කොරෝනා අභියෝගය භාර ගත් Super Rugby මෙහෙයුම දිග හැරේ!

77

කොරෝනා වයිරස් ව්‍යාප්තිය මැඬලීම සඳහා නවසීලන්ත රජය මේ දක්වා අනුගමනය කර ඇති වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව තෝරාගත් ක්‍රීඩාවන් ද්විත්වයක ප්‍රධාන පෙළේ තරගාවලි කිහිපයක් යලි දියත් කිරීමට සූදානමින් පසුවන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා රග්බි ගමනට රුකුලක් වූ පුහුණුකරුවෙක් නොඑන ගමන් යයි

ලෝක රග්බි ක්‍රීඩාවේ දක්ෂ හා ජනප්‍රිය ‍රග්බි නායකයෙකු…..

රග්බි ක්‍රීඩාවේ පතාක යෝධයෙකු ලෙස සැලකෙන නවසීලන්තය අතරමඟ නැවතුණු තම දේශීය රග්බි තරග වාරය නැවත වතාවක් පණ ගැන්වීමට මුල පුරමින් සිටින්නේ එරට ප්‍රධානතම රග්බි තරගාවලිය ලෙස සැලකෙන Super Rugby Aotearoa ශූරතාවලිය ජුනි මස 13 සිට යලි දියත් කිරීමේ අපේක්ෂාවෙනි.

තරගාවලිය ආරම්භ කිරීමට මත්තෙන් සති හතරක පුහුණු වීමේ කාලයක් සකස් කරදීමේ අරමුණින් මෙලෙස ලබන මස දක්වා තරග සැලසුම් ඉදිරියට ගෙන යාමට ඔවුන් කටයුතු කොට තිබේ.

මෙම තරගාවලිය සඳහා එරට නම් දැරූ සුපිරි රග්බි තරු රැසක් සහභාගී වන අතර ඔවුන් සියලු දෙනා සති 10ක කාල සීමාවක් පුරාවට එකිනෙකා සමඟ උරින්උර ගැටෙමින් උද්වේගකර රග්බි අත්දැකීමක් ප්‍රේක්ෂකයින් වෙත ළඟා කරදීමට නොඉවසිල්ලෙන් පසුවේ. 

මෙම තරගාවලිය යටතේ පැවැත්වීමට නියමිත සියලුම තරග සති අන්තයේ දී ක්‍රියාත්මක කිරීමට සියල්ල සූදානම් වෙමින් පවතින අතර සෙනසුරාදා සහ ඉරිදා දිනවල දී එක් තරගය බැගින්, එක් සති අන්තයක දී තරග දෙකක් දියත් කිරීමට තරගාවලි සංවිධායක කමිටුව අපේක්ෂාවෙන් පසු වේ.

මෙහි දී ක්‍රීඩකයින්ගේ ද ඇතුළුව අනෙක් සියලුම පාර්ශවයන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්වය පිළිබඳව වැඩිදුරටත් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව සියලුම තරග හුදකලා, සංවෘත ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට සැලසුම්කොට තිබෙන්නේ ජෛව ආරක්ෂණ වැඩපිළිවෙළ ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ අරමුණෙනි. 

එකවර ප්‍රේක්ෂකයින් විශාල සංඛ්‍යාවක් රැස්වීමේ ඇති අවදානම නිසාවෙන් මෙවැනි තීරණයකට එළඹීම සියල්ලන්ගේම යහපත සඳහා අතිශය වැදගත් වනු ඇති බව එරට ක්‍රීඩා බලධාරීන් මාධ්‍ය වෙත පෙන්වා දී තිබුණි.

නව නායකත්වයක්, වෙනස්ම ගමනක්!

නිමාව දුටු රග්බි ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව……….

