ශ්‍රී ලංකා ක්‍රිකට් බිමේ පෙරළිකාරයන් සහ කෝඩුකාරයන් තම බලය හා ජවය එකට එක්කොට සටන් වදින වෙළඳසේවා A කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි අවසන් මහා තරගය මේ ඉරිදා (29දා) කොළඹ 7, වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.
අවසන් මහා තරගය සඳහා ටීජේ ලංකා කණ්ඩායම සහ LB ෆිනෑන්ස් කණ්ඩායම සුදුසුකම් ලබා සිටී. ටීජේ ලංකා ක්‍රිකට් කණ්ඩායම ධම්මික ප්‍රසාද් විසින් මෙහෙයවනු ලබන අතර LB ෆිනෑන්ස් ක්‍රිකට් කණ්ඩායම ලක්ෂාන් රොද්‍රිගෝ විසින් මෙහෙයවනු ලැබේ.
වෙළඳසේවා ලීග් තරගාවලියේ දී මීට ප්‍රථම මුහුණට මුහුණ හමු වූ ඔවුන් අතුරින් එම තරගයේ දී ජය ගැනීමට ටීජේ ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ඒ කඩුලු 7කිනි. එකී තීරණයෙන් අනතුරුව මෙම කණ්ඩායම් දෙක දින 36කට පසුව නැවත හමුවෙන්නේ ශූරතාව තමන් සතු කර ගැනීමේ උපරිම සැලසුම් ද පෙරදැරිවයි.
සුපිරි පන්දු වාරයේ දී ජයගත් LB ෆිනෑන්ස් අවසන් තරගයට
ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගවලට පවා ඇල්මක් දක්වන සැබෑම ක්‍රීඩාලෝලීන්ගේ ඇස් අද දිනයේ (25) යොමු වී තිබුණේ 25 වැනි වරටත් සංවිධානය වූ වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ…
ටීජේ ලංකා ක්‍රිකට් කණ්ඩායම
ඇඟළුම් කර්මාන්තයේ ප්‍රමුඛ නාමයක් වන ටීජේ ලංකා සමාගම මෙවර වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරන කණ්ඩායම් අතුරින් එකම පිට පළාත් කණ්ඩායමයි.
“අපි 2006 වසරේ සිට වෙළඳසේවා ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනවා. වසරින් වසර දක්ෂතා දක්වමින් A කොටස දක්වා පැමිණි ගමනේ දී කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍රියාන් ද සිල්වා විජේරත්න මහතා, අලෙවි ප්‍රවර්ධන කළමනාකාර රොඩ්නි ආලන්ඩ් මහතා සහ නිෂ්පාදන කළමනාකාර පුබුදු ද සිල්වා මහතා සුවිශේෂී සහයෝගයක් දැක්වූවා සහ අදටත් දක්වනවා.


පෙර අර්ධ අවසන් පූර්ව වටයේ දී සම්පත් බැංකුව හා සමඟ තරගයත් අර්ධ අවසන් පූර්ව වටයේ දී කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම හා තරගයත් අතහැර දැමුණේ අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙනි.
ලීග් තරගාවලියේ පැවති තරග අතුරින් ටීජේ ලංකා ක්‍රීඩකයෝ කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක ජයග්‍රහණයක් ද, ඩිමෝ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක ජයග්‍රහණයක් ද සහ LB ෆිනෑන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක ජයග්‍රහණයක් ද ලෙස ජයග්‍රහණ 3ක් වාර්තා කළහ.

