කුසල් පෙරේරාගේ සටන්කාමී ඉනිමට සහයෝගයක් දැක්වීමට අනෙක් ශ්‍රී ලංකා පිතිකරුවෝ අසමත් වීම හේතුවෙන් නවසීලන්තය සමඟ අද (3) මවුන්ට් මන්ගුවානි බේ ඕවල් පිටියේ දී නිමා වූ පළමු එක්දින දිවා රාත්‍රි තරගයෙන් නවසීලන්ත ක්‍රීඩකයෝ ලකුණු 45ක ජයග්‍රහණයක් ලබා ගනිමින් තරග තුනකින් සමන්විත තරගාවලියේ 1-0ක් සේ පෙරමුණ ගත් හ.
නව වසරේ පළමු කුරුමානම සාර්ථක කරගැනීමට පෙර
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින්..
නවසීලන්තයට එරෙහිව තම මංගල එක්දින තරගයට සහභාගී වූ කුසල් පෙරේරා අද තම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිව්වැනි අර්ධ ශතකය රැස් කිරීමට සමත් විය. කලකට පසුව කුසල්ගේ පිත්තෙන් එක්වූ මෙම ශතකය ඉක්මවූ ඉනිමට පන්දු 86ක් වැය වූ අතර හතරේ පහර 13ක් සහ හයේ පහරක් ඊට ඇතුලත් විය. ඔහු අද ලබා ගත් ලකුණු සංඛ්‍යාව 102කි. කුසල් අවසන් වරට ශතකයක් රැස්කරගෙන සිටියේ 2016 වසරේ ජුනි මස අයර්ලන්තයට එරෙහි ව ය. ඉන්පසුව ක්‍රීඩා කළ ඉනිම් 27කට පසුවයි ඔහු මේ ශතකයක රැස් කළේ.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයෝ තම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 371ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට රැස් කර ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 326ක් පමණි. ඒ තවත් පන්දුවාරයක් ඉතිරිව තිබිය දී ය.
කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තම කණ්ඩායම වෙත පවරා ගත්තේ ය. ඒ අනුව නවසීලන්ත ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසියේ මාර්ටින් ගප්ටිල් සහ කොලින් මුන්රෝ ය. ඔවුන් දෙදෙනාගේ සබඳතාව ලකුණු 23කින් නිමා කිරීමට ලසිත් මාලිංග සමත් විය. ලක්ෂාන් සඳකැන් පොයින්ට් ස්ථානයේ සිට රැකගත් උඩ පන්දුව හේතුවෙන් කොලින් මුන්රෝ දැවි යද්දි ලකුණු 13ක් ලබා සිටියේ ය.
එම කඩුල්ල දවා ගැනීමත් සමඟින් තරගය තමන් දෙසට හරවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ උත්සාහ කළ ද මාර්ටින් ගප්ටිල් සහ නායක කේන් විලියම්සන් දෙවැනි කඩුල්ලට ලකුණු 163ක සබඳතාවක් පිහිටුවමින් ඔවුන්ව අසරණ කළ හ.
ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා යොවුන් එක්දින තරග ඉතිහාසයේ සුවිශේෂී මතක සටහන්
ඕස්ට්‍රේලියාව කවදත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ප්‍රබල ක්‍රීඩකයන් දායාද කළ රටක්..
කේන් විලියම්සන් දෙවැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී ලකුණු 76ක් ලබා සිටියේ ය. නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදෙද්දී, විලියම්සන් පන්දු 74කට මුහුණ දී හතරේ පහර 6ක් තම ඉනිමට එක්කර ගෙන සිටියේ ය. විලියම්සන් අද රැස් කළේ තම එක්දින තරග දිවියේ 34 වැනි එක්දින අර්ධ ශතකයයි.
