දිනුක ඩිල්ශාන් මංගල තරගයෙන්ම ශතක සමාජයට

117
Dinuka Dilshan

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League – Tier A ක්‍රිකට් තරගාවලියේ තම මංගල පළමු පෙළ තරගයට සහභාගී වූ මුවර්ස් ක්‍රීඩා සමාජයේ 20 හැවිරිදි දිනුක ඩිල්ශාන් ශතකයක් වාර්තා කර ගැනීමට සමත් විය. ඒ කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට එරෙහිවයි. 

තික්ෂිල, මනෝජ් සහ ප්‍රියන්ජන් දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League – Tier A ක්‍රිකට්

මේ අතර අද (22) දින පැවති එස්. එස්. සී. සහ බී. ආර්. සී. අතර තරගයේ දී එස්. එස්. සී. කණ්ඩායමේ නුවනිඳු ප්‍රනාන්දු සහ රාගම ක්‍රිකට් සමාජයේ ආරම්භක පිතිකරු සමින්ද ප්‍රනාන්දු ද ටැමිල් යුනියන් කණ්ඩායමට එරෙහිව ශතකයක් රැස්කර ගත්හ.  

බදුරලිය ක්‍රිකට් සමාජයේ ලහිරු මිලන්ත ද ශතකයක් වාර්තා කර ගත් අතර ඔහු මීට පෙර ලංකන් ක්‍රිකට් සමාජයට එරෙහිව ද්විත්ව ශතකයක් ද රැස්කර ගැනීමට සමත් වී තිබිනි. 

පන්දු යැවීමේ දී හලාවත මේරියන්ස් කණ්ඩායමේ වේගපන්දු යවන අසිත ප්‍රනාන්දු බදුරලිය ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 139කට කඩුලු 7ක් දවා ගත්තේය. මේ ඔහු කඩුලු 5කට වැඩියෙන් දවා ගත් තෙවැනි අවස්ථාවයි. 

Group A

මුවර්ස් ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය 

මුවර්ස් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සංචාරක ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලු දෙනා දැවී ලකුණු 214ක් රැස්කර ගත් අතර ඊට පිළිතුරු ලෙසින් මුවර්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 264ක් රැස්කර ගත්හ. 

මුවර්ස් ඉනිමේ පෙර දිනයේ නොදැවී ලකුණු 19ක් රැස්කර ගෙන සිටි දිනුක ඩිල්ශාන් අද දින තම පළමු පෙළ ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කර ගැනීමට සමත් විය. මුවර්ස් ඉනිම නිමා වන විට ඔහු පන්දු 297කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් ලකුණු 118ක් රැස්කර ගත්තේය. 

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය : පළමු  ඉනිම සියලු දෙනා දැවී 214 (71.3) සදීර සමරවික්‍රම 37, හේෂාන් ධනුෂ්ක 49, සංතුශ් ගුණතිලක 34, විශාද් රන්දික 24, ප්‍රියමාල් පෙරේරා 27, චතුර රන්දුණු 5/42, රමේෂ් මෙන්ඩිස් 2/27. සහ දෙවැනි ඉනිම කිසිවෙකු නොදැවී 49 (9) සංගීත් කුරේ නොදැවී 25, සදීර සමරවික්‍රම නොදැවී 20. 

මුවර්ස් ක්‍රීඩා සමාජය : පළමු ඉනිම (තරගය පළමු දිනයට නතර කරන විට පන්දුවාර 18ක දී කඩුලු 2ක් දැවී 43) සියලු දෙනා දැවී 264 (97.4) දිනුක ඩිල්ශාන් 118, සචිත්‍ර සේරසිංහ 27, අදීශ තිලාංචන 30, නිපුන් රන්සික 2/56, ඩිල්රුවන් පෙරේරා 4/76, ප්‍රභාත් ජයසූරිය 3/82. 