අනෙකුත් තරග සියල්ල අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අතහැර දැමුණු තරග ගොන්නට අයත් විය.
ටීජේ ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නියමුවා වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් වීමම හේතුවෙන් දෝ කණ්ඩායම වේගපන්දු යවන්නන් රැසකගෙන් සමන්විත ය. ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, කසුන් මධුශංක, උපුල් බණ්ඩාර සහ නිපුන කාරියවසම් වරින් වර කණ්ඩායමට පැමිණ වේගපන්දු යැවීමේ කාර්යයේ නිරත වූහ.
දඟපන්දු යවන්නන් සේ ලක්ෂාන් සඳකැන්, ජෙෆ්රි වැන්ඩර්සේ සහ චලන ද සිල්වා කණ්ඩායමට එක් ව සිටී.
වර්ෂාවේ කෙණෙහිලිකම් මැද කණ්ඩායම් 4ක් අර්ධ අවසන් පූර්ව වටයට
25 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් තෝරා ගැනීම සඳහා පැවැත්වුණු පිළිමළුන් පිටු…
නිමා වූ තරගවල දී සචිත්‍ර සේනානායක, මිලින්ද සිරිවර්ධන, චරිත් අසලංක සහ චලන ද සිල්වා තුන් ඉරියව් ක්‍රීඩකයන් සේ දක්ෂතා දැක්වූ අතර කිත්රුවන් විතානගේ, ශාලික කරුණානායක, සිතාර ගිම්හාන්, මිනෝද් භානුක, ඩිලාන් ජයලත් සහ විශාද් රන්දික පිතිකරුවන් සේ දක්ෂතා දැක්වූහ.
මේ සුසංයෝගයෙන් යුත් ටීජේ ලංකා කණ්ඩායම කෙරෙහි ප්‍රධාන පුහුණුකරු ප්‍රසන්න විශ්වනාත් මහතා දක්වන්නේ මෙවන් අදහසකි.
“කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ජාතික කණ්ඩායම් නියෝජනය කරමින් සිටින්නේ. නමුත් අපි ඉතා හොඳ සූදානමකින් අවසන් තරගයට මුහුණ දීමට සැලසුම් කරලයි තිබෙන්නේ. විශේෂයෙන්ම නායක ධම්මික ප්‍රසාද් සහ ලසිත් මාලිංග සුපුරුදු රිද්මයට පැමිණීම කණ්ඩායමට වගේම තරගාවලියටත් විශාල ආලෝකයක්. ඒ වගේම සුරංග ලක්මාල් ද අවසන් තරගයට බොහෝ විට එක් වේවි. අපේ හොඳ පිතිකරු ලැයිස්තුවක් වගේම දක්ෂ දඟපන්දු බලඇණියක් ද සිටිනවා. මෙම තරගාවලිය තමයි ලංකාවේ අංක එකේ තරගාවලිය. එහෙම තරගාවලියක අවසන් තරගය ඉතා සුපිරි මට්ටමේ තරගයක් සේ අපි බලාපොරොත්තු වෙනවා. ඊට අපි ඉතාම හොඳින් සූදානම් ව සිටිනවා.”
කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙසින් ට්‍රෙවිස් මැතිව්ස් මහතා කටයුතු කරයි.
ගොඩබිමක් සොයන බිඳී ගිය ක්‍රිකට් නෞකාව
අතිශය තීරණාත්මක ගමනකින් පසු ලෝක කුසලාන එක්දින තරගාවලිය නම් සාගරයෙන් නෙරපා සුදුසුකම් ලැබීමේ වටය නම් තටාකයට දමනු ලැබීමෙන් යන්තමින් ගැලවුණු ශ්‍රී ලංකා…
ටීජේ ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සංචිතය
ධම්මික ප්‍රසාද් (නායක) මිලින්ද සිරිවර්ධන, කිත්රුවන් විතානගේ, සචිත්‍ර සේනානායක, ශාලික කරුණානායක, සිතාර ගිම්හාන්, ඩිලාන් ජයලත්, චලන ද සිල්වා, ලසිත් මාලිංග, ලක්ෂාන් සඳකැන්, කසුන් මධුශංක, සුරංග ලක්මාල්, චරිත් අසලංක, නුවන් ප්‍රදීප්, ජෙෆ්රි වැන්ඩර්සේ, මිනෝද් භානුක, විශාද් රන්දික, නිපුන කාරියවසම්, නිලූෂාන් නෝනිස්, කෝසල ජයසේකර, නාලක අමරකෝන්, උපුල් බණ්ඩාර, රංගීත් පීරිස්, ප්‍රසන්න විශ්වජිත් (ප්‍රධාන පුහුණුකරු) ට්‍රෙවිස් මැතිව්ස් (සහාය පුහුණුකරු) සමන් අබේරත්න (කළමණාකරු)
LB ෆිනෑන්ස් ක්‍රිකට් කණ්ඩායම වෙළඳසේවා ක්‍රිකට් හා සම්බන්ධව සිටින්නේ දශකයකටත් අධික කාලයක සිටයි.


