ඉතිහාසගත ද්විත්ව ශතකය සමඟින් නවසීලන්තයෙන් බර ලකුණු පුවරුවක්

112

සංචාරක එංගලන්ත කණ්ඩායම හා නවසීලන්තය අතර පැවැත්වෙන තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ මවුන්ට් මවුන්ගනුයි හීදී පැවති පළමු තරගයෙන් ඉනිමක හා ලකුණු 65ක ජයක් ලබා ගැනීමට නවසීලන්තය අද (25) සමත් විය. 

බාබර්ගේ සටන්කාමි ශතකය අපතේ හරිමින් ඕස්ට්‍රේලියාව ජය ගනියි

සංචාරක පාකිස්තානු කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු ………..

තරගයේ කාසිය වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට එංගලන්ත නායක ජෝ රූට් තීරණය කළේය. සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් පළමු ඉනිමට ලකුණු 353ක් එක් කිරීමට එංගලන්ත පිතිකරුවන් සමත් විය.  

එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට බෙන් ස්ටෝක්ස් පත් වූයේ හතරේ පහර 12ක් සහිතව ලකුණු 91ක් රැස්කරමිනි. නවසීලන්ත පන්දු යවන්නන්ට දිගට හරහට පහර දුන් ස්ටෝක්ස් එංගලන්ත ඉනිමේ කොඳු නාරටිය බවට පත්විය. 

ඔහුට අනගි සහයක් ලබා දුන් ජෝ ඩෙන්ලි හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 74ක් වාර්තා කළේය. ඊට අමතරව ආරම්භක පිතිකරු රොරී බර්න්ස් ලකුණු 52ක් හා ජොස් බට්ලර් ලකුණු 43ක් ලබා ගත්තේය.

මේ අනුව එංගලන්තය තම පළමු ඉනිම අවසානයේ දී සියලු දෙනා දැවී ලකුණු 353ක් රැස්කළේ නවසීලන්තයට ප්‍රබල අභියෝගයක් ලබා දෙමිනි.

නවසීලන්තය වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කළ ටිම් සවුති ලකුණු 88කට කඩුලු 4ක් දවා ගත් අතර ඔහුට අනගි සහයක් ලබා දුන් නීල් වැග්නර් ලකුණු 90කට කඩුලු 3යි.

ඊට පිළිතුරු ලෙස පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 615ක අතිදැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේ තරගයේ ආධිපත්‍යය තමන් සන්තක කරගනිමිනි.

එහි දී අතිවිශිෂ්ට පිතිහරඹයක නියැලුණු කඩුලු රකින බී. ජේ. වොට්ලින් පන්දු 473ක දී ලකුණු 205ක් වාර්තා කළේ නවසීලන්ත පිතිකරණයේ සියලු වගකීම තම කරට ගනිමිනි. මනස්කාන්ත හතරේ පහරවල් 24කින් හා එක් හයේ පහරකින් ඔහුගේ සුපිරි ඉනිම වර්ණවත් විය.

එංගලන්ත පන්දු යවන්නන්ට දිගට හරහට පහර දෙමින් ඔහු මෙම ඉනිම දියත් කළේ එදා මෙදා තුර ටෙස්ට් ඉතිහාසයේ නවසීලන්ත කඩුලු රකින්නෙකු වාර්තා කළ පළමු ද්විත්ව ශතකය තම නම ඉදිරියේ සටහන් කර ගනිමිනි.

මාලිංගගේ කණ්ඩායම ශූරයන් වෙද්දී තිසර තුන්වැනි තැනට

අබුඩාබි T10 තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ …….

වොට්ලින්ට අනගි සහයක් ලබා දුන් අංක 8 පිතිකරු මිචෙල් සැන්ට්නර් පන්දු 269කට මුහුණ දෙමින් ලකුණු 126ක් රැස්කළේ නවසීලන්තය බලාපොරොත්තු වූවාටත් වැඩි ලකුණු පුවරුවක් කරා රැගෙන යාමට තම දායකත්වය ලබා දෙමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 11ක් හා දැවැන්ත හයේ පහර 5ක් අන්තර්ගත විය.

