“මාව අවතක්සේරු කරන්න එපා”

808
Naseem Shah

පාකිස්තානයේ 17 හැවිරිදි වේගවත් පන්දු යැවීමේ නවතම සොයා ගැනීම වන නසීම් ෂා පසුගිය දා එංගලන්තයට අනතුරු ඇඟවූයේ එළඹෙන ටෙස්ට් තරගමාලාවේ දී ඔහුව අවතක්සේරු නොකරන ලෙසයි. එය එසේ වුවහොත් එය ඔවුන්ට “විශාල පාඩුවක්” වනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

2011 අවසන් තරගය පාවා දුන්නා යැයි හිටපු ඇමතිගෙන් චෝදනාවක්!

2011 ලෝක කුසලාන තරගාවලිය පාවා දුන්නා ද? හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා

වයස අවුරුදු 16 දී සිය මංගල තරගයට පිවිසි ෂා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ට තලයකට පැමිණ ඇති අතර අගෝස්තු 5 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරග තුනේ තරගාවලියේ පාකිස්තානයේ ප්‍රධාන පන්දු යවන්නා වනු ඇත.

ටෙස්ට් ක්‍රිකට් පිටියේ දී කඩුලු 5ක් දවා ගත් ළාබාලතම වේගපන්දු යවන්නා බවට ඔහු පත්විය. ඒ වයස අවුරුදු 16 සහ දින 311ක දී කඩුලු 5ක් දවා ගනිමිනි. ඒ පසුගිය දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී ය.

එංගලන්ත ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන නායක ජෝ රූට්ගේ නම පමණක් ඔහු දන්නා නමුත් එංගලන්ත කණ්ඩායම ඔහුව සැහැල්ලුවට නොගත යුතු බව ෂා පැවසීය.

“ඔවුන් මට කුඩා ළමයෙකු ලෙස සැලකුවහොත් එය ඔවුන්ගේ විශාල පාඩුවක් වේව්” ෂා වාර්තාකරුවන්ට පැවසීය.

“වයස ප්‍රශ්නයක් නෑ. මගේ පන්දු යැවීම තමයි වැදගත්. ඒ නිසා ඔවුන් මට බැරෑරුම් ලෙස සැලකිය යුතුයි.”

පාකිස්තාන සංචිතය මෙම මස අවසානයේ එංගලන්තය වෙත යාමට සූදානම් වන අතර “ජෛව සුරක්‍ෂිත” පහසුකම්වල පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර දින 14ක් අනිවාර්ය නිරෝධායනයෙහි ගත කරනු ඇත.

අඩි 6යි අඟල් 6ක් උස වේගපන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි සමඟ නසීම් ෂා පාකිස්තාන ආරම්භක පන්දු යවන්නා වීමට ඉඩ ඇත. ඔහු 2018 දී සිය මංගල තරගයට පිවිසි දින සිට මේ දක්වා ක්‍රිකට් ආකෘති තුනේම පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කරයි.

ලෝක කුසලානය ගැන කණගාටුදායක අනාවැකියක්

2020 දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය සැපයීම ඕස්ට්‍රේලියාවට “කළ නොහැකි” බව

පාකිස්තානය අගෝස්තු-සැප්තැම්බර් මාසවල දී ටෙස්ට් තරග 3කට සහ විස්සයි 20 තරග 3ක්  සඳහා එංගලන්තයට පැමිණෙනු ඇත. ලොව පුරා කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් සියලු ක්‍රිකට් තරග නතර කිරීමෙන් පසුව කණ්ඩායම් දෙකම එක්වන පළමු තරගාවලිය මෙය වේ.

17 හැවිරිදි නශීම් ශා පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ දී ජාත්‍යන්තර පිටියට පිවිසි දින සිට සිය පාකිස්තාන දිවියට විශිෂ්ට ආරම්භයක් ලබා දී තිබේ. මේ දක්වා ටෙස්ට් තරග 4ක දී ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයට එරෙහිව කඩුලු 13ක් දවාගෙන තිබේ.

රාවල්පින්ඩි හි බංග්ලාදේශයට එරෙහිව ඔහු අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළේය. එහි දී නසීම් ෂා ටෙස්ට් කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් ළාබාලතම පන්දු යවන්නා බවට පත්විය. පාකිස්තානය සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 44කින් පරාජය කළේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<