ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම ප්‍රථම 10 අතරට

194

21වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය මේසපන්දු තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා කණ්ඩායම් දෙකම කණ්ඩායම් අංශයේ අටවැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවේ කතක් හිදීයි.

බිමන්දිගේ දස්කම්වලට ඕස්ට්‍රේලියා පුහුණුකරුගේ පැසසුම්

21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය මේස පන්දු තරගාවලියේ සුපිරි අට වටයේ තරග ඊයේ (18) පැවැත්වුණු අතර ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා..

පිරිමි කණ්ඩායම

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට ඕස්ට්‍රේලියාව පරාජය කරමින් තරගාවලියේ හත්වැනි ස්ථානයට පත් වීමට අනගි අවස්ථා කිහිපයක්ම හිමි වුනත් ඒ කිසිදු අවස්ථාවක් සාර්ථක වූයේ නැහැ.

  • ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව

නිර්මල ජයසිංහ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුව තරග වැදුණු අතර ඔහු ලකුණු 12/10, 08/11, 08/11, 11/08, 11/05 ක් ලෙස Hu Heming හමුවේ පරාජය වූයේ තියුණු සටනකට පසුවයි. Power David ක්‍රිෂාන් වික්‍රමරත්න පරාජය කළේ ලකුණු 11/05, 12/10, 11/06ක් ලෙසයි. 

නායක රොහාන් සිරිසේන 11/06, 05/11, 11/08, 11/04 ක් ලෙස Chambers Dillon හමුවේ පරාජය වෙද්දී ඕස්ට්‍රේලියාව තරග 3-0ක් ලෙස තරගාවලියේ හත්වැනි ස්ථානය දිනා ගත්තා. 

කාන්තා පිරිමි කණ්ඩායම් දෙකම සුපිරි අට වටයට

21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය මේසපන්දු ශූරතාව ඊයේ (17) ඉන්දියාවේ කතක් හිදී ආරම්භ වූ අතර පළමු දිනයේ දී ශ්‍රී ලංකා කාන්තා….

කාන්තා කණ්ඩායම

කාන්තා කණ්ඩායම වේල්ස් කණ්ඩායම හමුවේ පරාජය වූයේ අවාසනාවන්ත ලෙස තරග 3-0ක් ලෙසයි.

  • වේල්ස් හා ශ්‍රී ලංකාව අතර

ශ්‍රී ලංකා නායිකා ඉෂාරා මධුරංගි, Hursey Anna හමුවේ ලකුණු 11/05, 11/05, 14/12ක් ලෙස පරාජය වූ අතර දෙවන තරගයේ දී යොවුන් ක්‍රීඩිකා බිමන්දී බණ්ඩාර තියුණු තරගයකට පසුව Carey  Chariotte හමුවේ ලකුණු 06/11, 11/ 06, 11/ 03, 11/02ක් ලෙස පරාජය විය.

අවසන් තරගයේ දී Whitton Lara, චමත්සරා ප්‍රනාන්දු ලකුණු 11/03, 11/08, 08/11, 11/04 ක් ලෙස පරාජය කරමින් වේල්ස් ජයග්‍රහණය ස්ථිර කිරීමට සමත් විය. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<