ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වුණු තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 1-1ක් ලෙස සම මට්ටමින් ඊයේ (11) රාත්‍රියේ අවසන් වුනා.
දෙරට අතර පැවැත්වීමට නියමිත ව තිබූ දෙවැනි තරගය වර්ෂාව නිසා සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට සිදු වූ අතර, ඊයේ තරගයට ද වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුනා.
වර්ෂාව නිසාම තරගය එක් ඉනිමකට පන්දුවාර 12ක් දක්වා සීමා කෙරුණා.
තරගයේ කාසියේ වාසිය පාකිස්තාන නායකයා සතු වූ අතර, ඔහුගේ ආරාධනයෙන් යුතුව ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසුණා. කෙසේ වෙතත් ඊයේ දිනයත් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට එතරම් සාර්ථක එකක් වුනේ නැහැ. පැතුම්ගේ ඉනිම ලකුණු ලබා ගැනීමට පෙරම නතර කිරීමට පාකිස්තානයට හැකි වුනත්, ඉන් පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් පිටියේ එක් වූ සියලු පිතිකරුවන් සිය කාර්ය භාර්යය අකුරට ඉටු කිරීමට සමත් වුනා.
මෙහි දී කමිල් මිශාර පන්දු 08කින් ලකුණු 20ක් ලබා ගත් අතර, ධනංජය ද සිල්වා ලකුණු 22ක් වාර්තා කිරීමට සමත් වුනා.
එමෙන්ම ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක ලකුණු 46ක් එක් කිරීමට සමත් වූ අතර, මෙහි දී චරිත් ලකුණු 21ක් මෙන්ම, කුසල් පන්දු 16කින් ලකුණු 30ක් ද ලබා ගැනීමට සමත් වුනා.
මින් අනතුරුව කඩුල්ලේ එක් වූ නායක දසුන් ශානක සහ ජනිත් ලියනගේ විසින් 06 වැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 52ක් එක් කිරීමට සමත් වූ අතර, මෙහි දී ජනිත් පන්දු 08කින් ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වුනා. එමෙන්ම ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ දසුන් ශානක පන්දු 9කින් ලකුණු 34ක් ලබා ගැනීමට සමත් වුනේ දැවැන්ත හයේ පහර 5ක් ද සමඟිනුයි.
මේ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 12 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 160ක් ලබා ගැනීමට සමත් වුනා. මෙහි දී පාකිස්තානය වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ Mohammad Wasim කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
මින් අනතුරුව ශ්‍රී ලංකාවෙන් ලද ලකුණු 161ක ඉලක්කය හඹා යාම සඳහා පාකිස්තාන පිතිකරුවන් පිටියට අවතීර්ණ වුනා.
ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 09 දී දවා ගැනීමට එශාන් මාලිංග සමත් වූ නමුත්, ඉන් පසුව කඩුල්ලේ එක් වූ Saim Ayub සහ නායක Salman Agha විසින් ලකුණු 51ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වූ අතර, මෙහි දී Agha විසින් පන්දු 12ක් පමණක් වැය කරමින් ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වුනේ හයේ පහර ත්‍රිත්වයක් ද සමඟිනුයි.
කෙසේ වෙතත් වනිඳු හසරංග පන්දුව අතට ගැනීමත් සමඟ එක් වරම පාකිස්තාන ඉනිම ලකුණු 67කට කඩුලු 4ක් තත්වයට පත් වුනා. ඉන් පසුව නැවතත් ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් Khawaja Nafay සහ Mohammad Nawaz විසින් ලකුණු 49ක ඉක්මන් සබඳතාවක් පැවැත්වීමට සමත් වුනා.
මෙවර ද වනිඳු හසරංග පන්දුව අතට ගනිමින් Khawaja Nafayගේ කඩුල්ල දවා ගැනීමට සමත් වූ අතර, එයින් අනතුරුව තරගය නැවත ශ්‍රී ලංකාව දෙසට හැරීමට පටන් ගත්තා.
