අයියාට වගේම මල්ලිටත් අන්තෝනි නායකත්වය!

126

එළඹෙන 2020 නව රග්බි තරග වාරය සඳහා සාන්ත අන්තෝනි විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකයා ලෙස ‘2nd Row’ ස්ථානයේ ක්‍රීඩා කරන පස්වැනි ක්‍රීඩක මතීෂ් අමරසිංහ නම් කර ඇත. මතීෂ් අමරසිංහ වත්මන් ශ්‍රී ලංකා සත් සාමාජික ජාතික සංචිතයේ සහ CR&FC කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩක දිනුක් අමරසිංහගේ සහෝදරයෙකු වීම ද විශේෂත්වයක්.

පියාගේ අඩි පාරේ යන පුතාට රාජකීය නායකත්වය!

එළඹෙන 2020 නව රග්බි තරග වාරය සඳහා රාජකීය විද්‍යාලයේ පළමු පෙළ ……….

Line-Out අවස්ථාවකින් පන්දුව තමන් සතු කරගැනීමට විශේෂ දක්ෂතාවයක් ඇති මතීෂ් අමරසිංහ එළඹෙන තරග වාරයේ දී සියලු කණ්ඩායම්වල අවධානය දිනා ගන්නා ක්‍රීඩකයෙකු වන බව නොඅනුමානයි. 

පසුගිය වසර කිහිපයේ දී ම ‘2nd Row’ ස්ථානයේ ක්‍රීඩා කරමින් විද්‍යාලයීය කණ්ඩායම වෙනුවෙන් ඉහළම දක්‍ෂතා දැක්වූ ඔහු කණ්ඩායමේ සුවිශේෂී ස්ථානයක් රැක ගැනීමට සමත් විය.

ඔහුගේ පියා වන ධම්මික අමරසිංහ සහ ඔහුගේ සහෝදරයින් වන දිනුක් අමරසිංහ සහ රුවන් අමරසිංහ ද සාන්ත අන්තෝනි විදුහල වෙනුවෙන් දස්කම් පා ඇත.

“ශූරයින්ගේ මාරයා” හසුරවන්නට නව මුහුණක්!

පසුගිය පාසල් රග්බි ලීගයේ ප්‍රබල කණ්ඩායම්වලට විශාල අභියෝගයක් ………….

කණ්ඩායමේ පුහුණුකරු ලෙස පසුගිය තරග වාරයේ දී විද්‍යාර්ථ කණ්ඩායම A කාණ්ඩය දක්වා කැඳවාගෙන ආ සුමේධ මාලේවන කටයුතු කරන අතර නව නායකයෙකු හා කනිෂ්ඨ – ජ්‍යෙෂ්ඨ සුසංයෝගයක් සමඟ විද්‍යාර්ථ විදුහල මෙවර තම A කාණ්ඩයේ වැඩ ඇල්ලීමට සූදානමින් සිටියි

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<