හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට නැවතත් දූෂණ වංචා චෝදනා

160
Image Courtesy - ICC

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන දිල්හාර ලොකුහෙට්ටිගේට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් දූෂණ වංචා චෝදනා එල්ල කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ මෙලෙස දිල්හාර ලොකුහෙට්ටිගේට එල්ල කර ඇති දූෂණ වංචා චෝදනා ගණන තුනකි.

“ඔවුන්ට තමයි වැඩිම අවස්ථාවක් තිබෙන්නේ.” – කුක්

2019 ලෝක කුසලානය ජය ගන්නා කණ්ඩායම ගැන හිටපු නායක ඇලිස්ටෙයාර් කුක් තම අදහස් පළකොට තිබේ. ඔහුට අනුව එංගලන්ත කණ්ඩායම

නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කර ඇත්තේ දිල්හාර ලොකුහෙට්ටිගේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන පනතේ වගන්ති තුනක් කඩ කර ඇති බවය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රිකට් ආයතනය විසින් පසුගිය දා දිල්හාර ලොකුහෙට්ටිගේට  එල්ල කල දූෂණ චෝදනාවලට අමතරව මෙම චෝදනා එල්ල කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ පහත චෝදනා දිල්හාර ලොකුහෙට්ටිගේට එල්ල කර ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන පනතේ 2.1.1 වගන්තියට අනුව මුදලට තරග පාවාදීම, ඒ සඳහා උපක්‍රම යෙදවීම හෝ මුදලට තරග පාවාදීම සඳහා උපක්‍රම යෙදවීම සඳහා වෙනත් පාර්ශව සමඟ සම්බන්ධ වීම හා බලපෑම් කිරීම ඔහුට එල්ල වන පළමු චෝදනාවය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන පනතේ 2.1.4 වගන්තියට අනුව සෘජුව හෝ වක්‍රව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන පනත උල්ලංඝනය කිරීම සඳහා බලපෑම් කිරීම හා දිරිගැන්වීම ඔහුට එල්ල වන දෙවන චෝදනාවයි.

දූෂණ මර්දන පනතේ 2.4.4 වගන්තියට අනුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් දූෂණ කටයුතු පිළිබඳව සිදු කරන පර්යේෂණ සඳහා අවශ්‍ය තොරතුරු දූෂණ මර්දන ඒකකයට ලබා නොදීම හා හෙලි නොකිරීම දිල්හාරට එල්ල වී ඇති තුන්වැනි චෝදනාවයි.

19න් පහළ ජාතික කණ්ඩායමේ කළමනාකාරිත්වයට හුරුපුරුදු මුහුණක්

2020 ICC වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය දිනීමේ ප්‍රධාන අපේක්ෂාවෙන් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටපු ශ්‍රී ලංකා තුන්

පසුගිය දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවති පන්දුවාර 10යි 10 ක්‍රිකට් තරගාවලියේ දී සිදු කළ දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් දිල්හාරට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ චෝදනා ගොනු කළ අතර එම චෝදනා සලකා බැලූ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ දිල්හාරට තරග තහනමක් පනවන ලදි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ මෙම චෝදනා පිළිබඳ කරුණු දැක්වීමට දින 14ක කාලයක් දිල්හාරට ලබා දෙන බවත්, එම දින 14 ඊයේ දිනයෙන් ආරම්භ වන බවය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<