පෙර අර්ධ අවසන් පූර්ව වටයේ දී හේලීස් ලංකා සමාගම හා තරගයත් අර්ධ අවසන් පූර්ව වටයේ දී හැටන් නැෂනල් බැංකු කණ්ඩායම සමග තරගයත් පැවති අයහපත් කාලගුණ තත්ත්වය මත අතහැර දමන ලදි.

ඔවුන් ජෝන් කීල්ස් කණ්ඩායම වෙතින් කඩුලු 4ක පරාජයක් ද, කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම වෙතින් කඩුලු 5ක පරාජයක් ද සහ ටීජේ ලංකා කණ්ඩායම වෙතින් කඩුලු 7ක පරාජයක් ද ලැබූහ. අනෙකුත් තරග අතහැර දැමූ තරග අතරට එක් වුණි.
LB ෆිනෑන්ස් කණ්ඩායමේ නිමා වූ තරගවල දී ධනංජය ද සිල්වා, කණ්ඩායමේ කැපී පෙණෙන තුන් ඉරියව් ක්‍රීඩකයා වී සිටියේය. ඔහු මෙවර තරගාවලියේ රැස් කළ පළමු ශතකයේ හිමිකරුවා ද විය. ඊට අමතරව ඉසුරු උදාන සහ ඇන්ජලෝ පෙරේරා තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූවන්ගේ ගොන්නට ඇතුලත් වූහ.
25th Singer-MCA Knockout Tournament – S/F Highlights
The highlights of the two semi-finals played on 25th October in the 25th Singer-MCA Knockout Tournament.
කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කළ ක්‍රීඩකයන් ලෙසින් චරිත් සුදාරක, සධීර සමරවික්‍රම, සහන් ආරච්චිගේ, ෂෙහාන් ජයසූරිය, ප්‍රියමන්ත පෙරේරා, ලහිරු උදාර සහ ශිරාන් ප්‍රනාන්දු නම් කළ හැකි ය.

කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස සම්පත් ඈපාසිංහ මහතා කටයුතු කරයි.
LB ෆිනෑන්ස් ක්‍රිකට් කණ්ඩායමේ සංචිතය
ලක්ෂාන් රොද්‍රිගෝ (නායක), සහන් ආරච්චිගේ, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ පෙරේරා, රජීව වීරසිංහ, ප්‍රියමාල් පෙරේරා, චරිත් සුදාරක, ශිරාන් ප්‍රනාන්දු, අනුශ්ක පෙරේරා, ලහිරු උදාර, චතුරංග කුමාර, යශාන් සමරසිංහ, තනීෂ වීරකෝන්, සචින් දල්පදාදු, චමත් ගුණතිලක, ධනංජය ද සිල්වා, ශෂීන් ප්‍රනාන්දු, ඉසුරු උදාන, ෂෙහාන් ජයසූරිය, සධීර සමරවික්‍රම, ෆේබියන් ප්‍රනාන්දු, ඩිලන් රාමනායක (ප්‍රධාන පුහුණුකරු), සම්පත් ඈපාසිංහ (සහාය පුහුණුකරු), දිනාල් දඹරගේ (කළමනාකරු)

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න























