ශ්‍රී ලංකා සවි ඔසවන්නෝ ඓතිහාසික ජයග්‍රහණයක් සමරති

356

ආසියානු පැසිෆික් Classic හා Equipped සවි එසවීමේ ශූරතාවය සඳහා ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායමක් සහභාගී වූ අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් පදක්කම් 8ක් දිනා ගැනීමට සමත් වූ අතර එයට රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 4ක් හා එක් ලෝකඩ පදක්කමක් ඇතුළත් විය.

නිවේන්ද්‍ර සිල්වා, ප්‍රදීප් කුමාර, හිරාන් ප්‍රනාන්දු රන් පදක්කම් තුනේ හිමිකාරයන් වූ අතර ෂෙහානි ක්‍රිස්ටිනා, රන්සිළු ජයතිලක, විකුම් පෙරේරා, කකොල්‍ය ජන්මොඩ් රිදී පදක්කම් දිනා ගනිද්දී එකම ලෝකඩ පදක්කමට හිමිකම් කීමට මේරියන් ද සොයිසා සමත් විය.

ශ්‍රී ලංකා සවි ඔසවන්නෝ සමස්ත පිරිමි ශූරතාව දිනා ගනිති!

ශ්‍රී ලංකා සුපිරි සවි ඔසවන්නන් වන ප්‍රදීප් කුමාර, හිරාන් ප්‍රනාන්දු සහ රන්සිළු…..

පිරිමි Classic 59kg විවෘත ඉසව්වෙන් තරග කළ ප්‍රදීප් කුමාර එම ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට සමත් විය. එහි දී ඔහු විසින් 555Kgක මුළු බරක් එසවූ අතර Squat ආකාරයට  100Kgක්, Bench ආකාරයට 50Kgක් හා Dead lift ආකාරයට 110Kg ඒ අතරට ඇතුළත් වේ.

රන්සිළු ජයතිලක පිරිමි Classic 120kg  විවෘත අංශයේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූයේ 722.5Kgක මුළු බරක් ඔසවමිනි. එයට Squat ආකාරයට එසවූ 277Kgක්, Bench ආකාරයට එසවූ 140Kgක් හා Dead lift ආකාරයට එසවූ 310Kgක් ඇතුළත් විය.

Video – ආසියාව ජය ගන්න සවි ඔසවන්නන් සූදානම්

මාර්තු මස 12 වැනිදා සිට17 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර දී….

විකුම් පෙරේරා පිරිමි Classic 105kg කනිෂ්ඨ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර 540Kgක මුළු බරක් ඔහු විසින් ඔසවන ලදි. එය සම්පූර්ණ කිරීම සඳහා ඔහු Squat ආකාරයට 180Kgක්, Bench ආකාරයට 105Kgක් හා Dead lift ආකාරයට 220Kg බර ප්‍රමාණයක් ඔසවන ලදි.

පිරිමි Classic 120+kg කනිෂ්ඨ ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට නිවේන්ද්‍ර සිල්වාට හැකි විය. ඔහු විසින් එසවූ මුළු බර 507.5Kg වන අතර ඒ සඳහා ඔහු Squat ආකාරයට 180Kgක්, Bench ආකාරයට 120Kgක් හා Dead lift ආකාරයට 192Kg ඔසවන ලදි.

කාන්තා  Classic 72Kg විවෘත ඉසව්වෙන් තරග කළ මේරියන් ද සොයිසා 337.5Kgක බරක් ඔසවා එම ඉසව්වේ ලෝකඩ පදක්කමට උරුමකම් කීවාය. එම මුළු බර ප්‍රමාණය එසවීම සඳහා ඇය Squat ආකාරයට 125Kgක්, Bench ආකාරයට 55Kgක් හා Dead lift ආකාරයට 57Kgක් ඔසවන ලදි.

කාන්තා Classic  84+Kg කනිෂ්ඨ ඉසව්වෙන් තරග කළ ෂෙහානි ක්‍රිස්ටිනා 260Kgක බරක් ඔසවා එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් අතර එම බර සම්පූර්ණ කිරීම සඳහා ඇය Squat ආකාරයට 100Kgක්, Bench ආකාරයට 50Kgක් හා Dead lift ආකාරයට 110Kgක් ඔසවන ලදි.

මේරියන් ජාතික වාර්තා හතරක් බිඳ දමද්දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක්

2019 ආසියා පැසිෆික් Classic හා Equipped සවි එසවීමේ ශූරතාවලිය…..

පිරිමි Classic 105kg කනිෂ්ඨ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට කකොල්‍ය ජන්මොඩ් සමත් විය. එහි දී ඔහු විසින් 507.5Kgක මුළු බර ප්‍රමාණයක් එසවූ අතර එම බර ප්‍රමාණය එසවීම සඳහා ඔහු විසින් Squat ආකාරයට 182Kgක්, Bench ආකාරයට 105Kgක් හා Dead lift ආකාරයට  215Kgක් ඔසවන ලදි.

පිරිමි Classic 93kg ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට හිරාන් ප්‍රනාන්දු සමත් වූයේ  Squat ආකාරයට 240Kgක්, Bench ආකාරයට 130Kgක් හා Dead lift ආකාරයට 220Kgක් සමඟින් 595Kgක සම්පූර්ණ බරක් ඔසවමිනි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<