ක්‍රීඩා පෞරුෂයන් අගයන ජනාධිපති ක්‍රීඩා සම්මාන 2015

269

ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් සම්මානයට පාත්‍ර‍ කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පවත්ඩවනු ලබන ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ හා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන් මෙම මස 18 වැනි දා සවස 05.00 සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී.

එහිදි තමන් තෝරාගත් ත්‍රීඩාව තුලින් විශිෂ්ඨත්වයට ලගාවී ජයග්‍ර‍නයන් හි මුදුන් පෙත්තට ලගා වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හදුනාගනිමින් ඔවුන් හුවා දැක්විය යුතුය යන්න සංකල්පයයි.

මෙම සම්මාන ප්‍රධානයේ මූලික නිර්ණායක ලෙස

  • ශ්‍රී ලාංකිකයෙකු වීම.
  • ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් පිලිගත් ක්‍රීඩාවක් සදහා සහභාගී වීම.
  • අවම වශයෙන් ජාත්‍යන්තර හෝ කණිෂ්ඨ ජාත්‍යන්තර මට්ටමින් තෝරාගත් ඉසව්වක් සදහා තරග කිරීම (අදාල තැන්හි)
  • තමන් තෝරාගත් ක්‍රීඩාවක ශ්‍රී ලංකා කණිශ්ඨ හෝ ජ්‍යෙශ්ඨ කණ්ඩායමක සමාජිකයෙකු (අදාළ වන තැන්හිදි) වීම
  • කණිශ්ඨ ජාතික ගණය තත් වර්ෂයේ ජනවාරි මස පළමුවන දිනය වන විට වයස අවුරුදු 21 ක් හෝ ඊට අඩුවීම.

ආදි දැ සලකා බලමු ලැබේ.

මෙහිදි,

  • විශේෂිත ක්‍රීඩා ක්ෂේත්‍ර‍ සදහා ක්‍රීඩා සම්මාන
  • ක්‍රීඩා ප්‍ර‍ාශණ සහ ජනමාධ්‍ය සදහා ජනාධිපති සම්මාන
  • ජාතික ක්‍රීඩා සංගම් ඇගයීම
  • ජනාධිපති ක්‍රීඩා වර්ණ
  • ජනප්‍රියතා සම්මාන

ආදි ලෙස සම්මාන කාණ්ඩ පහකින් සම්මාන ප්‍ර‍දානය කරයි.