මනමාලයෙකු වූ රිෆ්නාස්, රිනවුන් ජයග්‍රහණයට මෙහෙයවයි

688

‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලිය 2017 යටතේ ඊයේ (25) වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ දී පෙර දිනයේ දී විවාහ දිවියට එළඹි රිනවුන් නායක මොහොමඩ් රිෆ්නාස්ගේ විශිෂ්ට දස්කම් ආධාරයෙන් සුපර් සන් SC කණ්ඩායම ගෝල 2-0කින් පරාජයට පත් කිරීමට ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසුවන රිනවුන් SC කණ්ඩායම සමත් විය.

රිනවුන් කණ්ඩායම වෙනුවෙන් ගෝලය සහ ගෝලය වාර්තා කර ගැනීමට පන්දුව පිරිනැමීම් 1 බැගින් වාර්තා කර ගත් රිෆ්නාස් සහ මොහොමඩ් අර්ශාඩ් සුපර් සන් කණ්ඩායමේ ශූරතාවය දිනා ගැනීමට තිබූ බලාපොරොත්තු දුරස් කරමින් සිය කණ්ඩායමේ ශූරතා බලාපොරොත්තු තවදුරටත් ඉහළ නැංවීමට සමත් විය. ඒ අනුව රිනවුන් කණ්ඩායම මේ වන විට කොළඹ පාපන්දු සමාජයට වඩා ලකුණු 3ක් ඉදිරියෙන් සිටිමින් ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැඳීමට සමත්ව ඇත.

පසුගිය සතියේ පැවති තරගවල දී රිනවුන් සහ සුපර් සන් කණ්ඩායම් පිළිවෙළින් ක්‍රිස්ටල් පැලස් සහ පෙලිකන්ස් කණ්ඩායම් ගෝල 3-1 බැගින් පරාජයට පත්කිරීමට සමත් විය. කෙසේ නමුත් කණ්ඩායම් දෙකම මෙම තරගයට පිවිසියේ ඔවුන්ගේ ප්‍රධාන ඉදිරිපෙළ ක්‍රීඩකයින් නොමැතිවයි. ඒ අනුව සුපර් සන් කණ්ඩායමේ අෆීස් ඔලයේමි සහ රිනවුන් කණ්ඩායමේ ජොබ් මයිකල් යන දෙදෙනාටම අඛණ්ඩව තරග දෙකක දී කහ කාඩ්පත් දෙකක් නිකුත්ව තිබීම නිසා ඔවුන්ට මෙම තරගය අහිමි විය.

නිව් යංග්ස් හා කොළඹ පාපන්දු සමාජවලට විශිෂ්ට ජයක්

ඩයලොග් ආයතනය විසින් සවිබල ගන්වනු ලබන 2017 ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තීරණාත්මක..

පිටියේ තිබූ දුර්වල තත්වය හේතුවෙන් කණ්ඩායම් දෙකම තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ තරගයට අවතීර්ණ වීමට අපොහොසත් වූ අතර තරගයේ පළමු මිනිත්තු 10 තුළ ගෝලයක් වාර්තා කර ගැනීමට ගත් එකම උත්සාහය ද සාර්ථක කර ගන්නට සුපර් සන් ක්‍රීඩකයින් සමත් වූයේ නැත.

කෙසේ නමුත් තරගයේ 11 වන මිනිත්තුව තුළ තරගයේ පළමු ගෝලය වාර්තා කර ගන්නට රිනවුන් කණ්ඩායම සමත් විය. එහි දී මොහොමඩ් අර්ශාඩ් පිරිනැමූ පන්දුව සාර්ථකව ගෝල රාමුව තුළට යොමු කළ මොහොමඩ් රිෆ්නාස් විසින් එම ගෝලය වාර්තා කර ගනු ලැබීය.

පිටියේ තිබූ දුර්වල තත්වය ඔවුන්ගේ ක්‍රීඩා විලාශයට බාධාවක් වුවත් තරගයේ පළමු අර්ධය තුළ පන්දුව පන්දුව හොඳින් මෙහෙයවමින් ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට රිනවුන් ක්‍රීඩකයින් සමත් විය.