නවසීලන්ත ඉනිමේ තෙවැනි කඩුල්ල සඳහා එක් වූ ලකුණු සබඳතාව 88කි. ඒ මාර්ටින් ගප්ටිල් සහ රොස් ටේලර් අතර ය. තිසර පෙරේරා විසින් ගප්ටිල් දවා ගනිද්දී ඔහු අද තමන්ගේ එක්දින තරග දිවියේ 14 වැනි ශතකය 111 වැනි පන්දුවේ දී රැස් කළේය. ඔහු අද තම ඉනිමට රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව 138කි. පන්දු 139කට මුහුණ දුන් ඔහු තම ඉනිමට හතරේ පහර 11ක් සහ හයේ පහර 5ක් ඇතුළත් කළේය.
ගප්ටිල් ඉනිම නිමා කිරීමෙන් අනතුරුව යැවුණ 12 වැනි පන්දුවේ දී රොස් ටේලර්ගේ ඉනිම ද නිමා කිරීමට තිසර පෙරේරා සමත් විය. ඒ වෙද්දී රොස් ටේලර් පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 54ක් ලබා සිටියේ ය.
නවසීලන්ත ඉනිමේ පන්දුවාර ප්‍රමාණය අවසන් වෙන විට ජේම්ස් නිෂාම් පන්දු 13ක දී හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 47ක් ලබා සිටියේ ය. තිසර පෙරේරා විසින් යැවුණ 49 වැනි පන්දු වාරයේ දී නිෂාම් හයේ පහර 5ක් සමඟින් ලකුණු 33ක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනි.
හැදෙන්න දුන් කාලය අවසානයි, දැන් වැඩ පෙන්වන්න – ලසිත් මාලිංග
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග, සියලු දෙනා කණ්ඩායම වෙනුවෙන්..
කඩුලු ලබා ගැනීමේ දී ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප් සහ තිසර පෙරේරා කඩුලු 2 බැගින් ලබා ගත් හ.
ශ්‍රී ලංකා ඉනිමේ දී ආරම්භක කඩුල්ලේ දී ශක්තිමත් ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක සමත් වූහ. ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ලකුණු 119ක සබඳතාවක් එක් කළහ. ධනුෂ්ක ගුණතිලක පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමගින් ලකුණු 43ක් ලබා සිටිය දී දැවී යමින් එම කඩුල්ලේ සබඳතාව අහෝසි කර ගත්තේ ය.
ගුණතිලකගේ දැවී යෑමෙන් අනතුරුව නිරෝෂණ දික්වැල්ලට ද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ඉඩ ලැබුණේ නැත. ඔහු පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 76ක් ලබා ගත්තේ ය. දික්වැල්ල අද රැස් කළේ තම එක්දින තරග පිටියේ 9 වැනි අර්ධ ශතකයයි.
අනතුරුව කුසල් මෙන්ඩිස් (18) ද, දිනේෂ් චන්දිමාල් (10), අසේල ගුණරත්න (11), තිසර පෙරේරා (4) සහ සීක්කුගේ ප්‍රසන්න (16) පිතිකරුවන් ලෙසින් ස්ථාවර වීමට කලින් පිටියෙන් ඉවත් කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.
නවසීලන්තය වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ජේම්ස් මුන්රෝ සමත් විය.
නවසිලන්තය; කඩුලු 7ක් දැවී 371 (50): මාර්ටින් ගප්ටිල් 138, කේන් විලියම්සන් 76, රොස් ටේලර් 54, ජේම්ස් නිශාම් නොදැවී 47, ලසිත් මාලිංග 2/78, නුවන් ප්‍රදීප් 2/72, තිසර පෙරේරා 2/80
ශ්‍රී ලංකාව; සියලුම දෙනා දැවී 326 (49): නිරෝෂන් දික්වැල්ල 76, දනුශ්ක ගුණතිලක 43, කුසල් පෙරේරා 102, ට්‍රෙන්ඩ් බෝල්ට් 2/65, ලොකී ෆර්ගියුසන් 2/65, ඉෂ් සෝධි 2/53, ජේම්ස් මුන්රෝ 3/38
දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක් දින ක්‍රිකට් තරගය මේ මස 5 වැනි සෙනසුරාදා මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත ය.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