ඊට අමතරව කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් ලකුණු 65ක් හා නායක කේන් විලියම්සන් ලකුණු 51ක් වාර්තා කළේය. ඒ සමඟින් නවසීලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 615ක් ලබා ගනිමින් තම පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ පළමු ඉනිමේ එංගලන්තයට වඩා ලකුණු 262ක් ඉදිරියෙන් සිටිමිනි.

පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කළ සෑම් කරන් ලකුණු 119කට කඩුලු 3ක් දවා ගත් අතර ජැක් ලීච් සහ බෙන් ස්ටෝක්ස් කඩුලු 2 බැගින් දවාලීය.

මේ අනුව තම දෙවන ඉනිම ආරම්භ කළ එංගලන්තයට ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 262ක ඉලක්කයක් හිමි විය. එහෙත් පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද අසාර්ථක වූ එංගලන්ත කණ්ඩායමේ සියලුම පිතිකරුවන් ලකුණු 197කට දැවී ගියේ මෙම තරගයෙන් නවසීලන්තයට ඉනිමක සහ ලකුණු 65ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර දෙමිනි.

එංගලන්තය නැවතත් ලෝක කුසලාන සටන රඟ දක්වයි

සංචාරක එංගලන්ත කණ්ඩායමේ නවසීලන්ත ……….

එහි දී එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වූයේ ජෝ ඩෙන්ලිගේ පිත්තෙන් වාර්තා වූ ලකුණු 35යි. ඊට අමතරව රොරී බර්න්ස් හා ජොෆ්රා ආචර් පිළිවෙළින් ලකුණු 31ක් හා 30ක් වාර්තා කළ අතර අන් කිසිදු එංගලන්ත පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව ඉක්මවීමට ඉඩ ලබා නොදීමට නවසීලන්ත පන්දු යවන්නන් වගබලා ගත්හ.

නවසීලන්තය වෙනුවෙන් සුපිරි පන්දුකරණයක නියැලුණු නීල් වැග්නර් ලකුණු 44කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූයේ නවසීලන්තයට ඉනිමක ජයග්‍රහණයක් හිමිකර දීමේ පුරෝගාමියෙකු බවට පත්වෙමිනි. ඔහුට අනගි සහයක් ලබා දුන් මිචෙල් සැන්ට්නර් ලකුණු 53කට කඩුලු 3ක් දවාලීමට සමත් වූයේ පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද තම උපරිම දායකත්වය කණ්ඩායමට ලබා දෙමිනි.

මෙම දැවැන්ත ජයග්‍රහණයත් සමඟින් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් 1-0ක් ලෙස නවසීලන්තය පෙරමුණ ගැනීමට සමත් විය. දෙරට අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන සිකුරාදා (29) හැමිල්ටන් හිදී පැවැත්වෙනු ඇත.

එංගලන්තය පළමු ඉනිම – 353/10: බෙන් ස්ටෝක්ස් 91, ජෝ ඩෙන්ලි 74, රොරී බර්න්ස් 52, ටිම් සවුති 4/88, නීල් වැග්නර් 3/90

නවසීලන්තය පළමු ඉනිම – 615/9 (ඉනිම අත්හිටුවන ලදි): බී. ජේ. වොට්ලින් 205, මිචෙල් සැන්ට්නර් 126, කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් 65, සෑම් කරන් 3/119, බෙන් ස්ටෝක්ස් 2/74 

එංගලන්තය දෙවන ඉනිම – 197/10: ජෝ ඩෙන්ලි 35, රොරී බර්න්ස් 31, ජොෆ්රා ආචර් 30, නීල් වැග්නර් 5/44, මිචෙල් සැන්ට්නර් 3/53

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<