ශ්‍රී ලංකාවට ICC අවවාද කරයි

15394

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පස්වැනි තරගය පසුගිය සෙනසුරාදා (15) ඕස්ට්‍රේලියාව සමඟින් පැවති අතර එම තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට සහභාගී වීම ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ප්‍රතික්ෂේප කිරීම බොහෝ දෙනාගේ අවධානයට ලක්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටලුවකට අතවනයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගය ඊයේ (15)…..

එම සිදුවීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ශ්‍රී ලංකාවට විරුද්ධව යම් ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි පැවසූ නමුත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව පවසා ඇත.

ලෝක කුසලාන තරගාවලියෙන් පසුව කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයෙකු හෝ නිලධාරියෙකු මාධ්‍ය සාකච්ඡාව වෙත පැමිණිය යුතු බව ICC නීති මාලාවේ දැක්වෙන අතර පසුගිය සෙනසුරාදා පැවති තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවට ඒම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ප්‍රතික්ෂේප කළ බව අසන්ත ද මෙල් මහතා පසුව පවසා තිබුණි. මේ මාධ්‍ය වර්ජනය නිසා එම සාකච්ඡාවට සහභාගී වී සිටි මාධ්‍යවේදීන් 50කට අධික පිරිසක් තම අප්‍රසාදය පළකර තිබුණි.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය සමඟින් සාකච්ඡා කරලා තරගාවලියේ ඉදිරි තරගවල දී එවැනි සිදුවීමක් නොවීමට එකඟතාවයකට පැමිණියා.” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය විසින් නිල නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.

“අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් පනවා ඇති නීති රීති වලට සෑම කණ්ඩායමක්ම ක්‍රියා කළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අවවාද කර තිබේ.”  

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ලීඩ්ස් වෙත පැමිණ ඇති අතර ඔවුන් සත්කාරක එංගලන්තය සමඟින් එළඹෙන 21 වැනිදා තරග වදිනු ඇත.

ශ්‍රී ලංකාවට මහේලගෙන් දැනමුතුකම්

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (15) ඕස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ ලකුණු 87ක…..

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<