මීගමුව ක්‍රිකට් සමාජය සහ සී. සී. සී. කණ්ඩායම 

හැව්ලොක් ටවුන් බී. ආර්. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ මීගමු ක්‍රීඩකයන්ට හිමි වී ඇති ඉලක්කය ලකුණු 371කි. ඒ සඳහා යන ගමනේ දී ඔවුන් කිසිවෙකු නොදැවී ලකුණු 65ක් රැස්කර ගෙන සිටියි. 

සී. සී. සී. : පළමු ඉනිම සියලු දෙනා දැවී 142 (43) ලසිත් අබේරත්න 59, මාලින්ද පුෂ්පකුමාර 35, රොෂේන් ප්‍රනාන්දු 3/22, ඩිල්ශාන් මුණවීර 2/23, සහන් අදීශ 2/25. සහ දෙවැනි ඉනිම (තරගය පළමු දිනයට නතර කරන විට පන්දුවාර 07ක දී කිසිවෙකු නොදැවී 26) සියලු දෙනා දැවී 369 (79.2) එම්. පී. එම්. වීරසිංහ 31, අශාන් ප්‍රියංජන් 84,  මළිඳු මධුරංග 83, සොනාල් දිනූෂ නොදැවී 75, පවන් රත්නායක 29, මාලින්ද පුෂ්පකුමාර 28, රොෂේන් ප්‍රනාන්දු 2/32, ලක්ෂිත මනසිංහ 5/126, උපුල් ඉන්ද්‍රසිරි 3/94. 

මීගමුව ක්‍රිකට් සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 141 (35.5) පසිඳු ලක්ෂාන් 43, මාලින්ද පුෂ්පකුමාර 4/58, අශාන් ප්‍රියන්ජන් 6/24 සහ දෙවැනි ඉනිම කිසිවෙකු නොදැවී 65 (15) ඩිල්ශාන් මුණවීර නොදැවී 46. 

වනිඳුගේ තරුණ ජවයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්!

ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට නිරන්තරයෙන්ම අත් විඳින්නට සිදුවන හෘදයාබාධ ඇති කරවන සුළු ආකාරයේ උණුසුම්


එස්. එස්. සී. කණ්ඩායම සහ බී. ආර්. සී. කණ්ඩායම 

දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද දින ආරම්භ වූ මෙම තරගයේ දී එස්. එස්. සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු ශතකයක් වාර්තා කර ගැනීමට සමත් විය. ඔහු පන්දු 182කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 109ක් රැස්කර ගත්තේය. 

මෙම තරගයේ දී නුවනිඳු ප්‍රනාන්දු සහ ක්‍රිශාන් සංජුල එක්ව සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 171ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් විය. ක්‍රිශාන් සංජුල මේ වන විට පන්දු 149කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 85ක් රැස්කර ගෙන සිටියි. 

එස්. එස්. සී. : පළමු ඉනිම කඩුලු 4ක් දැවී 237 (64) නුවනිඳු ප්‍රනාන්දු 109, ක්‍රිශාන් සංජුල නොදැවී 85, දුවිඳු තිලකරත්න 2/56. 

මෙම තරගය හෙට (23) දින දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතය. 


Group B 

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ බදුරලිය ක්‍රිකට් සමාජය 

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි දිනයේ දී බදුරලිය ක්‍රිකට් සමාජයේ ලහිරු මිලන්ත පන්දු 176කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 104ක් රැස්කර ගත්තේය. 

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 206  (51.1) ඔසඳ ප්‍රනාන්දු 24, තික්ෂිල ද සිල්වා නොදැවී 119, ලහිරු සමරකෝන් 5/86, බුද්ධික සංජීව 2/55, ටී.එන්. සම්පත් 2/58. සහ දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 81 (24) සුමිත් ගඩියොන්කාර් නොදැවී 40. 

