2020 ගිම්හාන පැරාලිම්පික් උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ යගුලිය විසිකිරීමේ ක්‍රීඩක පාලිත ජයකොඩි අද (04) තරග බිමට පිවිසියා. ඒ F63 කාණ්ඩයේ පිරිමි යගුලිය දැමීම අවසන් තරග සඳහායි.
පාලිත F42 කාණ්ඩය නියෝජනය කරමින් මෙම තරගයට එක්වූ අතර ඔහු සිය පළවැනි විසිකිරීමේ දී මීටර් 12.67 ක දුරක් වාර්තා කිරීමට සමත් වුනා. පෙර විසිකිරීමට වඩා වැඩි ජවයකින් දෙවැනි අවස්ථාව ලබා ගත් ඔහු එම අවස්ථාවේ දී වාර්තා කළ දුර මීටර් 13.08ක් ලෙස සටහන් වුනා.
එම විසි කිරීම සමඟ තරගයේ පස්වැනි තැන දක්වා ඉහළට පැමිණි පාලිත සිය තෙවැනි අවස්ථාවේ දී මීටර් 13.30ක දුරක් වාර්තා කළා.
සෑම අවස්ථාවක දී ම සිය දස්කම ඉහළ නංවා ගත් පාලිත සිව්වැනි අවස්ථාවේ දී මීටර් 13.40ක දුරක් වාර්තා කිරීමට සමත් වූ නමුත් පස්වැනි විසිකිරීමේ දී ඔහු වාර්තා කළ දුර සටහන් වුනේ මීටර් 13.30ක් ලෙසයි.
- කුමුදු හොඳම දස්කමට යද්දී මධුරංගට කෙස් ගහෙන් අවසන් වටය ගිලිහෙයි
- පැරාලිම්පික් යන “බුත්තල ලොක්කි” කුමුදු ප්‍රියංකා
- දෑත් අහිමිව ජාත්‍යන්තරය ජය ගත් ඊජිප්තුවේ Mr. Impossible
- දිනේෂ් ලෝක වාර්තා සමඟ රන් දිනද්දී සමිතගෙන් ලෝකඩ පදක්කමක්
- ස්වෝත්සාහයෙන් ලෝකයේ 6 වැනියා වෙමින් පැරාලිම්පික් යන “මාතලේ බණ්ඩාර”
සිය හයවැනි සහ අවසාන අවස්ථාවේ දී පාලිත හට වාර්තා කිරීමට හැකි වූයේ මීටර් 12.26ක් පමණක් වූ නිසා මීටර් 13.40ක හොඳම දක්ෂතාවය සමඟින් පස්වැන්නා ලෙස තරගය අවසන් කිරීමට ඔහුට සිදු වුනා.

ඒ සමඟ මෙවර පැරාලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ තරග ඉසව් සියල්ල නිමාවට පත්වූ අතර මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකු ශ්‍රී ලංකාව නියෝජනය කළා.
මෙවර පැරාලිම්පික් උළෙල ශ්‍රී ලංකා පැරාලිම්පික් ඉතිහාසයේ සාර්ථකම පැරාලිම්පික් උළෙල ලෙස හැඳින්වීමට හැකි අතර මෙවර තරගාවලියේ දී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දීමට දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන්ට හැකි වුනා.
>> 16 වැනි ගිම්හාන පැරාලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<






















