ජොෆ්රා එංගලන්තයට කොළ එළි දල්වයි

800

දකුණතින් වේගපන්දු යවන ජොෆ්රා ආචර් එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී එංගලන්ත කණ්ඩායමේ තමන්ට ද ස්ථීර අසුනක් ලැබෙනු ඇතැයි ඉඟි පළ කළ එංගලන්ත – පාකිස්තාන එක්දින පළමු ක්‍රිකට් තරගය ඊයේ (8) විසඳුමකින් තොරව නිමා විය.

රිචඩ්සන් වෙනුවට රිචඩ්සන් ඕස්ට්‍රේලියා සංචිතයට

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ………

24 හැවිරිදි ජොෆ්රා ආචර් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් මංගල එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගෙන මෙතෙක් ගතව ඇත්තේ දින 5ක් පමණි. ඒ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ය. එම තරගයේ දී ලකුණු 40කට කඩුල්ලක් දවා ගන්නා ජොෆ්රා මෙම තරගයේ දී පන්දුවාර 4ක් පමණක් යවා ලවා ලකුණු 6කට කඩුල්ලක් දවා ගත්තේ ය. ඔහුගේ පන්දු යැවීම බොහෝ විචාරකයන්ගේ පැසසුමට ලක්ව තිබුණි.

බටහිර ඉන්දීය කොදෙව් හී බාබඩෝස් හී උපත ලබා ඇති ජොෆ්රා එංගලන්තයට සේන්දු වෙන්නේ සසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට ය. ඒ වෙද්දී ඔහු බාබඩෝස් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමත්, බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමත් නියෝජනය කර සිටියේ ය.

සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරුවක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියට තරග 5ක් ඇතුළත් ය. තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගය ජොෆ්රා ආචර් ගැන පමණක් කතා කිරීමට ඉඩ ලබා දෙමින් වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එය අතහැර දැමුණ තරගයක් ලෙසින් ඉතිහාසයට එක් විය.

ඕන ක්‍රීඩකයෙක් අයින් කරලා ඔහුව දාන්න පුළුවන් – ඇන්ඩෲ ෆ්ලින්ටොෆ්

හිටපු එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක වන ඇන්ඩෲ …………

කෙනින්ටන් ඕවල් පිටියේ දී ආරම්භ වූ මෙම තරගයට ආරම්භයේ සිටම වර්ෂාවෙන් බාධා එල්ල විය. කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව විනාඩි කිහිපයකින් වට වැස්ස තරගයේ ආරම්භයම ප්‍රමාද කළේය.

කාසියේ වාසිය දිනූ එංගලන්ත නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩකයන්ගේ පළමු කඩුල්ල ලකුණු 10ක් වෙද්දී දවා ගැනීමට එංගලන්ත නවක ක්‍රීඩක ජොෆ්රා ආචර් සමත් විය. ඒ වෙද්දී ෆකාර් සාමන් ලබා සිටියේ ලකුණු 3ක් පමණි.

අනතුරුව පාකිස්තාන ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසින් බාබර් අසාම් (16), ලියම් ප්ලන්කට්ගේ පන්දුවකට දැවී ගියේය. තරගයේ 17 වැනි පන්දු වාරයේ දී නැවත වතාවක් වර්ෂාව තරගයට බාධා කරද්දී පාකිස්තාන ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 71ක්ව තිබුණි. වර්ෂාවෙන් අනතුරුව පන්දු 14ක් පමණක් යැවුණ තැන තරගය නැවත වතාවක් වර්ෂාව හේතුවෙන් නතර කළේය. ඒ වෙද්දී පාකිස්තාන ඉනිම කියැවුණේ කඩුලු 2ක් දැවී ලකුණු 90ක් ලෙස ය.

දීර්ඝ වැස්සකින් අනතුරු ව තරගය පන්දුවාර 20කට සීමා වෙමින් පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය කළ ද නැවත ක්‍රීඩාංගණයට වට වැස්ස සියල්ල නවතා දැමුවේ ය.

ඒ වෙද්දී පාකිස්තාන ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 42ක් ලබා සිටියේ ය. අනෙක් අන්තයෙන් හැරිස් සොහායිල් පන්දු 15කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 14ක් ලබා නොදැවී පිටියේ රැඳී සිටියේ ය.

කඩුලු ලබා ගැනීමේ දී ජොෆ්රා ආචර්ට අමතර ලියම් පලන්කට්ට ද කඩුල්ලක් හිමි විය.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය මේ මස 11 වැනිදා සදම්ප්ටන් හිදී පැවැත්වීමට නියමිත ය.

පාකිස්තානය; කඩුලු 2ක් දැවී 80 (19) ඉමාම් උල් හක් නොදැවී 42, බාබර් අසාම් 16, හැරිස් සොහායිල් නොදැවී 14, ජොෆ්රා ආචර් 1/06

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<