මෙම වසරේ රුසියාවේ දී නිමාව දුටු පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ උණුසුම පහව යාමටත් මත්තෙන් පාපන්දු ක්‍රීඩාලෝලීන් හට සතුටුදායක ආරංචියක් ඊයේ දින විදෙස් මාධ්‍යය වාර්තා කර තිබුණි.
එනම් 2022දී කටාර් රාජ්‍යය සත්කාරකත්වය දරමින් පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගය දියත් කිරීමට බලාපොරොත්තු වන ලුසෙයිල් ක්‍රීඩාංගණයේ ආකෘතිය එළිදැක්වීමයි.
ඉතා දැකුම්කළු නිමාවකින් අලංකෘත වන මෙම ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයන් 80,000කට පමණ එකවර තරග නැරඹීය හැකි අයුරින් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වේ. දෝහා අගනුවර සිට කිලෝමීටර 15ක් උතුරට වන්නට පිහිටා ඇති ලුසෙයිල් නගරය කේන්ද්‍ර කරගනිමින් මෙම සුවිසල් ක්‍රීඩා පිටිය ඉදිකිරීමට නියමිතයි.
සාන්ත පැට්‍රික් ක්‍රීඩකයෝ දඩුවම් පහරවලින් මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයෝ පරදති
‘ThePapare’ වයස අවුරුදු 20න් පහළ අන්තර් පාඨශාලීය සමස්ත ලංකා පාපන්දු….

ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් පිළිබඳ භාරව චීන සහ කටාර් සමගම් දෙකක් කටයුතු කරන අතර දැනටමත් ක්‍රීඩාංගණයේ වැඩ කටයුතු වලින් 90%ක් පමණ අවසන් කර ඇති නිසා 2020 වන විට සියලුම ඉදිකිරිම් වැඩ නිම කිරීමට අපේක්ෂා කෙරේ.
ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩාංගණ 8-12ක් අතර ප්‍රමාණයක් යොදා ගැනීමට සැලසුම්කර ඇති අතර ලබන වසරේ දී Al-Wakrah සහ Al-Bayt යන ක්‍රීඩාංගණයන්හී ඉදිකිරීම් කටයුතු අවසන් කොට තරගාවලිය සඳහා සූදානම් කිරීමට සංවිධායක කමිටුව බලාපොරොත්තු වේ.
ලුසෙයිල් ක්‍රීඩාංගණය ඉදිකිරීම් සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට පැමිණ සිටි එරට ගොඩනැගිලි සහ ඉදිකිරීම් කටයුතු භාර කමිටුවේ ලේකම් හසන් අල් තවාඩි මහතා පවසා සිටියේ ලෝක කුසලාන සත්කාරකත්වය සිය රට ජයග්‍රහණය කළ මොහොතේ ඔවුන් ලබා දුන් පොරොන්දු ඉටු කරමින් තවත් එක් අග්‍රගන්‍ය ක්‍රීඩාංගණයක් පාපන්දු ලෝකයට දායාද කිරීමට හැකි වීම පිළිබඳ ජාතියක් වශයෙන් ඔවුන් ඉතා ආඩම්බර වන බවය.
ශ්‍රී ලංකා කඹ අදින්නෝ පදක්කම් සියල්ල තමන්ගේ දෙසට ඇදගනී
13 වැනි ආසියානු හා 3 වැනි දකුණු ආසියානු කඹ ඇදීමේ ශූරතාවලීන් අද (15)….
“මෙම ඉදිකිරිම් සියල්ල ලෝක කුසලානයෙන් පසු අපි ජනතාවගේ අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට උවමනා කරන පාසල්, කඩසාප්පු, ආපනශාලවන් සහ සෞඛ්‍ය මධ්‍යස්ථානවලින් සමන්විත සේවා පරිශ්‍රයක් බවට පත්කිරිමට කටයුතු කරනවා. එමනිසා තරගාවලියෙන් අනතුරුව ආසන සියල්ලම ඉවත් කර ඒවා ලෝකය පුරා ඇති විවිධ ක්‍රීඩා ව්‍යාපෘති සඳහා පරිත්‍යාග කිරීමට අපි බලාපොරොත්තු වනවා.” යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේය.
>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<






