තරග සජීවීව නැරඹීමේ අවස්ථාව ක්‍රීඩාලෝලීන්ට අහිමි වී ගියත්, රූපවාහිනිය සහ අන්තර්ජාලය ඔස්සේ මෙම තරග සියල්ලම ප්‍රේක්ෂකයින්ගේ නිවෙස් තුලටම සමීප කිරීමට Sky Sports ක්‍රීඩා නාලිකාව සූදානමින් පසුවන බව වාර්තා වන්නේ යම්තාක් දුරකට හෝ තරග නරඹන්නන් හට සතුටුදායක පුවතක් ලබා දෙමිනි.

රූප මාධ්‍ය ඔස්සේ හෝ යලිත් වතාවක් රග්බි ක්‍රීඩාව කරළියට ගෙන ඒමට ලැබීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත් ප්‍රේක්ෂක ජනයාට ගුණාත්මක තරග අත්දැකීමක් නිවෙස් තුල සිටම ළඟා කර දීමට හැකි වන අයුරින් සකස් කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුව බව නවසීලන්ත රග්බි සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරි මාර්ක් රොබින්සන් මහතා සඳහන් කර සිටියේය.

ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ක්‍රීඩාවට යලි ජීවයක් එක් කිරීම සඳහා රජය බලාත්මක කළ වැඩපිළිවෙළ අතිශය වැදගත් වූ නිසාවෙන් ඊට කෘතගුණ සැලකීමක් වශයෙන් එසේ නිර්මාණය දුන් ආරක්ෂිත වටපිටාව එලෙසම පවත්වා ගනිමින් ක්‍රීඩාව ඉදිරියට ගෙන යෑම ඔවුන් ඇතුළු සියල්ලන්ගේම පරම යුතුකම බවයි.

“තරගාවලිය හා සහසම්බන්ධ වන සියල්ලන්ගේම ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්වය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා කැප වුණු විශේෂ වෛද්‍ය කාර්‍යමණ්ඩලයන්, ක්‍රීඩා සමාජ සහ ක්‍රීඩක සංගම් අපිත් එක්ක එකට අත්වැල් බැඳගනිමින් කටයුතු කරමින් ඉන්නවා.”

හැඟුම්බර සමුගැනීම් මධ්‍යයේ නවසීලන්ත රණශූරයින් ඕස්ට්‍රේලියාවට

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ………..

තවද නවසීලන්ත රග්බි කණ්ඩායම සමඟ සමීපව කටයුතු කරන වෛද්‍ය කැරෙන් රස්මුසේන් මහත්මිය පෙන්වා දුන්නේ පනවා ඇති නීති රෙගුලාසිවලට යටත්ව තරග පැවැත්වීම මේ අවස්ථාවේ දී අතිශය තීරණාත්මක බවයි. 

ඒ අනුව ක්‍රීඩකයින් ඇතුළු කණ්ඩායම් කළමණාකාරීත්වයන් සහ කාර්‍ය මණ්ඩල සාමාජිකයින් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන්නේ ද යන්න පිළිබඳ දිනපතා සොයා බැලීමට කටයුතු කිරීම අනිවාර්‍යෙන්ම සිදු කළ යුතු බව ඒ මහත්මිය පෙන්වා දුන්නාය.

“ක්‍රීඩකයින් නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනවා ද, නැද්ද සම්බන්ධයෙන් අපි හොඳ අවධානයකින් ඉන්නේ. අපි ඔවුන්ට හැකිතාක් උපදෙස් දීලා තියෙන්නේ පවුලේ සාමාජිකයින් හැරුණු කොට පිටස්තර පුද්ගලයින් සමඟ තිබෙන සබඳතා සීමා කරන ලෙසට. තව පුහුණුවීම් කටයුතුවල දීත් නිවැරදි ක්‍රියාපිළිවෙත් යටතේ කටයුතු කිරීමට අවශ්‍ය උපදෙස් මේ වෙනකොටත් ක්‍රීඩකයින්ට ලබා දෙන්න අපි කටයුතු කරලා තියෙන්නේ.”

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට<<