ශ්‍රී ලංකාවට එන නවසීලන්ත කණ්ඩායමට ශ්‍රී ලාංකික පුහුණුකරුවෙක්

8830

ශ්‍රී ලංකාව නියෝජනය කළ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තිලාන් සමරවීර මහතා නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය තුල දී සිය පුහුණු කාර්‍ය මණ්ඩලයට තෝරාගෙන ඇත.

එදා මෙදා තුර ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් ක්‍රිකට් පිටිය වූ බලපෑම්

පසුගිය 21 වැනි දා නොහොත් පාස්කු ඉරිදා දින සිට ……

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 81කට සහභාගී වෙමින් ශතක 14ක් ලබාගෙන හොඳ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් (48.76) රඳවා ගෙන පිතිකරණයේ නිරත වී තිබේ. සමරවීර පාකිස්තානය සමඟ කරච්චි නුවර දී පැවැත්වුණු ක්‍රිකට් තරගයේ දී ලකුණු 231ක් වාර්තා කර ගත් අතර ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබාගෙන තිබෙන වැඩිම ලකුණු ප්‍රමාණය එයයි.

වයස අවුරුදු 42ක් වන සමරවීර 2013 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන් අතර ඉන්පසුව ශ්‍රී ලංකාවේ හා බංග්ලාදේශයේ පිතිකරණ පුහුණුකරු ලෙස ලොව පුරා තරගාවලි සඳහා සහභාගී වී තිබේ. එසේම 2018 වසරේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ද සිය වගකීම ඉටු කරන ලදි. 

මංගල ටෙස්ට් තරගයේ දීම ශතක ලාභියා – තිලාන් සමරවීර

1998 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ………..

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ උපදේශකයෙකු ලෙස වැඩ කටයුතු කිරීම වෙනුවෙන් සමරවීර මහතාව තෝරාගැනීම පිළිබඳව නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ග්‍රේ ස්ටීඩ් මහතා මෙසේ සිය අදහස් පවසා ඇත.

“තිලාන් සමරවීර මහත්මයාව අපි ඉතාමත් සාදරයෙන් අපේ කණ්ඩායමට පිලිගන්නවා. ශ්‍රී ලංකා තරග සංචාරයේ දී තිලාන් සමරවීරගේ උපදෙස් හා ඔහු සතු අත්දැකීම් අපේ පිතිකරුවන්ට ගොඩක් වැදගත් වේවි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තණතීරු වල හැසිරීම පිළිබඳව ඔහුට ඉතාමත් හොඳ දැනීමක් තියෙනවා. එය අපේ කණ්ඩායම මේ තරගාවලිය සාර්ථකව අවසන් කරගන්න ලොකු සවියක් වේවි.” 

 2017 වසරේ නොවැම්බර් මස දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස වැඩ කටයුතු ආරම්භ කළ සමරවීර 2019 ලෝක කුසලානයට පෙර එම තනතුරෙන් ඉල්ලා අස්වූයේ ඔහුගේ තනතුර වෙනස් කිරීමකට ලක් කළ නිසාවෙනි.

පසුගිය දා අවසන් වුනු 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අනුශූරතාව දිනා ගත් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම එම තරගාවලියට පසුව සහභාගී වන පළමු ක්‍රිකට් තරගාවලිය මෙයයි. ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර දිරියේ දී ආරම්භ වන ක්‍රිකට් තරගාවලිය ටෙස්ට් තරග දෙකකින් හා විස්සයි විස්ස තරග 3කින් සමන්විත වේ.

ICBT වසර 4කට පසුව නැවතත් ශූරයින් වෙයි

8 වැනි වරටත් පැවැත්වූ Red Bull කුසලාන ……..

ටෙස්ට් තරග 2 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියට අයත් වන නිසාවෙන් දෙපිලටම එම ටෙස්ට් තරගාවලිය ජය ගැනීම ඉතාමත් වැදගත්ය.

නවසීලන්ත කණ්ඩායමක් අවසන් වරට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ ඇත්තේ 2014 දී වන අතර තරගාවලියේ පැවති තරග 5න් (ටෙස්ට් 3, විස්සයි විස්ස 2) ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට හැකි වූයේ තරග දෙකක් පමණි. අනෙක් තරග 3න් නවසිලන්තය එක් තරගයක් ජයග්‍රහණය කරන ලදි. අනෙක් තරග දෙක ප්‍රතිඵලයක් රහිතව අවසන් විය.

තරගාවලිය සඳහා සහභාගී වන සංචාරක නවසීලන්ත කණ්ඩායම අගෝස්තු මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. 

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2019 – තරග කාලසටහන

  • පුහුණු තරගය: අගෝස්තු 8 -10, කටුනායක දී
  • පළමු ටෙස්ට් තරගය: අගෝස්තු 14-18, ගාල්ලේ දී
  • දෙවන ටෙස්ට් තරගය: අගෝස්තු 22-26, පී. සරා ඕවල් හිදී
  • විස්සයි විස්ස පුහුණු තරගය: අගෝස්තු 29, කටුනායක දී
  • පළමු විස්සයි විස්ස තරගය: අගෝස්තු 31, ආර්. ප්‍රේමදාස පිටියේ දී
  • දෙවන විස්සයි විස්ස තරගය: සැප්තැම්බර් 2, ආර්. ප්‍රේමදාස පිටියේ දී
  • තෙවැනි විස්සයි විස්ස තරගය: සැප්තැම්බර් 6, පල්ලෙකැලේ දී

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා සජීව තරග අත්දැකීම ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<