බීච් දැල්පන්දු තරගාවලියක් ගල්කිස්සේ දී

මිශ්‍ර බීච් දැල්පන්දු ශූරතාවය - 2023

194

ශ්‍රී ලංකා බීච් දැල්පන්දු සංගමය සංවිධානය කරන මිශ්‍ර දැල්පන්දු බීච් ශූරතාවය මෙම මස (මාර්තු ) 25 වැනි දින ගල්කිස්ස වෙරළ තිරයේ දී (බර්ජියා හෝටලය පිටුපස) පැවැත්වීමට නියමිතයි.

ඊට දිවයිනේ ප්‍රමුඛතම කණ්ඩායම් 09ක් තරග වැදීමට නියමිතයි.

තරග වැදීමට නියමිත කණ්ඩායම්:

  • කොළඹ මහ නගර සභාව
  • ක්‍රීඩා භූමි කැම්බල් කණ්ඩායම
  • ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය
  • ලයන්ස් ක්‍රීඩා සමාජය
  • කළුතර ක්‍රීඩා සමාජය
  • රත්නපුර ක්‍රීඩා සමාජය
  • නෙට් ෆයර් – දෙහිවල කණ්ඩායම
  • අනුරාධපුර ක්‍රීඩා සමාජය
  • නෙට් ෆයර් – රත්මලාන කණ්ඩායම

මෙම තරගාවලියේ සමාරම්භක උළෙල එදින පෙ.ව. 8.30 ශ්‍රී ලංකා දැල්පන්දු  සම්මේලනයේ සභාපතිනි වික්ටෝරියා ලක්ෂ්මි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.

සමාප්ති උළෙල හා අවසන් මහා තරගය එදින ප.ව.5.00 තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහකත්වය දරන චාන්ස් ස්පොර්ට්ස් ආයතනයේ නිර්මාතෘ හා සභාපති ලසන්ත අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ඡායාරූපයේ දැක්වෙන්නේ අනුග්‍රහකත්ව චෙක්පත් බීච් දැල්පන්දු  සංගමයේ සභාපති යමුනා සඳමාලි මහත්මියට ලසන්ත අමරසිංහ මහතා විසින් ලබා දුන් අවස්ථාවයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<