කෙසේ නමුත් සුපර් සන් කණ්ඩායමට ද ගෝලයක් වාර්තා කර ගැනීමට අවස්ථාවක් ලැබුණත් එහි දී පැති පහර අවස්ථාවක් හරහා ලැබුණු පන්දුවට මොහොමඩ් රමීස් විසින් හිසින් එල්ල කළ පහර ගෝල රාමුවට ඉවතින් ඇදීයාම නිසා ඔවුන්ට එම අවස්ථාව අහිමිව ගියේය.

අනතුරුව රිෆ්නාස් සහ අර්ශාඩ් සුසංයෝගය රිනවුන් කණ්ඩායමට තරගයේ දෙවන ගෝලය ද හිමිකර දෙන්නට සමත් වූ අතර එහි දී රිෆ්නාස් නිදහස් පහරක් හරහා යොමු කළ පන්දුවට අර්ශාඩ් හිසින් පහරක් එල්ල කරමින් එම ගෝලය වාර්තා විය.

තරගයේ පළමු අර්ධය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී රිනවුන් කණ්ඩායම තවත් ගෝලයක් වාර්තා කර ගත්තත් එහි දී ‘Off side’ නීතිය උල්ලංඝනය කළ බවට විනිසුරුවරයා සංඥා කිරීම නිසා ඔවුන්ට එම ගෝලය පිරිනැමුණේ නැත.

පළමු අර්ධය: සුපර් සන් SC 0 – 2 රිනවුන් SC

තරගයේ දෙවන අර්ධය ආරම්භයේ දී වැසි සහිත කාලගුණයක පෙරනිමිති පහළ වන්නට විය. කෙසේ නමුත් දෙවන අර්ධය තුළ සුපර් සන් ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාශය තුළ වෙනසක් සිදු වූ අතර ඒ අනුව ඔවුන් පන්දුව වැඩි වේලාවක් ඔවුන් සන්තකයේ රඳවා ගනිමින් ක්‍රීඩා කරන්නට විය. කෙසේ නමුත් ගෝලයක් වාර්තා කර ගන්නට අවස්ථාවක් නිර්මාණය කර ගන්නට ඔවුන් සමත් වූයේ නැත.

කෙසේ නමුත් තරගයේ 60 වන මිනිත්තුවේ දී රිනවුන් කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කර ගන්නට අර්ශාඩ් හට අවස්ථාවක් ලැබුණත් එය සාර්ථක කර ගන්නට ඔහු අපොහොසත් විය. අනතුරුව සුපර් සන් ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කර ගැනීමට දැඩි උත්සාහයක් දැරූ අතර එහි දී රිනවුන් ක්‍රීඩකයින් දියත් කළ ආරක්‍ෂාකාරී ක්‍රීඩා විලාශය සහ ගෝල රකින ක්‍රීඩක රසීක් රිෂාඩ් අවස්ථාවන් දෙකක දී සුපර් සන් ක්‍රීඩකයින් එල්ල කළ පහර වළක්වා ගන්නට සමත් වීම නිසා ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක වූයේ නැත.

අනතුරුව තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ රිනවුන් කණ්ඩායමට ගෝලයක් වාර්තා කර ගන්නට අවස්ථාවන් දෙකක් ලැබුණත් ඔවුන් ඒවා ගෝල බවට පරිවර්තනය කර ගන්නට අපොහොසත් විය.

සම්පූර්ණ කාලය: සුපර් සන් SC 0 – 2 රිනවුන් SC

ThePapare.com තරගයේ වීරයා – මොහොමඩ් රිෆ්නාස්

ගෝල ලාභීන්

රිනවුන් SC – මොහොමඩ් රිෆ්නාස් 11’,මොහොමඩ් අර්ශාඩ් 31’

කහ කාඩ්පත්

  • සුපර් සන් SC – අල්පොන්සු ක්‍රිස්තුරාජ් 37’, මොහොමඩ් රමීස් 66’
  • රිනවුන් SC – හකීම් කමිල් 22’, මොහොමඩ් මුජීබ් 73’

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට