එළඹෙන ආසියානු රග්බි ශූරතාවලියේ දෙවන අදියර වෙනුවෙන් සහභාගී වන නව ශ්‍රී ලංකා රග්බි සංචිතයට තේරීම් කමිටුව විසින් නව වෙනස්කම් තුනක් සිදුකර ඇති අතර කණ්ඩායමේ නායකත්වය වෙනුවෙන් නැවත වතාවක් සුදර්ශන මුතුතන්ත්‍රි තෝරා පත්කර ගෙන ඇත.
මලියදේව කණ්ඩායම සුපිරි කාණ්ඩය අත හරියි?
ඊයේ (23) වන විට මුද්‍රිත මාධ්‍යයේ ක්‍රීඩා පිටුව උණුසුම් කරන්නට සමත්වූ මෙම සිරස්තලයෙන් කියැවුණු අයුරින් එළඹෙන සිංගර් පාසල් ලීග් රග්බි තරගාවලිය…….

හිටපු හැව්ලොක් ක්‍රීඩක හා CR & FC කණ්ඩායමේ වර්තමාන නායක ෂෙහාන් ඩයස් නවක ක්‍රීඩකයින් දෙදෙනා අතරින් අයෙකි.
මෙවර තරග වාරයේ දී CH & FC කණ්ඩායම නියෝජනය කරන තවත් දීප්තිමත් ක්‍රීඩකයෙකු වන නිෂෝන් පෙරේරා කණ්ඩායම සමඟින් එකතු වන අනෙක් නවක ක්‍රීඩකයායි.

කෙසේ වෙතත් පසුගිය අදියරේ දී ක්‍රීඩා කළ රෙහාන් සිල්වා මෙවර අදියරේ දී විවේක ගන්වා තිබීම විශේෂත්වයකි.
12 දෙනෙකුගෙන් යුත් ජාතික සංචිතය:
සුදර්ශන මුතුතන්ත්‍රි (CH & FC), ශ්‍රීනාත් සූරියබණ්ඩාර (මහනුවර ක්‍රී. ස.), ධනුෂ් දයාන් (මහනුවර ක්‍රී. ස.), කෙවින් ඩික්සන් (CR & FC), රීසා රෆයිඩීන් (CR & FC), දිනුක් අමරසිංහ (හැව්ලොක් ක්‍රී. ස.), නවීන් හේනකන්කානම්ගේ (CH & FC), සුදම් සූරියආරච්චි (CH & FC), බුද්ධිම පියරතන (නාවික හමුදා ක්‍රී. ස.), අදීශ වීරතුංග (නාවික හමුදා ක්‍රී. ස.), ෂෙහාන් ඩයස් (CR & FC), නිෂෝන් පෙරේරා (CH & FC)
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<





