බදුරලිය ක්‍රිකට් සමාජය : පළමු ඉනිම (තරගය පළමු දිනයට නතර කරන විට පන්දුවාර 34ක දී කඩුලු 2ක් දැවී 128) සියලු දෙනා දැවී 326 (91.5) යසෝද ලංකා 51, දමිත් පෙරේරා 53, ලහිරු මිලන්ත 104, ශාහිඩ් යුසස්  48, අලංකාර අසංක නොදැවී 24, අසිත ප්‍රනාන්දු 7/139, සාගර් පරේශ්උදේශි 2/60. 


රාගම ක්‍රිකට් සමාජය සහ ටැමිල් යුනියන් ක්‍රිකට් සමාජය 

මේට්ලන්ට් පෙදෙස එන්. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි දිනයේ දී රාගම ක්‍රිකට් සමාජයේ ආරම්භක පිතිකරු සමින්ද ප්‍රනාන්දු නොදැවී ලකුණු 135ක් රැස්කර ගැනීමට සමත් විය. ඔහු තම ඉනිම වෙනුවෙන් පන්දු 234කට මුහුණ දුන් අතර හතරේ පහර 10ක් තම ඉනිමට ඇතුළත් කළේය. 

ටැමිල් යුනියන් ක්‍රිකට් සමාජය : පළමු ඉනිම (තරගය පළමු දිනයට නතර කරන විට පන්දුවාර 90ක දී කඩුලු 6ක් දැවී 369) සියලු දෙනා දැවී 421 (101.2) තරංග පරණවිතාන 35, කිත්රුවන් විතානගේ 35, මනෝජ් සරත්චන්ද්‍ර 113, රන්මිත් ජයසේන 89, මධුක ලියනපතිරණගේ 38, ඉෂාන් ජයරත්න 4/94, අමිල අපොන්සු 3/102, කල්හාර සේනාරත්න 2/102. 

රාගම ක්‍රිකට් සමාජය : පළමු ඉනිම කඩුලු 3ක් දැවී 261 (76) සමින්ද ප්‍රනාන්දු නොදැවී 135, උදාර ජයසුන්දර 43, රොෂේන් සිල්වා 51, මධුක ලියනපතිරණගේ 2/91.  

විශ්ව චතුරංග පළමු පෙළ හොඳම ඉනිම වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League – Tier B පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ


සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ ලංකන් ක්‍රිකට් සමාජය 

මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ලංකන් ක්‍රිකට් සමාජය රැස්කර ගත් ලකුණු 229ට පිළිතුරු ලෙසින් සැරසන්ස් ක්‍රීඩකයෝ තරගය දෙවැනි දිනයට නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 331ක් රැස්කර ගෙන සිටියහ. 

ලංකන් ක්‍රිකට් සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 229 (73) කසුන් අබේරත්න 33, දමිත සිල්වා 27, සවන් කංකානම්ගේ 25, මාලිංග අමරසිංහ 76, සාලිය සමන් 2/44, මොහොමඩ් ඩිල්ෂාඩ් 2/65, චාමිකර එදිරිසිංහ 4/61.  

සැරසන්ස් ක්‍රීඩා සමාජය : පළමු ඉනිම (තරගය පළමු දිනයට නතර කරන විට පන්දුවාර 3.5ක දී කිසිවෙකු නොදැවී 28) කඩුලු 8ක් දැවී 331 (94) සිතාර ගිම්හාන් 31, නවිඳු නිර්මාල් 81, හර්ෂ රාජපක්ෂ 27, මිලින්ද සිරිවර්ධන 69, ප්‍රමුද් මධුවන්ත 28, සාලිය සමන් නොදැවී 39, චාමිකර එදිරිසිංහ 20, උදිත් මධුශාන් 2/71, චානක රුවන්සිරි 2/56, ගීත් කුමාර 2/42. 

එස්. එස්. සී. කණ්ඩායම සහ බී. ආර්. සී. කණ්ඩායම අතර තරගය හැරෙන්නට අනෙක් සියලු තරග හෙට (23) දින තෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<