පාකිස්තානයේ අලුත්ම ඊතලය – නසීම් ශා

154

ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ වඩාත්ම කතාබහට ලක්වූ පාකිස්තාන ක්‍රීඩකයා බවට පත්වීමට නසීම් ශා සමත්වූයේ වේගවත් පන්දු ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා දෙවන ඉනිම වනසා දැමීම නිසාවෙනි. තවමත් 16 හැවිරිදි ළාබාල ක්‍රීඩකයෙකු වන ඔහුගේ පන්දු එතරම් ළාබාල නොවන බව ඕනෑම කෙනෙකුට පෙනෙන කරුණකි.

පසුගිය සඳුදා නිමා වූ ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා කඩුලු 5ක් ලකුණු 31ක් තුල දවා ගැනීමට ඔහු සමත්වූයේ එම දස්කම දැක්වීමට සමත් වූ ළාබාලතම පන්දු යවන්නා බවට පත්වෙමිනි. එම දස්කම දක්වන විට ඔහුගේ වයස අවුරුදු 16 දින 307කි. 

තවත් දක්ෂ තරුවක් අකාලයේ ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන චාමර කපුගෙදර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම…

මෙම වාර්තාව මීට පෙර හිමිව තිබුණේ පාකිස්තානයේ ප්‍රබලතම වේගපන්දු ‍යවන්නෙකු වන මොහොමඩ් ආමීර්ටය. ඔහු ඕස්ට්‍රේලියාව හමුවේ කඩුලු 5ක් දවා ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 17 දින 257ක් ලෙස වාර්තා විය. ඒ මීට වසර 10කට පෙරය. 

නසීම් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ දැක්වූ මෙම දක්ෂතාවය ලෝකයේම අවධානය ඔහු වෙත යොමු කරවා ගැනීමට තරම් ප්‍රමාණවත් විය. 

“මම මගේ කැපවීම ගැන විශ්වාස කළා. මට අවස්ථාව ලැබුනම මම මගේ උපරිමය ලබා දෙන්න උත්සාහ කළා. මේක මගේ ගමේ ක්‍රීඩාංගණය. ඒකෙ දි මේ දස්කම දැක්වීමට ලැබීම ගැන ගොඩක් ආඩම්බරයි. මේක එක් ආරම්භයක් පමණයි. මම මගේ කැපවීම දිගටම කරගෙන ගියොත් මට තවත් දේවල් ලබාගන්න පුළුවන් වේවි.”

නසීම්ගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂී අවස්ථාවක් ලෙස මාස 3ක කාලයක් වේග තණතිලි වල ඔහු ලැබූ පුහුණුව සැලකිය හැක. පසුගිය ඔක්තෝබර් මාසයේ දී ඔහු දේශීය තරගයක දී කඩුලු 9ක් දවා ගනිමින් තමන් ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සූදානම් බව ඔප්පු කර පෙන්වීය. එම දක්ශතාවයට සාධාරණයක් ඉටු කරමින් පාකිස්තාන ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය සඳහා එක්වීමට නසීම් හට අවස්ථාව උදා විය. 

දෙවැනි ඉනිම වරද්දාගත් ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්!

මුල් ඉනිමේ දැක්වූ දක්ෂතාවයන් දෙවැනි ඉනිමට රැගෙන ඒමට අපොහොසත් වීම නිසා පාකිස්තානයේ…

නසීම්ගේ පන්දු ‍යැවීම පිළිබඳව අදහස් දක්වමින් පාකිස්තානය බිහි කළ ප්‍රබලතම වේගපන්දු ‍යවන්නෙකු වන වකාර් යුනිස් පවසා සිටියේ නසීම් ශාගේ පන්දු යැවීමේ ඉරියව්ව හිටපු ඕස්ට්‍රේලියානු පන්දු ‍යවන්නෙකු වන ඩෙනිස් ලිලීට සමාන බවයි. 

“ඔහුව දැක්කම මට මතක් වෙන්නේ ඩෙනිස් ලිලීව. ඔහුගේ ඉරියව්වේ ගොඩක් සමානකම් තියනවා. ඒක ගොඩක් ශක්තිමත් ඉරියව්වක්. ඔහු ඩෙනිස් තරම් විශාල ක්‍රීඩකයෙක් නොවේ. නමුත් නසීම් ඔහු තරම්ම දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහුගේ වේගය තමයි ඔහුගේ සාර්ථකත්වයේ රහස.”