එයින් අනතුරුව පාකිස්තානය නියමිත පන්දුවාර 12 තුළ ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 146ක් පමණයි. ඒ වන විට පාකිස්තාන ඉනිමේ කඩුලු 08ක් දැවී ගොස් තිබුණු අතර, එයින් කඩුලු 04ක් වනිඳු හසරංග සතු වුනා. එමෙන්ම මතීෂ පතිරණ කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.
ඒ අනුව ශ්‍රී ලංකාවට තරගයෙන් ලකුණු 14ක ජයක් හිමි වූ අතර, තරගයේ වීරයා සම්මානය වනිඳු හසරංගට හිමි වුනා.
දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Pathum Nissanka | c Faheem Ashraf b Naseem Shah | 0 | 2 | 0 | 0 | 0.00 |
| Kamil Mishara | c Khawaja Nafay b Mohammad Wasim Jnr | 20 | 8 | 3 | 1 | 250.00 |
| Kusal Mendis | c Usman Khan b Mohammad Wasim Jnr | 30 | 16 | 2 | 2 | 187.50 |
| Dhananjaya de Silva | c Sahibzada Farhan b Mohammad Nawaz | 22 | 15 | 4 | 0 | 146.67 |
| Charith Asalanka | c & b | 21 | 13 | 1 | 1 | 161.54 |
| Dasun Shanaka | c Saim Ayub b Mohammad Wasim Jnr | 34 | 9 | 0 | 0 | 377.78 |
| Janith Liyanage | not out | 22 | 8 | 3 | 0 | 275.00 |
| Wanindu Hasaranga | not out | 1 | 1 | 0 | 0 | 100.00 |
| Extras | 10 (b 0 , lb 3 , nb 0, w 7, pen 0) |
| Total | 160/6 (12 Overs, RR: 13.33) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Naseem Shah | 3 | 0 | 35 | 1 | 11.67 | |
| Mohammad Wasim Jnr | 3 | 0 | 54 | 3 | 18.00 | |
| Abrar Ahmed | 2 | 0 | 22 | 0 | 11.00 | |
| Shadab Khan | 2 | 0 | 19 | 0 | 9.50 | |
| Mohammad Nawaz | 1 | 0 | 8 | 1 | 8.00 | |
| Faheem Ashraf | 1 | 0 | 19 | 1 | 19.00 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Sahibzada Farhan | b | 9 | 7 | 2 | 0 | 128.57 |
| Saim Ayub | c Eshan Malinga b Wanindu Hasaranga | 6 | 5 | 1 | 0 | 120.00 |
| Agha Salman | c Eshan Malinga b Matheesha Pathirana | 45 | 12 | 5 | 3 | 375.00 |
| Usman Khan | c Pathum Nissanka b Wanindu Hasaranga | 1 | 3 | 0 | 0 | 33.33 |
| Mohammad Nawaz | b Matheesha Pathirana | 28 | 15 | 12 | 2 | 186.67 |
| Khawaja Nafay | c Dhananjaya de Silva b Wanindu Hasaranga | 26 | 15 | 1 | 1 | 173.33 |
| Shadab Khan | c Eshan Malinga b Wanindu Hasaranga | 6 | 3 | 0 | 1 | 200.00 |
| Faheem Ashraf | run out (Kusal Mendis) | 9 | 3 | 2 | 0 | 300.00 |
| Mohammad Wasim Jnr | not out | 7 | 8 | 0 | 1 | 87.50 |
| Naseem Shah | not out | 1 | 1 | 0 | 0 | 100.00 |
| Extras | 8 (b 0 , lb 1 , nb 0, w 7, pen 0) |
| Total | 146/8 (12 Overs, RR: 12.17) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Mahesh Theekshana | 2 | 0 | 27 | 0 | 13.50 | |
| Eshan Malinga | 2 | 0 | 27 | 1 | 13.50 | |
| Matheesha Pathirana | 3 | 0 | 34 | 2 | 11.33 | |
| Wanindu Hasaranga | 3 | 0 | 35 | 4 | 11.67 | |
| Dhananjaya de Silva | 2 | 0 | 22 | 0 | 11.00 | |





















