මිල්කාගෙන් රන් පදක්කමක්

204

Artistic gymnastic ඉසව්වෙන් ඔලිම්පික් වරම් ලද එකම ශ්‍රී ලංකා ක්‍රීඩිකාව වන මිල්කා ගෙහානි ජපානයේ Yamagata හි පැවති 2021 All-Japan Senior and master’s Gymnastics ශූරතාවලියේ දී කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට සමත්ව තිබෙනවා.

ඒ අනුව ගෙහානි සහ ඇය සමඟ ඉසව්වට සහභාගි වූ ක්‍රීඩිකාවන් 5 දෙනාම කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කර තිබෙනවා.

තවමත් 18 හැවිරිදි වියේ පසුව වන ගෙහානි මේ වන විට ජපානයේ සිටිමින් සිය පුහුණුවීම් කටයුතුවල නිරත වනවා. ඇය 2020 ටෝකියෝ ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා Artistic gymnastic ඉසව්වෙන් සුදුසුකම් ලබා ගත් අතර එම ඉසව්ව සඳහා ශ්‍රී ලංකා ඉතිහාසයේ සුදුසුකම් ලබා ඔලිම්පික් නියෝජනය කළ පළමු ක්‍රීඩිකාව වන්නේ ද ඇයයි.

කෙසේ නමුත් එහි දී ඇයට පදක්කමක් ජයග්‍රහණය කරන්නට නොහැකි වුවත් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාවේ දී ම ඇයට හැකි උපරිමයෙන් දස්කම් දක්වන්නට ඇය සමත් වුනා.

මේ වන විට ඇය ශිෂ්‍යත්වයක් මත ජපානයේ ජිම්නාස්ටික් ක්‍රීඩාව ප්‍රගුණ කරමින් සිටින අතර ඇයගේ මීළඟ ඔලිම්පික් ඉලක්කය වන පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ඇය ඉතාමත් කැප වීමෙන් යුතුව පුහුණුවීම්වල නිරතව වනවා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<