නසීම් තම ජාත්‍යන්තර ආගමනය සටහන් කලේ ඕස්ට්‍රේලියා A කණ්ඩායමට එරෙහිව පන්දුවාර 8ක් යවමිනි. එහි දී ඔහු මාකස් හැරිස්ගේ කඩුල්ල දවා ගත් අතර ඒ ප්‍රබල බවුන්සර් පන්දුවක් මඟිනි. නසීම් මෙම කඩුල්ල දවා ගන්නා විට ඔහුගේ මව පාකිස්තානයේ දී මෙලොව හැරගොස් තිබුණි. 

ඉන් සතියකට පසුව ඔහු තම මංගල ජාත්‍යන්තර ටෙස්ට් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. බ්‍රිස්බෙන් හි පැවති පාකිස්තාන ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගයේ දී ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් දෙවරක්ම දවා ගැනීමට ඔහු සමත් විය. පළමු පන්දුව නිපන්දුවක් වූ අතර දෙවන වතාවේදී ලකුණු 154ක් ලබා සිටි වෝනර් දවා ගැනීමට ඔහු සමත් විය. 

ඩේවිඩ් වෝනර් ද නසීම් පිළිබඳව අදහස් දක්වා සිටියේය. 

“ඔහු එක්වරම ආවා. දැන් ඔහු සුපර් ස්ටාර් කෙනෙක්. වකාර් යුනිස් වගේ පන්දු ‍යවන්න ඔවුන්ට පුළුවන් වුනොත් ඒ වගේ නිවැරදි එල්ලය හා වේගය ලබා ගන්න පුළුවන් වුනොත් ඔවුන් අනාගතයේ දී ප්‍රබල පන්දු ‍යවන්නන් වේවි. “ 

නසීම්ගේ කුඩා අවධිය එතරම් සුන්දර එකක් වූයේ නැත. ඊසාන පාකිස්තානයේ Khyber Pakhtunkhwa ප්‍රදේශයේ කුඩා නගරයක් වූ ලෝවර් ඩිර් හි උපත ලැබූ නසීම්ට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තම පියාගෙන් අවසරය හිමි වූයේ නැත. 

භානුක රාජපක්ෂගේ පිත්ත නැවතත් පත්තු වෙයි

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය ලෙස කොමිලා වොරියර්ස් සහ ඩකා…

“ඒ දවස් හරිම අමාරු දවස්. මගේ පියා හැමවෙලේම මට කිව්වේ ඔයා ඇයි මේ විදේශිකයන්ගේ ක්‍රීඩාවක් කරන්නේ ඉගෙන ගන්නේ නැතුව කියලා. ඒත් ක්‍රිකට් මගේ ඇගේ තිබුණා. මගේ ගමේ එතරම් පහසුකම් තිබුණේ නෑ. මම ක්‍රීඩා කළේ ටේප් ගහපු පන්දුවකින්. මම වකාර් හා අක්තාර් පන්දු යවන හැටි බැලුවා. ඒත් මම ගොඩක්ම කැමති වුනේ ශේන් බොන්ඩ්ගේ පන්දු ‍යැවීමට. ඊට පස්සේ මම ලාහෝර්වලට ගියා. එහේ දී ක්‍රිකට් ක්‍රීඩා කළා. මට එහේ දී ගොඩක් අවස්ථා‍ ලැබුණා. ඊට පස්සේ තමයි මම පාකිස්තානය 16න් පහළ කණ්ඩායමට තේරුණේ.”

ඉන් අනතුරුව ඔහු පැමිණි ගමන්මග ලොවම දන්නා කතාවකි. නසීම්ගේ දක්ෂතා පිළිබඳව පාකිස්තාන සුපිරි වේගපන්දු ‍යවන්නෙකු වූ වකාර් යුනිස් ද අදහස් දක්වා සිටියේය. 

“ඔහු දන්නවා ඔහු කරන්නේ කුමක්ද කියලා. ඔහු දන්නවා ක්‍රිකට්වලින් ළඟා වෙන්න ඕන කොහෙටද කියලා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<