33 වෙනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග තෙවන දිනටත් ඊයේ (12) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. කෙසේ නමුත් තරගාවලියේ ආරම්භක දිනයේ සිටම තරගාවලියට විටින් විට වැසි සහිත කාලගුණයෙන් බාධා එල්ල විය.
හෙන්ඩර්සන් සිය දෙවැනි රන් පදක්කමත් ලබා ගනී
33 වෙනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග දෙවන දිනටත් ඊයේ (12) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.
ශේෂාන් කඩුලු මතින් දිවීමේ වාර්තාව අලුත් කරයි

සමස්ත ලංකා පාසල් තරගාවලියට වර්ෂාවෙන් බාධා
33 වන වරට පැවැත්වෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඉසව් ඊයේ (11) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.
හෙන්ඩර්සන් තුන්වන රන් පදක්කමත් ජයග්‍රහණය කරයි

චමෝද් කෙටි දුර ධාවන පදක්කම් ද්විත්වය සම්පූර්ණ කරයි
අද දිනයේ දී කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ චමෝද් යෝදසිංහ වයස අවුරුදු 18න් පහළ බාලක මීටර 200 ඉසව්ව තත්පර 22.07ක කාලයක් වාර්තා කරගනිමින් අවසන් කරමින් එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේ එම වයස් කාණ්ඩයේ කෙටි දුර ධාවන ඉසව් ද්විත්වයේම රන් පදක්කම් තමන් සතුකර ගනිමිනි. ඔහු මීට පෙර තරගාවලියේ දෙවන දිනයේ දී මීටර 100 ඉසව්වේ ද රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. එහි දී මීටර 200 ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්‍ෂා කළ ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ශාලික සන්තුෂ් හට දෙවන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු වූ අතර එහි දී තෙවන ස්ථානය දිනාගනු ලැබුවේ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ රමේෂ් මල්ෂාන් විසිනි.
සහය දිවීමේ ඉසව්වල තරග ප්‍රතිඵල
තෙවන දිනයේ අවසන් ඉසව් ලෙස පැවතියේ වයස අවුරුදු 16න් හා 20න් පහළ බාලක හා බාලිකා මීටර 400×4 සහය දිවීමේ ඉසව් සහ වයස අවුරුදු 18න් පහළ බාලක හා බාලිකා මීටර 100×4 සහය දිවීමේ ඉසව්ව යි.
බාලක – වයස අවුරුදු 16න් පහළ – මීටර 400×4
- 1 වන ස්ථානය – ධර්මපාල විද්‍යාලය, පන්නිපිටිය
- 2 වන ස්ථානය – ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය, වලල
- 3 වන ස්ථානය – විජිත විද්‍යාලය, දික්වැල්ල
.
.

- 1 වන ස්ථානය – සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලය
- 2 වන ස්ථානය – ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය, වලල
- 3 වන ස්ථානය – මරියා නිර්මල කන්‍යාරාමය
.
.

- 1 වන ස්ථානය – සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
- 2 වන ස්ථානය – නාලන්ද විද්‍යාලය
- 3 වන ස්ථානය – මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය
.
.

- 1 වන ස්ථානය – ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය, වලල
- 2 වන ස්ථානය – අඹගමුව මධ්‍ය මහා විද්‍යාලය
- 3 වන ස්ථානය – වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලය
.
බාලක – වයස අවුරුදු 18න් පහළ – මීටර 100×4
- 1 වන ස්ථානය – සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
- 2 වන ස්ථානය – රාහුල විද්‍යාලය, මාතර
- 3 වන ස්ථානය – මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

- 1 වන ස්ථානය – මියුසියස් විද්‍යාලය, කොළඹ
- 2 වන ස්ථානය – ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය, වලල
- 3 වන ස්ථානය – ලයිසියම් ජාත්‍යන්තර පාසල, වත්තල
.
.
තෙවන දිනයේ අවසන් තරග ප්‍රතිඵල
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<































