම හේතුකොටගෙන  වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්යන්තර තරගවල දී පන්දු යැවීමේ අවස්ථාව අහිමි කිරීමට තීන්දුවක් ගෙන තිබීම කැපී පෙනේ.

ICC නීති රෙගුලාසි පද්ධතියෙහි 4.2 වගන්තියට ප්‍රකාරව කටයුතු කිරීමට රයිදු  අපොහොසත් වූ බැවින් මෙම දඬුවම පැන වීමට මූලිකම හේතුව වශයෙන් ඔවුන් සඳහන් කර තිබේ. කෙසේ වුවද ඔහු මෙම පරීක්ෂණය සඳහා අනිවාර්යයෙන් පෙනී සිටිය යුතු අතර එහි දී පන්දු යැවීමේ දෝෂයක් සහිත බව සනාථ වුවහොත් එය නිවැරදි කරගනිමින් නිරවද්‍යතාව ඔප්පු කිරීමට සමත් වෙතොත් ඔහුට නැවත වතාවක් අන්තර්ජාතික තරගවල දී පන්දු යැවීමේ වරම උදා කර ගත හැක.

තත්වය එසේ වුවත් දේශීය මට්ටමින් පැවැත්වෙන ක්‍රිකට් තරග රටාවන් තුල ඔහුගේ පන්දු යැවීම පිළිබඳ කිසියම් චෝදනාවක් එල්ල නොවන්නේ නම් හෝ අදාළ ක්‍රිකට් පරිපාලන ආයතනයන් මඟින් ඔහුගේ පන්දු යැවීම තහනමට ලක් නොකරන්නේ නම් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නීති රෙගුලාසි පද්ධතියේ 11.1 සහ 11.5 වගන්තීන්ට අනුව කිසිදු බාධාවකින් තොරව පන්දු යැවීමේ අවස්ථාව ඔහුට හිමි වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<