ක්‍රයිස්චර්ච් හෙග්ලි ඕවල් ක්‍රීඩාංගණයේ දී අද (30) අවසන් වූ ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 423ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු විය. නවසීලන්තය ලැබූ මෙම තරග ජයග්‍රහණය ඔවුන් ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහි වාර්තා කරන ලද හොඳම තරග ජයග්‍රහණය ලෙසින් ද වාර්තා පොත් අතරට එක් විය.
ශ්‍රී ලංකාව තවත් දිනකින් තරගය ඉදිරියට රැගෙන යයි
ක්‍රයිස්චර්ච් හෙග්ලි ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පරාජයෙන් ගැලවීමට නම් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තවත් දිනයක්ම පිටියේ රැඳී සිටිමින් කඩුලු…
ඔවුන් මීට පෙර සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව 2016 වසරේ දී ලබා තිබූ ලකුණු 254ක ජයග්‍රහණය ඉහළම ජයග්‍රාහී වාර්තාව ලෙසින් පැවැතුණි. මෙම තරග ජයග්‍රහණයත් සමගින් දෙරට අතර පැවති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙස ජයගන්නට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූ අතර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී තෙවැනි ස්ථානයට පත් වීමට ද ඔවුන් සමත් වූහ.
තරගය සිව්වැනි දිනට නතර කරන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නවසීලන්තයට වඩා තවත් ලකුණු 428ක් පිටුපසින් රැඳී සිටියේ කඩුලු 4ක් පමණක් අතැතිව ය. අද ඔවුන්ගේ සියලු වත්කම් ගිලිහී ගියේ ලකුණු 5ක් පමණක් ලකුණු පුවරුවට එක් වෙද්දී ය. නවසීලන්ත ක්‍රීඩකයෝ මේ සඳහා වැය කළේ පන්දු 14ක් පමණි.
පෙර දිනය අවසන් වෙන විට ඩිල්රුවන් පෙරේරා සහ සුරංග ලක්මාල් පිටියේ රැඳී සිටි අතර ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ලට නොබිඳුණු සබඳතාව ලකුණු 23ක්ව තිබුණි.
ඒ වෙද්දී ඩිල්රුවන් පෙරේරා නොදැවී ලකුණු 22ක් ලබා සිටි අතර අනෙක් අන්තයේ සුරංග ලක්මාල් නොදැවී ලකුණු 16ක් ලබා සිටිය හ.
නමුත් අද දිනයේ යැවුණ ප්‍රථම පන්දු වාරයේ තෙවැනි පන්දුවේ දී සුරංග ලක්මාල් (18) පිටියෙන් ඉවත් කිරීමට ට්‍රෙන්ට් බෝල්ට් සමත් විය. එතෙක් ලකුණු 23ක්ව තිබූ ඔවුන්ගේ කඩුලු සබඳතාව ලකුණු 2කින් ඉහළ නැංවී අවසන් විය.
මැතිව්ස්ගේ ෆිට්නස් ගැන තවත් ගැටලුවක්
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රයිස්ට්චර්ච් හී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වන අද (29) දිනයේ ක්‍රීඩා කරමින් සිටින…
ඉන් අනතුරුව යැවුණ 5 වැනි පන්දුවේ දී ඩිල්රුවන් පෙරේරා ද තම කඩුල්ල අහිමි කර ගත්තේ ය. ඩිල්රුවන්ට අද දවසේ කිසිදු ලකුණක් ලබා ගැනීමට ප්‍රතිවාදීන් ඉඩ දුන්නේ නැත. අවසන් කඩුල්ල ලෙසින් පිටියට එක් වූ දුශ්මන්ත චමීර ගේ ඉනිම ද ලකුණු 3කට සීමා කිරීමට බෝල්ට් සමත් විය. ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙන විට ලහිරු කුමාර ලකුණු නොලබා පිටියේ නොදැවී රැඳී සිටියේ ය.
ඉනිමේ වඩාත්ම අවාසිය වූයේ පළමු ඉනිමේ දී මෙන්ම පැවති තරගාවලියේ ලකුණු අතර සිටි ඇන්ජලෝ මැතිව්ස් ආබාධයට ලක්ව පිටියෙන් ඉවත් ව නැවත පිටියට නොපැමිණීම ය.
කඩුලු ලබා ගැනීමේ දී නිල් වැන්ගර් ලකුණු 48කට කඩුලු 4ක් ලබා ගනිමින් ප්‍රධාන ප්‍රතිවාදියා වූ අතර දිනයේ කැපී පෙණුන පන්දු යවන්නා වූයේ ට්‍රෙන්ට් බෝල්ට් ය. ඔහු අද දවසේ දැවී ගිය කඩුලු 3න් 2ක් ම දවා ගත්තේ ය.
තරගයේ වීරයා ලෙසින් නවසීලන්තයේ ටිම් සවුති නම් කෙරුණි.
චතුරංග ද සිල්වාගෙන් කඩුලු ත්‍රිත්වයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League ක්‍රිකට් තරගාවලියේ අද (29) දෙවැනි දිනටත් ක්‍රියාත්මක තරග අතරින් මුවර්ස් සහ එන්. සී. සී. අතර තරගයේ දී එන්. සී. සී….
නවසීලන්තය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 178 (50) රොස් ටේලර් 27, බී. ජේ. වොට්ලින්ග් 46, ටිම් සවුති 68, සුරංග ලක්මාල් 5/54, ලහිරු කුමාර 3/49
ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 104 (41) ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 33, රොෂේන් සිල්වා 21, ට්‍රෙන්ට් බෝල්ට් 6/30, ටිම් සවුති 3/35
නවසීලන්තය; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 585 (153) ජීට් රාවල් 74, ටොම් ලේතම් 176, කේන් විලියම්සන් 48, රොස් ටේලර් 40, හෙන්රි නිකොල්ස් නොදැවී 162, කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් නොදැවී 71, ලහිරු කුමාර 2/134
ශ්‍රී ලංකාව; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 236 (106.2) දිනේෂ් චන්දිමාල් 56, කුසල් මෙන්ඩිස් 67, ඇන්ජලෝ මැතිව්ස් 22, නිරෝෂන් දික්වැල්ල 19, ඩිල්රුවන් පෙරේරා 22, සුරංග ලක්මාල් 18, ට්‍රෙන්ට් බෝල්ට් 3/77, ටිම් සවුති 2/61, නීල් වැග්නර් 4/48
දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය මේ ජනවාරි මස 3 වැනිදා ආරම්භ වීමට නියමිත ය.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















