43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සංශෝධිත කාලසටහනට අනුව පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සැප්තැම්බර් මස 3 වන දා ආරම්භ විය. මෙම කාලසටහන පසුගිය මස 15 වැනි දා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කරන ලදි.

මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල තරග ඉසව් 25කින් සමන්විත වන අතර, සැප්තැම්බර් 03, 04 සහ 05 යන දිනයන්වල දී ටයිකොන්ඩෝ, ජූඩෝ සහ වෙරළ වොලිබෝල් ක්‍රීඩා තරග ආරම්භ විය. සැප්තැම්බර් 04, 05 සහ 06 යන දිනයන්වල දී තුන්ප්‍රයාම, ජිම්නාස්ටික් තරග ආරම්භ විය.

ක්‍රීඩා ඇමතිතුමාට 7 වන ශ්‍රේණියේ කළු පටියක්

පසුගිය දා කොරියන් රජයේ ආරාධනය අනුව තෙදින නිල සංචාරයකට සහභාගී වූ ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර…

තරගාවලියේ දැල්පන්දු සහ රග්බි තරග සැප්තැම්බර් මස 9 සිට 11 දක්වා පැවැත්වෙන්නේ පිළිවෙළින් පොළොන්නරුව සහ කොළඹ කේන්ද්‍ර කර ගනිමිනි.

තරගාවලියේ වොලිබෝල් (මාතර කොටවිල), බොක්සිං (මාතර) සහ පාපන්දු (මාතර) තරග සැප්තැම්බර් 20 සිට 23 දක්වා පැවැත්වෙන අතර මලල ක්‍රීඩා තරග 22, 23 හා 24 යන දිනයන්වල මාතර කොටවිල දී පැවැත්වේ.  

එසේම ඒ ඒ ඉසව්ව ආරම්භ වීමට පෙර දිනයේ දී එම ඉසව් සඳහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලියාපදිංචිය සිදු කරනු ලැබේ.

සම්පූර්ණ තරග කාලසටහන

සැප්තැම්බර් 03, 04, 05

  • ටයිකොන්ඩෝ (කාන්තා/ පිරිමි) – කොළඹ
  • ජූඩෝ (කාන්තා/ පිරිමි)  – පොළොන්නරුව
  • වෙරළ වොලිබෝල් (කාන්තා/ පිරිමි)  – මීගමුව

සැප්තැම්බර් මස 04, 05 හා 06

  • තුන්ප්‍රයාම  (කාන්තා/ පිරිමි) – නිකවැරටිය (සැප්: 4හා 5 පමණි)
  • ජිම්නාස්ටික් (කාන්තා/ පිරිමි)  – කොළඹ

සැප්තැම්බර් 06 , 07 හා 08

  • මල්ලවපොර (කාන්තා/ පිරිමි)  – නාවලපිටිය (සැප්: 6 හා 7 පමණි)
  • කරාතේ – දිගන  (සැප්: 6 හා 7 පමණි)
  • කබඩි (කාන්තා/ පිරිමි)  – මාතර

සැප්තැම්බර් 9, 10 හා 11

  • රගර් (කාන්තා/ පිරිමි)  – කොළඹ (සැප්: 9 හා 10 පමණි)
  • දැල්පන්දු (කාන්තා)  – පොළොන්නරුව

සැප්තැම්බර් 12, 13 හා 14

  • හොකී (කාන්තා/ පිරිමි)  – කොළඹ
  • එල්ලේ (කාන්තා/ පිරිමි)  – අනුරාධපුරය
  • වූෂු (කාන්තා/ පිරිමි) – අනුරාධපුරය
  • පැසිපන්දු (කාන්තා/ පිරිමි)  – අම්බලන්ගොඩ

සැප්තැම්බර් 16, 17 හා 18

  • ක්‍රිකට් (කාන්තා/ පිරිමි)  – කුරුණෑගල
  • බැඩ්මින්ටන් (කාන්තා/ පිරිමි)  – කොළඹ
  • හෑන්ඩ්බෝල් (කාන්තා/ පිරිමි)  – බණ්ඩාරගම (සැප්: 19 වන දින ද පැවැත්වේ)

සැප්තැම්බර් 20, 21 , 22 හා 23

  • වොලිබෝල් (කාන්තා/ පිරිමි)  – මාතර කොටවිල
  • බොක්සිං (කාන්තා/ පිරිමි)  – මාතර
  • පාපන්දු (කාන්තා/ පිරිමි)  – මාතර
  • වෙරළ කබඩි (කාන්තා/ පිරිමි) – පානදුර ( සැප්: 17, 18, 19)
  • පිහිණුම් (කාන්තා/ පිරිමි)  – කොළඹ (සැප්: 18, 19)
  • කඹ ඇදීම (කාන්තා/ පිරිමි)  – කොළඹ (සැප්: 19, 20)
  • කායවර්ධන (පිරිමි)  – මාතර (සැප්: 23 පමණි)
  • මලල ක්‍රීඩා (කාන්තා/ පිරිමි)  – මාතර කොටවිල ( සැප්: 22, 23 හා 24)National Sports Festival 2017


>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට
 <<