ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් එළඹෙන ‘2020 ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල’ ඉලක්ක කර ගනිමින් ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ජාතික වෙරළ වොලිබෝල් සංචිත නම් කිරීමට කටයුතු කර ඇත.
එළඹෙන නොවැම්බර් මස 28 වන දින සිට දෙසැම්බර් මස 05 වන දින දක්වා මෙම ක්‍රීඩා උළෙල චීනයේ දී පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් කණ්ඩායම් තෝරා ගැනීමේ අවසන් තේරීම් පරීක්‍ෂණය පසුගිය ඉරිදා (07) හෙයියන්තුඩුව ජාතික තරුණ සේවා සභා පුහුණු මධ්‍යස්ථානයේ වෙරළ වොලිබෝල් ක්‍රීඩා පිටියේ දී පවත්වනු ලැබීය.
පවත්වනු ලැබූ මූලික තේරීමේ වට වලින් තෝරාගනු ලැබූ ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් 12 බැගින් ඒ සඳහා එක්වූ අතර මෙම තේරීමේ වටය අවසානයේ ඉන් ජාතික පිරිමි සහ ජාතික කාන්තා සංචිත සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 බැගින් තෝරාගනු ලැබීය.
කොරෝනා ව්‍යාප්තියට වැඩිම අවදානමක් ඇති ක්‍රීඩාව වොලිබෝල්!!
තවද එම තරගාවලිය වෙනුවෙන් මෙම අදාළ සංචිත පුහුණු කිරීම සඳහා පුහුණුකරුවන් 4 දෙනෙක් ද ඇතුළත් කර ඇත.
පිරිමි සංචිතය –
- වයි. එච්. එස්. මලින්ත යාපා – ශ්‍රී ලංකා ගුවන් හමුදාව
 - කේ. ඒ. කේ. ඉන්දික ටිරෝන් – ශ්‍රී ලංකා යුධ හමුදාව
 - පී. කේ. ජයාන් සනුජ – ශ්‍රී ලංකා යුධ හමුදාව
 - කේ. ජී. රොෂාන් සමන්ත – ශ්‍රී ලංකා යුධ හමුදාව
 - ඩබ්. එල්. සුජීව චින්තක – ශ්‍රී ලංකා ගුවන් හමුදාව
 - අශේන් රශ්මික – ශ්‍රී ලංකා ගුවන් හමුදාව
 
කාන්තා සංචිතය –
- ජේ. එච්. දිනේෂා ප්‍රසාදනී – ශ්‍රී ලංකා ගුවන් හමුදාව
 - එම්. ජී. දීපිකා බණ්ඩාර – මාස් කැෂුවල්ලයින්
 - ඒ. කසුනි තාරුකා ලක්ෂානි – ශ්‍රී ලංකා නාවික හමුදාව
 - චතුරිකා මධුෂානි වීරසිංහ – ශ්‍රී ලංකා යුධ හමුදාව
 - ඩබ්. ෂෙහානි අසංගා – ශ්‍රී ලංකා නාවික හමුදාව
 - නිර්මානී සුලෝචනා ජයවර්ධන – මාස් කැෂුවල්ලයින්
 
පුහුණුකරුවන් –
- ජූඩ් මහේෂ් පෙරේරා – ප්‍රධාන පුහුණුකරු – පිරිමි
 - පුබුදු කුමාර ඒකනායක – ප්‍රධාන පුහුණුකරු – කාන්තා
 - අසංක ප්‍රදීප් කුමාර – සහාය පුහුණුකරු – පිරිමි
 - තක්‍ෂිලා නිරංජලී ගුණසිංහ – සහාය පුහුණුකරු – කාන්තා
 
ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල සඳහා මෙම සංචිත එළඹෙන 16 වන දින සිට හෙයියන්තුඩුව ජාතික තරුණ සේවා සභා පුහුණු මධ්‍යස්ථානයේ වෙරළ වොලිබෝල් ක්‍රීඩා පිටියේ දී සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<





















