පාකිස්තානය 3-0කින් ඕස්ට්‍රේලියාව පරාජය කරයි

161
(Photo by GIUSEPPE CACACE / AFP)

පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 3-0කින් ජයග්‍රහණය කිරීමට පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ. දෙරට අතර පැවති තෙවැනි සහ අවසන් තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (27) නිමා වූයේ පාකිස්තානයට ලකුණු 33ක ජයග්‍රහණයක් ලබා දෙමිනි.

පාකිස්තානය වේලාසනින්ම තරගාවලිය ජය ගනී

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම අතර අද (26) ඩුබායි..

පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 150ක් ලබා ගත් අතර පිළිතුරු ලෙසින් ඕස්ට්‍රේලියා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 117ක් පමණි. ඒ තවත් පන්දු 5ක් ඉතිරිව තිබිය දී ය.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩකයෝ ඉනිමේ ආරම්භයේ දී දැඩි ප්‍රහාරයක් එල්ල කළහ. ඔවුන්ගේ ලකුණු 50 පන්දු 39කින් ද, ලකුණු 100 පන්දු 84කින් ද වාර්තා විය. මේ ප්‍රහාරය තරමක් ලිහිල් වෙන්නේ අවසන් පන්දුවාර කිහිපයේ දී ය.

ඉනිමේ ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 93කි. එහි දී බාබර් අසාම් සහ සහිබ්සාදා ෆර්හාන් එක්ව මේ සබඳතාව ගොඩ නගති. සහිබ්සාදා පන්දු 38ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 39ක් ලබා ගනිමින් පළමු කඩුල්ල ලෙසින් දැවී යන්නේ ය. ඊට පසුව යැවුණ දෙවැනි පන්දුවේ දී බාබර් අසාම් ද තම කඩුල්ල ඕස්ට්‍රේලියානුවන් වෙත පුද කළේය. ඒ වෙද්දී ඔහු පන්දු 40කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබා සිටියේ ය. එය ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ 7 වැනි අර්ධ ශතකයයි. බාබර් තරගාවලිය පෑ දක්ෂතා හේතුවෙන් තරගාවලියේ වීරයා ලෙසින් ද නම් කෙරුණි.  

ඔවුන්ගේ දැවී යෑමෙන් අනතුරුව ෂොයිබ් මලික් ලකුණු 18ක් ලබා සිටිය දී තෙවැනි කඩුල්ල ලෙසින් දැවී යන්නේ පාකිස්තාන ඉනිම 126ක් වෙද්දී ය. ඉනිම නිමා වෙද්දී මොහොමඩ් හෆීස් නොදැවී ලකුණු 32ක් ද ලබා සිටියේ ය. ඔහුගේ ඉනිමට පන්දු 20ක් වැයව තිබූ හතරේ පහර 3ක් සහ හයේ පහරක් ඊට ඇතුලත් කරගෙන තිබුණි.

අවිඳු තීක්ෂණ ඩිමෝ ක්‍රීඩකයෝ දණ ගස්වයි

ඩිමෝ ක්‍රීඩකයන්ගේ සියලු බලාපොරොත්තු සුන්කර දැමූ වමතින් දඟපන්දු යැවූ අවිඳු තීක්ෂණ MAS..

පන්දු යැවීමේ දී මයිකල් මාර්ෂ් තමන් යැවූ එකම පන්දු වාරයේ දී ලකුණු 6කට කඩුලු 2ක් ලබා ගනිමින් පාකිස්තානය ඉනිමට එරෙහි හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ ය. ඊට අමතරව නේතන් ලයන්, ඇන්ඩෘ ටයි සහ ඇඩම් සම්පා කඩුල්ල බැගින් ලබා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඕස්ට්‍රේලියානුවන්ට කිසිදු අවස්ථාවක හිස එසවීමට පාකිස්තාන පන්දු යවන්නෝ ඉඩ නොතැබූහ. ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභින් වූයේ බෙන් මැක්ඩමට් සහ මයිකල් මාෂ් ය. ඔවුන් දෙදෙනාම ලකුණු 21 බැගින් ලබා ගත්හ. ආරම්භක පිතිකරු ඇලෙක්ස් කෙරී ද ලකුණු 20ක් ලබා ගත්තේ ය.

ඕස්ට්‍රේලියා ඉනිමේ ලකුණු 100 වාර්තා වෙන විට කඩුලු 8ක් ම බිඳ වැටී තිබුණි. පන්දු යැවීමේ දී ෂාදත් ඛාන් ලකුණු 19කට කඩුලු 3ක් දවා ගනිමින් ඕස්ට්‍රේලියා ඉනිමේ ප්‍රධාන ප්‍රතිවාදියා විය. ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි. ඊට අමතරව හසන් අලි කඩුලු 2ක් ද, ෆාහීම් අෂ්රාෆ්,, මොහොමඩ් හෆීස් සහ උස්මාන් ඛාන් කඩුල්ල බැගින් ද දවා ගත්හ.

පාකිස්තානය; කඩුලු 5ක් දැවී 150 (20): බාබර් අසාම් 50, සහිබ්සාදා ෆර්හාන් 39, මොහොමඩ් හෆීස් 32, සොයිබ් මලික් 18, මයිකල් මාර්ෂ් 2/06

ඕස්ට්‍රේලියාව; සියලුම දෙනා දැවී 117 (19.1): ඇලෙක්ස් කෙරි 20, බෙන් මැක්රේමට් 21, මයිකල් මාෂ් 21, හසන් අලි 2/14, ෂාදත් ඛාන් 3/19

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<